මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු හා අගමැති වී ජනාධිපතිවූ මහින්ද රාජපක්ෂ මහතා යළිත් මන්ත්‍රීවරයකු වීමට උත්සාහ කරන බවත් ඔහුගේ එම මානසිකත්වය වත්මන් ජනපති සඵල කිරීමට ඉඩ දෙන්නේ නම් ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදීමක් බව ලංකා හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ යළි බලයට ඒමට විරෝධය පළ කරමින් ‘ජනවරම පාවා නොදෙනු, මහින්දට යළි ඉඩ නොදෙමු!‘ යන තේමාවෙන් මරදානේ අද (8) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ප්‍රියන්ත එතකොට මහින්ද මැරුනට පස්සේ ඔය කියන ලංකාවට ආරක්ෂාවක් නැතිද ? ඕක තමයි කියන්නේ මුලින්ම තමන්ට තමන් විශ්වාසයක් තියෙන්නේ ඕනි කියල. මිනිස්සු නොමග යවන කතා කියන්න එපා. හිතන්න පොඩ්ඩක් මේ පාර මහින්ද එන්නේ රටට ආදරේ හින්දද ? නැහැ .. තමන්ගේ පවුල රැකගන්න. තවමත් මෝඩ යක්කු මේ රටේ ඉන්නවනේ . ඡන්දයක් සමග ආගමක් කවදාවත් පටලවා ගන්න එපා එහෙම කරන්නේ කොන්ද පන නැති කට්ටිය. (බ)
කරුණාකර ලෙඩ්ඩු ටික බලාගෙන ඉන්නකෝ! (නි)
රටත් ජාතියත් ආරක්ෂා කරගැනීමට මහින්ද අවශ්‍යයි (නදී)
ජනාධිපති තනතුරේ මෛත්‍රීපාල අතරමන් වෙලා ඉන්නේ (නදී)
මහින්දගේ මොකද්ද ඔය කියන බලේ ?අනිත් අයට රට ගැන කැක්කුමක් නැද්ද ?අපි ජනවාරි 10 සිදු කළ වෙනස අායෙත් ආපස්සට හරවන්න දෙන්නේ නැහැ ..අපිට හොරු එපා ....(බ)
අපි මේ දේවල් අහලා මේ කියන විදිහට වැඩකරමු එහෙනම් (නි)
මහජනතාව නිවැරදි තීරණය ගන්නාතෙක් ඉවසන්න (නි)
ඡන්දය දෙන්නේ මහජනතාව මිස වාසියට කහින කණ්ඩායම් නොවේ (ම)
මට නම් මේවා පෙනෙන්නේ හරසුන් සටන් පාඨ ලෙසයි (නි)
අපි මහින්ද ගැන බලාගන්නම්කෝ! (නි)
අනුන්ගේ දේවල් ගැන නොසොය සුව සේවාවක් හදන්නකෝ වර්ජන අතහැර දාලා. (ර)
මේ කසී කබල් සංවිධාන අටවාගෙන කාට හරි කඩේ යන ගමන් කියවන බහුබූත ගණන් ගන්නේ කවුද.මේ වගේ අවස්තාවක් ලැබුනාම සතුටු ඇති අන්න අපි පත්තරෙත් ඉන්නවෝ කියල.(නදී)
චන්ද්‍ර වීරසිංහ, මේ මහත්තයා කියන්නේ ලෙඩෙක් ගැන තමයි. මෙයා ආවාම එයාගේ ගෝලයොත් ලෙඩ වෙනවා, ලෙඩ දානවා. හුඟ දෙනෙකු ට හුනුපෝරනුවල වැඩ තියේවි (නදී)
දැක්කහම පේනවා මේ කට්ටියගේ තරම. (නදී)
ඔයාලා කියන දේවල් අපි කරන්නේ නැහැ. අහිංසක ලෙඩුන් නිකන් බොරුවට ප්‍රාණ ඇපයට අරගෙන ඉල්ලීම් ගන්න අයට අපි කොහොමත් අකමැතියි (නි)
දැන් කතා ඇති මහත්තයෝ (නි)
ජගත්, හිටපු ජනාධිපතිතුමාව ජනතාව ප්‍රතික්ෂේප කලේ ජනවාරි 8 වෙනිදා.හිටපු ජනපති උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු වීම ලැජ්ජාවට කරුණක් තමයි. ඇයි මේ එපා කියද්දීත් හිඟන්නෙ (ස)
ඔන්න දන් NGO කට්ටිය වැඩ පටන් අරගෙන . (ස)
