ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳන් යෝජනාව ජිනීවා නුවරදී සම්මත විය.
මානව හිමිකම් කවුන්සිලය
22 වන සැසිය
න්‍යාය පත්‍රයේ 2 වන අයිතමය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භෘර මහ කොමසාරිස්වරයාගේ වාර්ෂීක වාර්තාව සහ එම කාර්යාලයේ සහ මහ ලේකම්වරයාගේ වාර්තා
22/... ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයට සහ වගවීමට අනුබල දෙමින් මානව හිමිකම් කවුන්සිලය විසින්,
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අභිප්‍රායයන් හා මූලධර්මයන් යළි තහවුරු කරමින්ද,
මානව හිමිකම් පිළිිබඳ විශ්ව ප්‍රකාශනයේත්, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් හා අනෙකුත් අදාළ ලේඛනවල මග පෙන්වීම අනුව යමින්ද,
2006 මාර්තු 15 දාතම සහිත සහා සැසි වාර යෝජනා අංක 60/251 සිහියේ තබා ගමින්ද,
මානව හිමිකම් කවුන්සිලයේ ආයතනික ගොඩනැංවීම පිළිබඳ යෝජනා අංක 5/1 හා විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව බලය පැවරී ඇති පාර්ශවවල හැසිරීම් පද්ධතිය පිළිබඳව 2007 ජුනි 18 දාතම සහිත යෝජනා අංක 5/2 මත යළි අවධානය කැඳවමින්ද,
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබල දෙන්නා වූ මානව හිමිකම් කවුන්සිලයේ 2012 මාර්තු 22 දාතම අංක 19/2 සහිත යෝජනා මත යළි අවධානය කැඳවමින්ද,
සියලූ මානව හිමිකම් හා මූලික ස්වතන්ත්‍රභාවයන් පූර්ණ ලෙස භුක්ති විඳීමට සිය සමස්ත ජනගහනයන්ටම සලසා දීමට සියලූ රාජ්‍යයන් වෙත ඇති වගකීම යළි තහවුරු කරමින්ද,
ත්‍රස්තවාදය මැඩලීමට රාජ්‍යයන් විසින් ගන්න ලද පියවර ජාත්‍යන්තර නීතියටත්, විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියටත්, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතියටත් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියටත් අනුකූලවිය යුතු බව තහවුරු කරමින්ද,
උතුරු පළාත් සභා මැතිවරණය 2013 වසරේ සැප්තැම්බර් මස පවත්වන බවට › ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය සතුටින් පිළිගනිමින්ද,
ශ්‍රී ලංකා රජය විසින් සපුරන ලද යටිතල පහසුකම් ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම හා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් නැවත පදිංචි කිරීම පිළිබඳව සතුට පල කරමින් එමෙන්ම, අධිකරණ ක්ෂේත්‍රයේ, ප්‍රතිසන්ධාන හා ජීවන වෘත්තීන් යළි අරඹුමේ ක්‍රියාවන් කෙරෙහි සැලකිය යුතු කාර්ය භාරයක් ඉදිරියේ කළ යුතු බව සනිටුහන් කරමින්ද, මෙම ප්‍රයත්නයන්හි පූර්ණ සහභාගීත්වය, සිවිල් සමාජ නියෝජිතයින් හා සුළු ජන කොටස් ඇතුළු දේශීය ජනගහනයන්ගෙන් සෑදිය යුතු වීමේ වැදගත්කම අවධාරණය කරමින්ද, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවන්, එහි තීරණ හා නිර්දේශයන් සටහන් කරගමින්ද, එයින් › ලංකාවේ ජාතික සංහිඳියා ක්‍රියාවලියට දැක්විය හැකි දායකත්වය පිළිගනිමින්ද,
උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා › ලංකා රජය විසින් පිළියෙළ කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ එම කොමිසමේ තීරණ හා නිර්දේශ සම්බන්ධයෙන් › ලංකා රජය විසින් වී ඇති බැඳීම් සටහන් කරමින්ද,
කොමිසමෙන් ලබා දුන් සුබවාදී නිර්දේශ සහ තීරණ සියල්ල එම ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බව සටහන් කරමින්ද,
