ශ්රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්තාවට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් විවිධ ප්‍රතිසන්ධාන කටයුතු සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ වලට අනුකූලව ඒ ඒ අමාත්‍යාංශ යටතේ එම දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොලොන්නේ මහත්මිය පැවසුවාය .
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යාංශ ප්‍රකාශිකාව මෙසේ කීවාය.
ඒ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල පදංචිකරුවන් සතු ඉඩම් යළි ලබා දීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ලාංකික ඩයස්පෝරා ප්‍රජාව සමඟ විශ්වසනීය සම්බන්ධතා පවත්වා ඔවුනගේ සහාය රටේ ප්‍රතිසන්ධාන කටයුතු වලට දායක කර ගැනීම සිදුකරන බවද මහීෂිනි කොළොන්නේ මහත්මිය වැඩිදුරටත් කීවාය.
පසුගිය රජය යටතේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම,18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා දිගින් දිගටම මානව අයිතීන් උල්ලංඝනය වීම ආදි සියලු අර්බුද හඳුනාගැනීම වත්මන් රජය මේවනවිටත් සිදුකරන බවද ඇය කියා සිටියාය.
එම අර්බුද වලට පිළිතුරු සපයා ගනිමින් දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ රටේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය ගැන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය .
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්තාවට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය මේවනවිට අමාත්‍යාංශ මට්ටමින් විවිධ ප්‍රතිසන්ධාන කටයුතු සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ වලට අනුකූලව ඒ ඒ අමාත්‍යාංශ යටතේ එම දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොලොන්නේ මහත්මිය පැවසුවාය .
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යාංශ ප්‍රකාශිකාව මෙසේ කීවාය.
ඒ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල පදංචිකරුවන් සතු ඉඩම් යළි ලබා දීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ලාංකික ඩයස්පෝරා ප්‍රජාව සමඟ විශ්වසනීය සම්බන්ධතා පවත්වා ඔවුනගේ සහාය රටේ ප්‍රතිසන්ධාන කටයුතු වලට දායක කර ගැනීම සිදුකරන බවද මහීෂිනි කොළොන්නේ මහත්මිය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ ලියනගේ, හොඳම වැඩේ ඔයා රටවල් කීපයකට ගිහිල්ලා බලන්න වෙනස. නුවන් කිව්වා වගේ තව ගොඩක් දේවල් තියෙනවා. අන්තර්ජාලයෙන්ම ඔක්කොම දැනගන්න බැහැ. (නි)
නැවත සැරයක් ජිනීවා ගොස් වැඩ වරද්දා ගන්න කලින් සොයා බලා සුදුසු පුද්ගලයින් ලංකාව නියෝජනය කරන්න සුදානම් කළයුතුයි. තව දුරටත් විසුක දස්සන බල බලා ඉන්න තැලුණ පොඩිවුණ ජනතාව කැමති නැහැ. (නි)
එතකොට ඔය ඇමෙරිකාවේ සුපිරි ප්‍රජාත්‍රන්තවාදය හැමෝටම බලපාන්නේ නැද්ද? ඊශ්‍රායලය ගාසා තීරයේ දාස් ගණන් අහිංසක මිනිස්සු සහ පොඩි ළමයි මරනකොට ඒ ගැන ඇමෙරිකාව මානව හිමිකම් සුරකින යෝජනා ගොඩක් ගෙනල්ලා ඇති නේද? අඩුම ගානේ වෙන රටවල් ඒ ගැන ගෙනෙන යෝජනා ඡන්ද බලය පාවිච්චි කරලා ප්‍රතික්‍ෂේප කරන්නේ එහෙම නැතුව ඇති නේද? (නි)
මේකට කරන්න ඕනෑ පහුගිය කාලයේ උතුරේ හා දකුණේ ජනතාවගේ අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් සොයා දඬුවම් දීමයි. මේ කිහිපදෙනාගේ අපරාධ වලට රටේම නම කළු වෙන්න දෙන්න ඕනෑ නැහැ (නි)
පහුගිය රජය කාලේ චීනය, රුසියාව, උගන්ඩාව, ස්වාසිලන්තය වැනි ඒකාධිපති රටවල් එක්ක එකතුවෙලා ලෝකයේ දියුණු රටවල් එක්ක හැපෙන්න හදාපු එක...නමුත් මේ ජිනීවා යෝජනා කියවලා බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා මේවා ක්‍රියාත්මක කළොත් රටට වෙන්නේ හොඳක් විත්තිය.අපි ඉන්න ඕනෑ ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය, ඉන්දියාව වැනි දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල් සමඟයි.ඒ රටවල් කියන විදිහට අපි අපේ මානව හිමිකම් ආරක්ෂා කළයුතුයි. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය සාපේක්ෂ දෙයක්නේ,ලෝකේ කොහෙවත් සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.(ම)
