‘ජාතිවාදී ආගම්වාදී උගුලකට නැවත අහු නොවෙමු‘. යන තේමාව මුල් කර ගනිමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාවක් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
අලුත්ගම, ධර්ගා ටවුන් වැනි ප්‍රදේශවල ගැටුම්වලින් පසුව මහා සංඝරත්නයද, ඉස්ලාම් පුජක වරුන්ද මීට එක්වුහ. ජාතින් අතර සමගිය ගොඩනැවීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමත් මෙහි අරමුණ වු අතර සිවිල් සංවිධාන සාමාජික සාමාජිකයන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ස්වාමින් වහන්සේලා සමග ඉස්ලාම් පුජක වරුන්ද එකට එක්ව ජාතික සමගිය ගැන ලියු පුවරු ප්‍රදර්ශනය කරන අයුරු ද දැකගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදා අපි එක මවකගේ දරුවන් ලෙස ජීවත්වෙමු (නි)
ලංකාව පුංචි රටක්. සම්පත් සීමාසහිතයි. මිනිස්සු වැඩි වුණා කියලා ඉඩම් වැඩිවන්නේ නැහැ. මෙරට කාටත් අයිතියි (නි)
කාලෝචිතයි නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න හොද නැහැ (දී)
ඉතා වටිනවා (දී)
ජාතිවාදයට එරෙහි වෙමු (නදී)
මෙවන් ව්‍යාපාර තවතවත් බිහිවී රටේ සාමය සුරකීවා (නදී)
අපේ රටේ බොදු ගී ගායනය මුල් කාලයේ සිට කළේ මුස්ලිම්වරුන්. නිදහස් සටනට එක් වූ නායකයින් අතර පෙළ ගැසුණේ මුස්ලිම්වරුන්. ඒ ජාතික සමගිය අපට නුහුරු දෙයක් නොවෙයි. අද ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පිරිස් ලෝකය පුරා වපුරන ජාතිවාදී බීජය අන්තවාදී සහ ආගම්වාදී පිරිස් තුළට කවා මෙවන් අරගල ඇති කර ඒවා මැඩ පැවැත්වීම යන අදහස ඉදිරියට දමා ඒ මුවාවෙන් රට තුලට අැතුල්විම කරන බව මෑත අතීතයේ ලෝකය දෙස බලද්දී පැහැදිලිවෙනවා. ඒ වගේම සුවිශේෂ ගුවන් යානා යොදවා රට තුළ ඇති වැදගත් තැන් වලට පහර දීමද කරනවා. මෙවන් තත්වයට දැනට රටවල් හත අටක්ම ගොදුරුවී තිබෙනවා. අපේ රටත් එවන් අරාජික තත්වයට දැන හෝ නොදැන පත් කරනවාද යන්න අපි අපිම ස්වයං විවේචනයකින් සිතා කිරා මැන බැලිය යුතුයි. අපේ සුළු වැරදීම අපටම කරගන්නා බරපතල විනාශයක් වනු ඇත. නැවත මේ වැන්නක් නො වන්නට මව් බිමේ නාමයෙන් අපි කටයුතු කරමු. (නදී)
බොහොම හොඳ ක්‍රියාවක් (නි)
අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් සැප ගන්නා උදවියට මේවගේ යහපත් සමාජයක් දකිනකොට වහ කදුරු වගේ ඇති (දී)
ප්‍රවේශමෙන් හාමුදුරුවනේ, වටරැක විජිත හිමියන්ට වෙලා තිබෙන දේ දන්නවා නේ ජාතික සමගිය ඇති කරන්න ගිහින්. (ස)
ශ්‍රී ලාංකිකයෝ විදියට එකම රටක ජීවත්වෙන අපිව රජයේ ඉන්න ඔලුව පාවිච්චි කරන්න දන්නේ නැති අය නිසා ජාති වලට ආගම් වලට උත්පත්තියේ ඉදලම බෙදිලා. දැන් සමගි වෙන්නලු. මේක අපේ උප්පැන්න සහතිකයෙන් මුලින්ම වෙනස් කලයුතු දෙයක්. ජාතිය කියන තැනට ශ්‍රී ලංකාව දැම්මා නම් මේ බෙදීම අඩුයි. අනික උපතින් නෙමෙයි කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. ඒ නිසා උප්පැන්නයට ආගම අවශ්‍යත් නැහැ.(නදී)