නීති විරෝධී ඝාතන සහ බලාත්මකකාරී අතුරුදන් කිරීම් පිළිබඳ ප්‍රචලිත වූ චෝදනා ගැන විශ්වාසනීය විමර්ශනයක අවශ්‍යතාවය, › ලංකාවේ උතුරු ප්‍රදේශය හමුදා පාලනයෙන් නිදහස් කිරීම, ඉඩම් ආරවුල් විසඳීම සඳහා අපඬපාතී යාන්ත්‍රණයක් පිහිටුවීම, රැඳවුම් ප්‍රතිපත්ති යළි ඇගයීමකට ලක් කිරීම, කලින් ස්වාධීනව පැවැති සිවිල් ආයතන ශක්තිමත් කිරීම, පළාත්වලට බලය විමධ්‍යගත කිරීම පිළිබඳව දේශපාලන විසඳුමකට එළඹීම, සියලූ දෙනාගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරඬා කිරීම හා ප්‍රවර්ධනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිසංස්කරණ පැනවීම ඇතුළු උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ අඩංගු සුබවාදී නිර්දේශයන් යළි අවධාරණය කරමින්ද,
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම පිළිබඳව ඇති බරපතළ චෝදනා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් හෝ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාවෙන් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බව තැවුලෙන් යුතුව සටහන් කරමින්ද,
බලාත්මකකාරී අතුරුදන් කිරීම්, නීති විරෝධී ඝතන, වද හිංසා, අදහස් ප්‍රකාශ කිරීමේ, එක්රැස් වීමේ සහ සාමකාමීව ඒකරාශී වීමේ නිදහසට බාධා පැමිණවීම, මානව හිමිකම් රකින්නන්, සිවිල් සමාජ සාමාජිකයින් හා මාධ්‍යවේදීන් බියවැද්දවීම හා ඔවුන්ගෙන් පළිගැනීම්, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට ඇති තර්ජන හා ආගම් මුල් කොට සිදු කෙරෙන වෙනස්කම් හා කෙණෙහිිල ඇතුළුව › ලංකාවේ දිගින් දිගටම සිදුවන මානව හිමිකම් ගැන කණස්සල්ල පළ කරමින්ද,
සමස්ත ජනගහනයේ සියලූ සාමාජිකයින්ගේ මානව හිමිකම් පූර්ණ භූක්තියකට හා ප්‍රතිසන්ධානයට අත්‍යවශ්‍යවන දේශපාලන අධිකාරියේ බලය විමධ්‍යගත කිරීම ඇතුළු පොදු බැඳීම් ඉටු කිරීමට › ලංකා රජය වෙත දන්වා සිටිමින්්ද,
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත තාඬ‚ක දූත කණ්ඩායමේ පැමිŒමට පහසුකම් සැලසීම වෙනුවෙන් › ලංකා රජයේ ප්‍රයත්නයන්ට ඇගයීම පල කරන අතර, මහ කොමසාරිස් කාර්යාලය සමග කතිකාවන් හා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමට › ලංකා රාජය දිරිමත් කරමින්ද,
සිදුවී ඇතැයි කියන ජාත්‍යන්තර මානව හිිමිකම් නීතියේ හා ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම පිළිබඳව ස්වාධීන හා විශ්වාසනීය ජාත්‍යන්තර පරීඬණයක් සඳහා මත කොමසාරිස්වරිය විසින් සිඞීර ඇති ඇරයුම සටහන් කරමින්ද,
1. විශේෂයෙන්ම යුක්තියේ සංක්‍රාන්ති සඳහා යොමුවූ වඩාත් සම්පූර්ණ ප්‍රවේශයක අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතූළු › ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබලදීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිිමිකහ් භාර මහා කොමසාරිස්වරියගේ කාර්යාලයේ වාර්තාව තුළ සමන්විත උපදෙස් සහ තාඬ‚ක සහයන් පිළිගනියි.
2. විශේෂයෙන්ම යුක්තියේ සංක්‍රාන්ති සඳහා යොමුවූ වඩාත් සම්පූර්ණ ප්‍රවේශයක අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතුළුව › ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමට අනුබල දීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර මහා කොමසාරිස්වරියගේ කාර්යාලයේ වා්රතාව තුළ සමන්විත උපදෙස් සහ තාඬ‚ක සහයන් පිළිගනියි.
3. මහ කොමසාරිස් කාර්යාල වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට › ලංකා රජය දිරිමත්කරන අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ කඩවීම් පිළිබඳව ඇති චෝදනා පිරික්සීම සඳහා අපඬපාතී විශ්වාසනීය පරීඬණයක් › ලංකා රජය විසින් සිදුකළ යුතු බවට දන්වා සිටියි.
3. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සුබවාදී නිර්දේශයන් සඵලව ක්‍රියාත්මක කළයුතු බවට අවධාරණය කරන අතර, සියලූ › ලංකා වාසීන්ට යුක්තිය, සාධාරණත්වය, වගවීම සහ ප්‍රතිසන්ධානය සහතික කිරීමට අවශ්‍ය අදාල වු නෛතික බැඳීම් හා ප්‍රතිඥාවන් ඇරඹීමට විශ්වාසනීය හා ස්වාධීන ක්‍රියාදාමයන් ආරම්භ කිරීම සඳහා සුදුසු අතිරේක පියවර ගතයුතු බව නැවත සඳහන් කරයි.
4. විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව බලය පැවරී ඇති පාර්ශ්වවලට › ලංකා රජයේ සහයෝගයත් එම පාර්ශ්වවලින් දැනට ලැබී ඇති ඉල්ලීම්වලට, එනම් ඇරයුම් කිරීම සහ ප්‍රවේශ වීම, ඇතුළුව විධිමත් ප්‍රතිචාර දැක්වීම දිරිමත් කරයි.
5. මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ බලය පැවරී ඇති පාර්ශව › ලංකාවේ රජය සමග උපදෙස් හුවමාරු කර ගනිමින් ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාඬ‚ක ආධාර සැපයීම දිරිමත් කරයි.
විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ බලය පැවරී ඇති පාර්ශවවලින් සැපයෙන කරුණු අඩංගු වාචික යාවත්කාලයක් මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසියේදී සුදුසු ලෙස සපයන ලෙසත්, එහි 25 වන සැසියේදී සවිස්තර වාර්තාවක් ලෙසත් හා ඉන්පසුව වර්තමාන යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වන ලෙසත මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි.
(තිලිණි ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අපි ද වැරදි (දී)
ජනාධිපතිතුමනි, එඩිතරව මේ හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න. ඔබ තුමා කළේ හොද දෙයක්. ඒක නිසා බුදුදහමට අනුව සැම දෙයක්ම සාධාරණව ඉෂ්ඨ වෙයි. (නදී)
මේක භයානකයි. රට බෙදීමේ සැලැස්මක් (ස)
අපි නම් බය නැහැ මේ යෝජනා වලට, මොකද අපි වැරදි කරලා නැති නිසා (දී)
මට නම් මෙතන කිසිම වැරැද්දක් පෙනෙන්නෙ නැහැ (නි)
පව්ලක් උනාම නැන්ද මාම හැමදේටම ඇගිලි ගහන්නේ නැහැ. අල්ලපු ගෙදර අයට අපේ ගෙදර මානව හිමිකම් ගැන ඇගිල්ල දාන්න තියෙන්නෙත් සීමිත ඉඩක්. ලංකාවේ හැම බලු නකුටටම ලෝකෙට ඇගලි ගහන්න දෙන්න බැහැ. ස්වාධිපත්‍ය කෙලසන්න දෙන්න බැහැ.(නදී)
දැන් මොකක්ද මෙකෙ තියෙන අව්ල? (ස)
මොකද්ද මේකේ ඇති වරද .. අපි කාටත් හොඳයිනේ ... (ස)
ලංකාව පාලනය කිරීමට මානවහිමිකම් කොමිසමටම දෙන්න වෙයි වගේ. (ස)
සෝමරත්න කියනවා වගේ මේ රටේ හැම පොඩි මිනිහෙකුටම දැන් ජිනීවා යන්න වෙලා තියෙන්නේ (ස)
ලංකාවට අවාසි වෙන්නම මේක හදලා තියෙන්නේ (දී)
ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන අපිට කියන්න කෙනෙක් නැතිවයි හිටියේ. දැන් ඉතින් දෙයියනේ කියලා අපිත් බයෙන් සැකෙන් තොරව සාමකාමීව ලංකාවේ ජීවක්වෙන්න ලැබෙයි. මේක ඇත්තටම හොද දෙයක්.(නදී)