නාමල්, ඔය කියන දියුණු රටවල් බාගයක්ම චීනයට ණයවෙලා ඉන්නේ. (නි)
විජයබාහු, තමන්ගේ නමටත් ලැජ්ජයි. ඔය වගේ මෝඩ අදහස් දාන්නේ නැතුව වැදගත් දෙයක් ලියන්න (නි)
රට ගැන හිතන්නේ නැතුවාද? (නි)
අපේ රටේ ජනතාව බුරුතු පිටින් බස් වල කෝච්චියේ මහ පාරේ බෝම්බ වලට මිය ඇදෙන විට එදා ජනතාවට ඕනේ වුනේ එය අවසාන කර නොමැර ඉන්න. (හේ)
නාමල් හරී.(හේ)
මට හිතෙන්නේ.. නාමල් හරි..මොකද අපි සංවර්ධනය වෙන රටක් එක නිසා අපිට බහේ රටවල් එක්ක හැප්පෙන්න.. අපිට සම්බාදක දැම්මොත් ඔය කියවන එකෙක්වත් එන්නේ නැහැ. එක නිසා හැම රටක්ම කියන දේවල් එකතු කරගෙන..ඒවගෙන් උදව් අරගෙන එකමුතු කමින් ප්‍රශ්න විසදගන්න ඕනේ...රටවල් තරහ කරගෙන ඕව කරන්න බැහැ.... (ම)
මම මේ කියන්නේ නාමල්ට,උපාලි හා ජගත්ට ඔයකියන ප්‍රජාතන්ත්‍රවාදය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර තුළ නොමැත.එය සනාථ කරන්න ඕනෑතරම් තොරතුරු මාධ්‍ය ජාලා ඔස්සේ ලබාගත හැකිය. එනිසා දැන්වත් ඔය දු පත් මානසික තත්වයෙන් මිදෙන්න බලන්න. එය අඩුම තරමේ තමන්ගේ දු පුතුන්ටවත් කරන යහපතකි. (නි)
අපේ නිෂ්පාදන ගන්නේ යුරෝපීය රටවල්. ආර්ථික සම්බාධක වැටුනොත් මිලියන බිලියන ගණන් බැංකු වල තියෙන අයටත්, පිටරටවල් වල පදිංචියට යන්න පුලුවන් අයටත් එච්චර රිදෙන එකක් නැහැ. ඇඟලුම් අරින්න බැරිකොට අසරණ ගෑනු ලමයින්ට වෙන්නෙ මැද පෙරදිග යන්න හරි ගනිකා වෘත්තියට යන්න. ඉරානයට දැම්ම වගේ බැංකු ගනුදෙනු තහංචි දැම්මම මැද පෙරදිග කඹුරන අයගෙ සල්ලි ටික වත් රටට ගෙන්න ගන්න ලැබෙන්නේ නැහැ. රස්සා නැතිවෙන තරුණයන්ට වෙන්නෙ ගෙවල් බිඳින්න. ලොකු ලොකු කට්ටියට ඔය පට්ට ගහන ඇමෙරිකාව වගේ රටවල පුරවැසිකම් තියෙනවානෙ. (බ)
ලියනගේ මහත්තයෝ,රැවටෙන්න එපා. එයාලම කියනවා. ඒක හරි කියලත් එයාලම කියනවා. (නි)
"පිවිතුරු යහපාල", ඔයා හරියටම තේරුම් ගත්තා , කට්ටිය එකට එකතුවෙලා අදහස් දාන බව . ඔය එකම කණ්ඩායමක් දවසේ පඩියට වැඩ කරන(අ)
ලියනගේ මහත්තයෝ..රැවටෙන්න එපා..ඔය එයාලගේ ස්වාධින අදහස් නෙමෙයි..යම් කොන්ත්‍රාත්තු ඉටු කරන්නන් පිරිසක් යහපාලනය වෙනුවෙන් සුදු හුණු ගෑමට දරන උත්සහයක් පමණයි.නැත්නම් කවුද නාමල් හරි කියන්නේ...එයාල කියනවා.. එ්ක හරි කියලත් එයාලම කියනවා..ඔය එෆ් බි තියරිය දැන් මේ තීරුවේ බහුලව ක්‍රියාත්මක වෙනවා.. (බ)
ලියනගේ මහත්තයෝ මම අවුරුදු ගානක් ඉන්නේ ඇමරිකාවේ.. මෙහේ නම් ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම තියෙනවා.. පොලිස් නිලධාරියෙක් මිනිහෙකුට කථාකරන්නත් ඕනෑ 'සර්' කියලා... මෙහේ පත්තරවල ආන්ඩු විවේචනය කරන විදිහට ලංකාවෙ පහුගිය ආන්ඩුව කාලෙ වගේනම් සුදුවෑන් වල යවලා.. ඔබ ගාල්ලේ ඉදන් හිතාන ඉන්න බටහිර වෙන කොහේ හරි තියෙන එක්ක වෙන්නැති (බ)
බැලුවහම ඔක්කොම ඇමරිකාවෙනේ. ඒක තමයි කට්ටිය සුදු වෑන් ගැනම කතාකරන්නේ.ආණ්ඩුව විවේචනය කරලා සුදු වෑන් වල ගිය කෙනෙක්ගේ නමක් කියන්නකෝ මහත්තයෝ ආසාවට දැනගන්න.අපි නම් දන්නේ මොන වෑන් වල හරි ගියේ මේ රටේ සමාජ පිළිල කියලයි.මේ රටේ මිනිස්සු ඒක අනුමත කළා නීතියෙන් ඔවුන්ට සුදුසු දඩුවම් නොලැබෙන නිසා.අපි 17 වසරක යුඑන්පී පාලන කාලේ ,ජේවීපි කාලේ ඉඳලා මේ පොළොවේ පයගහලා ඉන්න අය.අපි මේ පොළොවේ පහුගිය කාලේ නොදැක්ක දේවල් ඔයාලට ඇමෙරිකාවට පෙනිලා තියෙන්නේ දිවැසින් වෙන්න ඇති. (නි)
මේ නිවුයෝක්වල නුවන්ටයි, උගුලෙ වැටිලා ඉන්න අනික් අයටයි මේ කියන්නෙ. ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය හරියට තියනවලු! ඉරාකයට විරුද්ධව බේගල් කියලා එදා ඉඳලා මේ අද දවසෙත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එහේ ලක්ෂ කීයක් මැරුවද? බේගල් කිය කියා ලක්ෂ ගණන් වියට්නාම් මිනිස්සු මරලා ඒ දාපු තහනම් විෂ වලින් අදත් කොච්චර ළමයි අංගවිකලව ඉපදෙනද? (නි)