හරිම කණගාටුදායක සිදුවීමක් තමයි වුණේ. මේ සුන්දර රට නැවතත් නාස්ති කරන්න නම් එපා. (නි)
අපි ඔක්කොම මිනිස්සු. සිංහල මුස්ලිම් මිනිස්සු අතර වෛරයක් නෑ. මගේ හොදම යාළුවා සිංහල. පාසලේ එක බත් මුල බෙදාගෙන කෑවේ. කිසිම බලවේගයකට අපේ යාළුකම බිදින්න බෑ (නදී)
ලොකුම ප්‍රශ්නය තමයි මේ එක එක විදියේ සංවිදාන. "සම අයිතිය ව්‍යාපාරය" මේ හැම සන්විදානයකටම යටි අරමුණක් තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා (නදී)
අනේ සමාවෙලා මුහුදු මහා විහාරෙට යන්න පාර ඉඩ දෙන්න. (නදී)
බොදු බල සේනාවෙන් දැන් මේ හාමුදුරු වරුන්ගේ පන්සල් වට කරයිද දන්නේ නෑ.. පරිස්සම් වෙමු අපේ හාමුදුරුවනේ... (ස)
ඔහොම සමගියෙන් ඉන්නවා නම් මොනා කරන්න බැරිද අපට. (නදී)
විය යුතු නිවැරදිම දේනම් මෙයයි.ආගම් වලට මුවා වෙලා නැවත අපේ රටේ යුද්ධයක් ඇති කර ගන්නවට වඩා අපි සිංහල දෙමළ මුස්ලිම් මේ ජාතින් සහයෝගයෙන් සිටිමයි සිදු විය යුතුම දෙයනම්.ලෝකයට පෙන්විය යුතුයි අපේ එකමුතුකම.(අ)
කාලෝචිත ක්‍රියාවක් (නදී)
ඔඩු දුවන්න කලින් සුව කරන්න (දී)
ගමේ එකට ජීවත්වෙන මිනිසුන්ට රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ (නි)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්න බැරිද ? (නදී)
ඉතා වටිනවා මේ වෙලාවේ, මෙවන් දේවල් (නි)
උගත්, බුද්ධිමත් ඒ සියල්ලටම වැඩිය ශීලාචාර,මිනිස්කමට ගරුකරන උතුම් ශ්‍රී ලාංකිකයින් කොටසක්. ඔබ සැමදා දෙවියන් රකිත්වා! (නි)
ජය වේවා! බොහොම හොඳ වැඩක් (නි)
සිහල දෙමල මුස්ලිම් නැහැ රුදිරයෙහි වෙනසක්. එකම ලේයි සැමගේ සිරුරේ, එක මවකගේ දු දරුවෝ, එක් වෙමු ජයගමු එක්සත් වී. (නදී)
ගොඩක් ලස්සන වැඩක්. (නි)
ගිහාන් ඔබට ටිකක් වැරදිලා. මොහිදීන් බෙග් මහත්මා සහ එතුමාගේ පුතා එහෙම කලාට හැමෝම එහෙම නැහැ. ඉතාමත් හොඳ මුස්ලිම් සහ දෙමල මහත්ම මහත්මීන් සිටින බව මම දන්නවා. නමුත් ජාතිවාදීන් පිරිසකුත් සිටිනවා (නදී) .
අපි ඔක්කොම මිනිස්සු ජීවිතේට ආදරය කරන. අපි ඉපදෙනකොට අපි දෙමාපියෝ ,කුලය, දේශය තේරුවේ නැහැ.(දී)
හැම දහමකින්ම උගන්වන්නේ අවිහිංසාවාදයයි. (නි)
හාමුදුරුවනේ, මොනවා කළත් ප්‍රවේශමෙන් (නි)
අපිට හරිම සතුටුයි හාමුදුරුවනේ (නි)
සැමදා අපි සැම සමගියෙන් සිටිමු (නි)
ජයවේවා! සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් වේවා! (නි)
මේ සියලු ගැටුම් වලට එකම හේතුව සැකයයි. (නි)
හිතට ලොකු හැඟීමක් එනවා මෙහෙම එකට එක්වෙලා ඉන්නවා පෙනෙනකොට (නි)