චන්ඩියෙක් ගමක් පාලනය කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ. ලෝක සම්මත මානව හිමිකමි කියලා දෙයක් තියෙනවා. මානව හිමිකම් කාර්යාලයක් ලංකාවට එනවනම් අපි සතුටු වෙන්න ඕනා. දුප්පත් අපි ඔවුන්ව ආදරයෙන් පිලිගන්න ඕනා.(නදී)
මොකක්ද ඕකේ තියෙන වරද . මේකටද ඉන්දියාවේ අයට කෑගහන්නේ (ස)
කවුරු උනත් ඇත්තම කියලා තියෙනවා. ඇත්ත තිත්තයි (ස)
කමකට ඇති යෝජනාවක් නොවෙයි මේක (දී)
කියන තරම් යකා කලු නැහැ.(නදී)
බැලූ බැල්මට මුකුත් නෑ වගේ පෙනුනට, අමෙරිකාව ලක් රජයට අප්‍රසාදය පලකරල තියෙන බව පේනව. ඒකනෙ අධිකරණ, මාධ්‍යය නිදහස, පැහැරගෙන යම් හෙම කියල තියෙන්නෙ. එහෙම බැලුවම අසූව දශකයෙ වෙච්ච දෙවල් ඒගොල්ල ගානකටවත් අරන් නෑ වගේ. ඒ එක්කම මෙයාල සිංහල බෞද්ධ ක්‍රියකරකම් වලටත් කැමතිනෑ වගෙ. ඔය මොන එක ගෙනවත් අපි හැමෝම එකාවගෙ හිටියොත් කිසිකෙනෙකුට මුකුත් කරන්න බෑ. ත්‍රස්ථවදය පරජය කල ලෝකේ එකම රට ලංකව බවත් අපි මතක තියගත යුතුයි. (ස)
අපේ ගෙදර ප්‍රශ්ණ අපිම විසදාගන්නම් අපිට ඕන විදියට. (නදී)
අපි අපිටමනේ ගහගෙන තියෙන්නේ.(නදී)
ඕවා මොන කජ්ජක්ද? ගෑනියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි.(නදී)
ඇයි මේ ඔක්කොම ලංකාවට විතරක්? වෙන රටවල මේවා වෙලාම නැද්ද? (නි)
යූ.එන් එකේ ඉන්න අයව අවුරුදු දෙකකට වරක් මාරු කිරීඹට යෝජනාවක් ගෙන ඒමට හැකි නම් බොහෝ දුරට ලෝකයේ තිබෙන අර්බුද පාලනය වෙයි.(නදී)
අපේ සමහරුන්ටනම් සතුටු ඇති දැන් (ස)
බොරු දේශප්‍රේමීන් කියන තරම් වරදක් මෙහි නෑ (ස)
ලංකාව ලෝක සිතියමෙන් අයින් කරන්න හිතා ගෙන ගෙන ආ යෝජනාවක්ද කොහෙද, අසාර්ථක වැයමක් (දී)
කතා කරන්න එපා ඒ ගැන (දී)
ලගදිම මමත් ජිනීවා වලට පැමිණිල්ලක් කරනවා. කළුතර උතුර පොලිස් ස්ථානාධ්පති මට හරියට කරදර කරනවා. බොරු චෝදනා නගලා නඩු දැම්මා. පොලිස් පතිතුමාටත් කිව්වා, පොලිස් කොමිසන් එකටත් කිව්වා ඒත් මට යුත්කිය ඉටුවෙන්නේ නැහැ. දේශපාලන බලය යොදාගෙන අපිට හරියට හිරිහැර කරනවා. ඒකට තමයි මම ජිනීවා එන්නේ.(නදී)
ඉන්දීය භාන්ඩ වර්ජනය කරමු.(නදී)
කෝ මේකේ කොටි අපිට කල දේවල් නැහැනේ (දී)
ලෝක ප්‍රජාව රටේ අයට කරනවා වගේ ගොනාට අන්දවන්න බැහැ.(නදී)
මේ යෝජනාවට එකතු කරන්න කොටි ලාංකිකයන්ට කල අපරාධ (දී)
කතා කරන්න එපා ඒ ගැන (දී)
මේකෙන් ලංකාවට බලපෑමක් කරන්න බැහැ (දී)
කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් වඩා හොදයි. (නි)
ලංකා මාතාවට ජයවේවා, දිගු කල් යෙහෙන් වැජබේවා (දී)
ලංකාව එක්ක මහා කේන්තියෙන් හදපු එකක් (දී)
මට නම් වරදක් පේන්නෙ නැහැ. (නි)
චීනය.(නදී)
අපි ලාංකිකයින් වශයෙන් සැමට ආදර්ශමත්ව වැඩකළ යුතුයි. (නි)
කොටි කල වැරදි වැරදි නොවෙයිද (දී)