(කේ බුද්ධික කුමාරසිරි)

ජනවාරි මාසයේදී වැට් බද්ද ඉහළ නැංවීමට කටයුතු කළ ද , එය විදුලි බිල ඇතුළු අංශ කිහිපයනට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය ආමත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලෝක බැංකු එකඟතාවලට අනුකූලව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බදු සංඝෝධනය කළද එය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණයි.

කෙසේ වෙතත් බදු ජාලය පුළුල් විධිමත් කිරීමෙන් අනතුරුව ජනතාවට ඉන් සහනයක් ලබාදීමට හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.