(හර්ෂණ තුෂාර සිල්වා)
පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) පැවැසීය.
ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ සම්පූර්ණ වියදම් සහිත ගිණුම් තවමත් සකසා අවසන් වී නැතැයි ද ගිණුම් සකසා අවසන් කළ පසු ඕනෑම අයකුට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ගිණුම් වාර්තා ලබාගත හැකි යැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීවේය.
කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම කරුණු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා රුසියා සංචාරයට විශේෂ ගුවන් යානාවක් මිලදී ගත්තා. එය නිල සංචාරයක් නෙමෙයි. එම සංචාරයේදී ගුවන් යානයට පමණක් මිලියන 39 ක් වියදම් වුණා. යුක්රේනයට ගියා. එහි වියදම මිලියන 40 ක්. මේවා සම්පූර්ණ වියදම් නෙමෙයි. විදේශ අමාත්‍යාංශයේ සටහන්වලට අනුව 69 දෙනෙක් එම සංචාරයට සහභාගී වී තිබෙනවා‘‘ යයිද සමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද යමක් කරලයි ගමන් ගියේ . ඔය පුහු ගමන් වලට මිලියන 6 කුත් වැඩි
අනුන්ගේ 69ක් ගැන කතා කලට තමුන්ගේ ගැන නොකියන්නේ මොකද?අනික මිලියන් 6ක් නෙමේ සත 6ක් වටිනාකමක් නැහැ මෙයාගේ ගමනේ.
කොච්චර හොඳයිද. රට පාවල දෙන්න අඩු ගානක් වියදම් කරපු එක.
රට වෙනුවෙන්, අපේ හමුදාව වෙනුවෙන් කතා කරන්න බල්ලෙක් වත් හිටපු නැති සංචාරයකට මිලියන 6ක් ගියේ කොහොමද?
ගියපු වියදම නෙමෙයි රට වෙනුවෙන් මොනවද කරේ කියනව හොඳයි. මොනවද රටේ ඒකීය භාවය වෙනුවෙන් කරේ. රට බෙදන එන්ජීඕ කාරයො යන්න ඇත්තේ උන්ගෙම සල්ලි වලින් වෙන්න ඇති නේ. ට්‍රම්ප් මහත්තය පැමිණීමේ වාසිය වත් ගත්තේ නැතුව කියපු හැම බූරු කොන්දේසියකටම එහෙයි කියන්න මිලියන 6ක් වියදම් වුනේ කොහොමද
අවශ්‍ය අනෙකුත් ප්‍රතිපාදන කොටි ඩයස්පෝරාව දරන නිසා ගැටළුවක් නැහැ. මහින්දට උන්ගෙනුත් අරක්ෂ වෙන්න තිබුණු බව මුන්ට මතක නැත්ද?
මහින්ද වියදම් කලේ රට සංවර්දනය කරන්න බව ඕනෙම ගොනෙකුට ඇස් දෙකට පෙන්න තියනවා. මේගොල්ලෝ වියදම් කරන්නේ රට පවා දෙන්න කියලත් ඕනෙම කෙනෙකුට තේරෙනවා.
යාචකයෝ ටිකක් වගෙ මේ සැරේ සහබාගී වෙලා තියෙන්නෙ.
වහල්ලු දෙන්නයි
මාද්‍ය වාර්තා අනුව මේ සංචාරය සදහා 150 අදික පිරිසක් සහබාගි වෙලා තියෙනවා..එයට ජනපති පුතා ,බෑනා ඇතුලත්..එහෙම බැලුවොත් එක්කෙනෙකුට වියදම 30,000 අඩුය්.ඉන්දියාවටවත් ඒ ගානට යන්න පුලුවන්ද ? බොරුවෙන්ම පත් වෙලා බොරුවෙන්ම රට කරනවා..
මෙයා වැරදි දෙයක් කියල තියෙනවානම් එක ජනතාවට දැනගන්න ඒම කතාව සජීව ප්‍රචාරය කරන්න
හානේ අපි වැලිකතරේ අවුරුදු ගානක් තිස්සේ කබුරලා එවන විදේශ විනිමය මේ අය පාවිච්චි කරන්නේ ගංවතුර වගේ. කවදාද මේ රට ගොඩ එන්නේ.
හයියෝ සල්ලි !!!!!