ඇයි ඔයාලා මහින්ද එනවට බයද? (නි)
එයාලට තිබෙන ජන සහයෝගය කුමක්ද? (නි)
වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම්, මහින්ද ගැන ජනතාවට තීරණය කිරීමට ඉඩදීමයි. හිටපු ජනපති උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු වීම ලැජ්ජාවට කරුණක් වෙන්නේ කොහොමද කියා මට නොතේරේ. (නි)
මේ ජනවරම කියන්නේ කුමකටද? ජනපතිවරණයේදී ඡන්දය වැටුණු ආකාරය බැලූ විට පෙනීයන්නේ ඡන්දය දුන් රටාවේ ජාතිවාදී හා ආගම්වාදී ස්වරූපයයි. මෙය මහා මැතිවරණයකදී ඒ ලෙසම සිදුවීමට ඉඩක් තිබේද යන්න මොවුන් සිතා බැලිය යුතුය. ජනපතිවරණයෙන් පසුව සිදුව ඇති කරුණුත් ඡන්දදායකයන් සළකා බලනු ඇති. (නි)
ඔබ සියලු දෙනාම හොඳ සිංහලයෝ නම් ඡන්දය දිය යුත්තේ , රට ජාතිය ,ආගම බේර ගන්නට පුළුවන් විජාතිකයන්ට කඩේ යන්නේ නැති පක්ෂයකට. පුද්ගලයාට නෙමෙයි.(ම)
මේ ජරා දේශපාලනය ගැන මහා කළකිරීමක් තියෙන්නේ. අද කියන දේ හෙට වෙනස් වෙනවා. (නි)
මමත් ඔබගේ අදහස අනුමත කරමි (නි)
මහින්ද හොරකම් කරලා නම් මොකද මේ බයවෙලා?ඡන්දෙට එන්න දීලා පරද්දන්නකෝ .... (නි)
දුෂ්මන්ති, රනිල් ව 29 පාරක් මිනිස්සු පරද්දුව නේද, UNP නායක කමින් එලව ගන්න බැරුව හිටිය නේද , මෛත්‍රී ගේ පිටේ එල්ලිලා අගමැති උනා නේද , ඔයාට ඒවා ලජ්ජා වෙන්න ඕන දේවල් විදියට පෙන්නේ නැද්ද?? අඩුගානේ මහින්දට පින් සිද්ද වෙන්න අපි බෝම්බයකින් මැරෙන්නේ නැතිව අද ජීවත් වෙනවා. (ස)
මේ අය මොනවද මේ කියන්නේ? මොනවද ඉල්ලන්නේ? (නි)
අපේ රටේ ඉන්නේ මොන තරම් මෝඩ දේශපාලකයන් හා වෘත්තීය සමිති නියෝජිතයින් දැයි හිතන කොට හරිම සංවේග ජනකයි. ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්ම වල අයිතිවාසිකම් කිසිවක් ගැන අබ ඇටයක තරම් දැනුමක් මේ අයට නැතිව කොහොමද මේ වගේ ප්‍රකාශ කරන්නේ මේ අය. මහින්දට ඉල්ලන්න හෝ නොඉල්ලන්න අයිතිය තියනවා. ඊට ඉඩදීම හෝ නොදීම ඔවුන්ගේ පක්ෂය සතු කරුණක්. මේ අයට මෙහි ඉතිහාසය මතක නැහැ. චන්ද්‍රිකා පැනල ගියා ලන්ඩනයට ගිහින් ඔහේ හිටියා කාලෙක. පස්සේ ඔන්න පක්ෂයක් අටෝගෙන විජයගේ මරණයත් එක්ක ආපහු දමලා ගියපු පක්ෂයට ආවා. දැන් සේරම අමතකයි. මතකද ඒ කාලෙ චන්ද්‍රලේකට, රූකාන්තට කරපුවා. අනෝමාට කරපුවා, පත්තර කාරයන්ට කරපුවා ලීවොත් සේරම පත්තර ගානක් ලියන්න වේවි. දේශපාලනය කියන්නේ මඩ ලෝකයක් කවුරුත් සුදනෝ කියපු කරපු දේවල් අම්තක වෙනවා මොහොතකින්. පිටරටවල මේ විගඩම් නැහැ. විකාර එපා ඕන සුදනෙක් තෝරාගන්නේ ජනතාවයි ගෙදර යවන්නෙත් ඒ විදියට මයි. (නදී)
ඔබලාගේ ඉල්ලීම හරි මැර බලයට ඉඩ නොතබනු (නදී)
ඒ ගැන ජනතාව බලාගනීවිනේ! (නි)
