මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ නඩුවකින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිසක් නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකාර ඥානසාර හිමි ඇතුළු පිරිසට ලබන වසරේ ජනවාරි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් අද (28 ) නොතීසි නිකුත් කළේය.
මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැදැවිණි.
මාලබේ තලාහේන කල්වරි පල්ලියට අලාභ හානි සිදු කිරීම, පුද්ගලයින් දෙදෙනෙකුගේ රත්‍රන් මාල සොරකම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ නඩුවකින් 2014 අප්‍රේල් දෙවැනි දා වගඋත්තරකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබුහ.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලියට ගිහින් හාමුදුරුවෝ මාල කඩනවද වැරද්දක් දානකොට ගැලපෙන එකක් දැම්මනම් හරිනේ එකෙන්ම තේරෙනවා මුන් උන්ට ඕනේ ඒවත් දාල කියල ඔක්කොම කුණු බේරේ වැවට කියලා අපේ හාමුදුරුවෝ කරන කරන ඒවා ඔක්කොම වැරදි මෙවුන්ට... (බ)
නීතිය පුද්ගලයාගේ අදින වස්ත්‍රය, කුලය, ආගම, පෙළපත, වංශය, ගිහිද, පැවිදීද කියල ඒ අනුව තීරණය වෙනවනම් එය ජාතියේ මෙන්ම නීතියේ ද මළගමක ආරම්භය සනිටුහන් වනු ඇති. එම නිසා වැරද්ද කළ අය කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද දඩුවම් දිය යුතුයි (බ)
අද ජාතියට එල්ල වන්නේ, 1818 කැරැල්ලට පසු එල්ලවන දරුණුතම ප්‍රහාරයයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ මහා බැංකුව ඇතුළු මර්මස්ථාන ත්‍රස්තවාදී ආධාරකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ. රණවිරුවන් විත්ති කුඩුවට නංවා චයරුප ගෙන විනෝද වීම ඇතැමුන්ට පුරුද්දක් වී ඇතැයි ජනපතිම කියයි. මහා සංඝරත්නයට එරෙහිව රටේ නීතිපති අභියාචනා අධිකරණයට යයි.(බ)
නීතිපති තුමා මෑතකදී පෙර නඩු වලින් නිදහස් වූ හමුදා භටයන්ට විරුද්ධව නැවත නඩු පවරා තිබෙන බව පුවත්පත්වල සදහන් ව තිබුනා . දැන් මේ හිමි නමට විරුද්ධව නැවත නඩු පවරා තිබෙනවා . ඉදිරියට පෙනී යන ආකාරයට රටේ හමුදාවන් නිදොස් වූ වෙනත් නඩු තිබේනම් ඒවාටද නැවත නඩු කැඳවීම් ලැබේ යයි මා සිතනවා .එසේම සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම මේ ඉරණම අත්වෙයි (බ)
මේ වරදට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් තව තවත් ඔය දේවල් කරයි. නීතිපති ගත් තීරණය අගය කරනවා. (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
කිසිම දෙයකට බයවෙන්න එපා අපේ හාමුදුරුවනේ. අපි පොළියත් එක්කම ගමු. (නි)
ඔන්න ලංකාවේ හැටි. මේ හාමුදුරුවෝ නිදහස් කරන්න. මේක බෞද්ධ රටක්. (නි)
ලංකාව බෞද්ධ රටක්. නමුත් යම්කිසි හාමුදුරු කෙනෙක් සිවුරට අකැප වැඩ කළොත් ඒ අය රටේ නීතියටත් විනය කර්ම වලටත් අදාළ දඩුවම් වලට සුදුසුද කියා විමර්ශන කිරීමට උසාවියකට කැඳවන්නේ නැතුව වෙන කොහාට කැඳවන්නටද කියන්නේ? (නි)
සාරා, අහමඩ් වැරැද්ද ඇස් දෙකෙන් දැක්කා වගේනේ කියන්නේ. හාමුදුරුවන්ව නිදොස්කොට නිදහස් කළා කියන එක දැක්කේ නැද්ද. හැම ජාතියම තමන්ගේ ජාතියට ආදරය කරනවා. එ්ත් අපේ සමහර සිංහල අය අනුන්නටම තමා කත් අදින්නේ. ලැජ්ජා නැද්ද (නි)
චීවරයක් ඇඟේ දාගත් පලියට බෞද්ධ භික්ෂුවක් වෙන්නේ නැහැ. (නි)
රත්‍රන් මාල හොරකම් කරලා නිදොස්කොට නිදහස් කර දේශපාලනයේ ඉහළටම නැගි මිනිස්සු ඉන්න රටක චීවරයකට වුණත් මුවාවී බොහෝ දේවල් කරන්න පුළුවන් බව පැහැදිලි වී හමාරයි (නි)
රටේ නීතිය සැමට සාධාරණව ඉෂ්ට නොකරන විට....සිංහල බෞද්ධ ලේ කකියන එක වළක්වන්න බැහැ..... (ම)