ඔබ ලබාගන්නා පඩියට සාධාරණ සේවයක් කරන්නේදැයි පළමුව සිතා බලන්න (නි)
වැඩවර්ජනයක් කරමුද මේකවත් ඉස්සරහට අරගෙන? එච්චර තමයි ඉතින් කරන්න දන්නේ. (නි)
බුදු අම්මෝ! ලංකාවේ තියෙන සංගම්? ඉන්න උදවිය දැක්කහම හිතෙනවා ලොකු බලවේගයක් කියලා (නි)
අපි තාමත් සිතනවා,මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමා පුන පුනා කිවු ඒ දේවල් අමතක නොකරයි කියා. නමුත් එසේ නොවුණහොත් ,මුළු ශ්‍රී ලාංකීය ජාතියම පාවාදීමක් ලේසි අපි සලකන්නේ.(ම)
මෙයාලා කොහොමද මහින්ද මහත්තයාට එන්න එපා කියන්නේ? මහින්ද මහත්තයා එන්නේ හංසයාගෙන්වත් යු එන් පි එකෙන්වත් නෙමෙයි.සන්ධානෙන්. මහින්ද මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ ලක්ෂ 58ක ජනමතයක් හිමි එතුමාගේ උරුමයෙන් (නි)
රහ දන්නා කෙනා මොන විදිහෙන් හරි කන්නයි බලන්නේ. සම්ප්‍රදාය ලැජ්ජාව කියන ඒවා එයාට වැඩක් නැහැ (නි)
අපිට දැන් කෝකත් එකයි (නි)
මෙයාල කවුද ? (නදී)
මානව අයිතීන් සුරකිමින් මඩ දේශපාලනය අත් හරිමු. (බ)
මේවත් වැඩද ? (නදී)
නඩේ බයවෙලා තියන තරම (නදී)
මහින්දභීතිකාව නම් වූ රෝගයෙන් පෙලෙනවුන්ට අවශ්‍ය එන්නත ගුවන් මගින් ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ඊයේ රාත්‍රී මට හීනෙන් පැවසුවේය .(ස)
අර කවුද අප්පා සර්ට් එකේ බොත්තම ඇරගෙන ඉන්න මහත්තයා.(ස)
මහින්දගේ නම මතක්කරනකොට බය වෙන්නේ පහුගිය කාලේ කරපු දේවල් ආයේ සිද්ද වේවි කියල.කොහොමත් අපි රීරි යකාට බයනෑ.(ස)
අපිට තවත් කතා එපා (නි)
ඔබතුමන්ලා සැවොම ඡන්දදායකයා කෙරෙහි විශ්වාසය තබන්න. ඔවුන් තීරණය කරාවි කවුරුන් පත්කරන්නේද යන වග (නි)
මෙයාලා කව්ද ඇත්තටම? ආ අර යුද පෙරමුනේ රට වෙනුවෙන් සටන් කරපු අය ද? (ස)
අපි මහන්සි වෙලා වැඩක් නැහැ. සිද්ධවෙන්නේ ඒකමයි. (නි)
මේ දාල තියෙන අදහස් ටික බැලුවහම පේනවා අපේ රටේ ඉන්නේ මොන තරම් අඳ බාල ජනතාවක්ද කියන එක. එ්කයි මේ අයට තියෙන බය. මොකද ප්‍රභාකරන් කිව්වා වගේ අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ සුමානයක් විතරයි. නැත්නම් මෙච්චර රට අගාදයකට දාල ඩොලර් මිලියන ගණනින් යටි මඩි ගහපු මිනිහව තාමත් රජා කියල පිලිගනිවිය. (ස)
ඒක නිසා තමයි පුරවැසියෝ නිවැරදි දේ ඉල්ලන්නේ, රටේ දියුණුවට ආරක්ෂාවට (නි)
මේ මැතිවරණයේදී සිංහල ඡන්ද දෙකට බෙදන්න එපා. මම මගේ යුතුකම ඉටුකරනවා. ඔබත් සැබෑ සිංහල ජාතිකයෙකු නම් රටට ආදරේ නම් එජාපයට පමණක් ඡන්දය ලබාදෙන්න කියලා ඉල්ලනවා. (නි)
අපි බය මහින්ද එනවට නොවෙයි. මහින්දත් එක්කම රට තුලට ගලා ගෙන එන දේවල්වලට. මහින්ද දිගටම හිටිය නම් බලන්න තිබුන තව වසර කිහිපයකින් ලංකාවට වෙන දේ.(අ)
කොච්චර අපි දෙපැත්ත බෙදිලා ගහ ගත්තත් එයාලා අන්තිමට එකතු වෙලා. ජනාදිපති ඡන්දේ කාලේ දෙපැත්තක හිටිය කට්ටිය දැන් එකතු වෙලා. (ම)
දැන් ඇති. ගිහින් අසරණ රෝගීන්ට පිහිට වෙන්න. ඒක ඔබලාගේ යුතුකමක් (නි)
මනෝ මහත්තයෝ,ඔබතුමාගේ බය තේරෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ.මහින්ද මහත්තයාව තාමත් රජා කියලා මිනිස්සු පිළිගන්නවා නම්.... මිලියන ගණන් ගහනකොට ඔබතුමා බලාගෙන හිටියට රටේ අනිත් මිනිස්සු බලා ඉඳලා නැහැ.ඒ මිනිස්සු දැක්කේ ත්‍රස්තවාදී තර්ජනයෙන් තොර මර බිය නැති හෙටක් ගැන හිතන්න පුළුවන් දරුවන්ට අනාගතයක් උරුම දිනෙන් දින සංවර්ධනය වන රටක්.නැතුව අගාධයකට ගිය රටක් නෙමෙයි. (නි)
කොහොම උනත් එක දෙයක් මතක් කරන්න කැමතියි ..ඒ දවස්වල කිව වගේ ඡන්දෙ දුන් නුදුන් හැම එකාම තම තමුන්ගේ ආරක්ෂාව බලාගත්තොත් තමා ඇඟට ගුණ ...මොකද මේ උන් ඔක්කොම එකතු වේවි ....අපි ඇනකොටා ගනීවි (ස)
ළඟ එන මැතිවරණයට ඒමට සැදීපැහැදී ඉන්න මහින්දට එරෙහිව රට තුළ මෙතරම් විරුද්ධත්වයක් පැනනැඟී තිබෙද්දිත්, ඔහුට නාමයෝජනා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ? (නි)
ලක්ෂ 62 මිනිසුන්ගේ ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය "මහින්ද" ආපහු පාර්ලිමේන්තුවට එන්න හදන්නේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්නද? කවදාවත් නැහැ.කට්ටිය මතක තියාගන්න.....ඒක කවදාවත් ආපහු වෙන්න අපි ඉඩදෙන්නේ නැහැ. අපි මැරිලා ඉපදුන මිනිස්සු නෙමෙයි. අවුරුදු 10 ක් තිස්සේ මේ රටේ මොකක්ද වුණේ? පහුගිය මාස 3 නේ මොකක්ද වුණේ? මේ දෙක අපිට හොඳට තේරෙනවා. ජනවාරි 08 වෙනිදා කරපු විප්ලවයට වඩා දෙගුණයක් හොඳ විදියට අපි අගෝස්තු 17 වෙනිදා කරලා පෙන්වනවා. (නි)
කවුද බලමු මේ කට්ටිය? (නි)
ඔය කියන ජනවරම අනුව එහෙමනම් මේ ඡන්දෙනුත් හිටපු ජනාධිපතිතුමාව අනිවාර්යෙන්ම ජනතාව නැවත වතාවක් ප්‍රතික්ෂේප කරයිනේ. එතකොට ඇයි මේ අය කලබලවෙලා? එයාලගේ මතය අනුව එයාලට ඕනෑ එපා අයව පමණක් පත්කරන්න අපේ මතයට බලපෑම් කරන්නේ? ඇත්ත ජනවරම නැති කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි නේද? (නි)
මහින්දගේ නම අහනකොට සමහරුන්ගේ කකුල් වෙව්ලනවා. (නි)
මේ සේරටම එක උත්තරයක් දෙන්නම්. ඔබලාට රටක් ජාතියක් හරිම ආගමක් තියනම් සිංහලයට තියන එකම රට ලංකාව විතරක් බව දන්නවනම් තමන්ට දරුවෝ ඉන්නවනම් මතු අනාගතයක් ගැන හිතනවානම් නැවත මහින්ද මහතා ගෙනත් රටේ ජනතාවගේ ආගමේ ආරක්ෂාව හදාගමු. ඒකට ඔබලා සමග එකතු වන්න පක්ෂ පාට බලන්න එපා. අනුන්ගේ ඩොලර් වලට බොරුවට කෑගහන්න එපා. (ස)
මහින්ද මහතා ගැන මිනිසුන් තුළ ඇති විශ්වාසය කවදාවත් නැතිවෙන්නේ නැහැ (නි)