ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව මෘදු, මොළොක් මෙන්ම භයානකයැයි මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.
ඇමෙරිකාවෙන් ඉදිරිපත් කර සම්මතකරගත් යෝජනාවෙන් 2015 වනතුරු තර්ජනයක් නැතැයි ද, විශේෂ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතුයැයි කියන වගන්තිය භයානයයැයි ද ඔහු කියයි.
කතා කිරීමේ නිදහස, අධිකරණයේ නිදහස, විනිසුරුවරුන්ගේ හා නීතීඥවරයන්ගේ ස්වාධීනත්වය, පැහැරගැනීම්, අතුරුදන්වූවන්ගේ, කාන්වන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයනට සහයෝගය දැක්විය යුතුයැයි එම වගන්තිවලින් කියැවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී එම කාරණය ක්‍රියා කර ඇත්තේ රටක පරමාධිපත්‍යය හා සමානාත්මතාවය යන සංකල්පවලට බවත්, පරමාධිපත්‍ය හිමි රටකට බලපෑම් කිරීමට කිසිවකුට බලයක් නැති බවත්, ඒ අර්ථයෙන් ගත් විය එය ශ්‍රී ලංකාවට ලොකු තර්ජනයක් බවත්, ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික නිරීක්ෂකයන් එවීම බවත් ආචාර්ය මහානාමහේවා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියළු ජාතීන් එකමුතු නම් කිසිම රටකට බිය විය යුතු නැහැ. (නි)
හැම දෙනාම මතක තියාගන්න, මේ විරුද්ධකම් සියල්ල අපේ රටට එරෙහිවයි. එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ. (නි)
නියමයි, එහෙම වෙලා මදි (ස)
ලංකාව නීති රීති මාලාවකට යටත් කරලා ඔය හදන්නේ රට බෙදන්නයි. මේ ගැන හොදින් විමසීමෙන් කටයුතු කළ යුතුයි. ලංකාද්වීපය සියළු දෙවියන් ආරක්ෂාකරත්වා. බුදු බනේ හැයියට අපේ මවි බිම ආරක්ෂාවීම නියතයි.(නදී)
මස් කෑල්ලකට පොරකන බල්ලෝ රංචුවක් වගේ මුන් අපේ රටටම කෑදරකමින් වින කටින්නට හදන්නේ ඇයි?(නදී)
නියමයි! අපිට තව ඔය වගේ ඒවා ඕනේ. අපේ සිංහලයින් හිවල්ලු වෙලා ඉවරයි. කවුද මේකට වැරදිකාරයා. අපේ රටේ තියෙන නෝන්ජල් කම නේද? හරිදේ දැනගෙනත් ලෝකයා අපිට හිනාවෙනකල් බලා ඉන්න.(නදී)
මොකද්ද ඒ කතාව (දී)
මහානාමහේවා ආණ්ඩුවට සුදු හුණු ගානවා. ජේනිවා යෝජනා අති මහත් බයන්කාරයි. කරුණාකර ඒ බව පිළිගන්න.(නදී)
ඕනදෙයක් කරන්න ලංකාවට මොකුත් නොකර (දී)
මේ කියන කතාව මටනම් ඒ තරම් පැහැදිලි මදි (දී)
මචං චිත්‍රපටිය බැලුවොත් මිනිස්සු වෙනත් රටවලට යන්නෙ ඇයි කියන එකට අදහසක් ගන්න පුළුවන්. (නි)
කියන්නත් දෙයක්ද ඒ කතාව (දී)
විදෙස් දේශයක් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිදුනි හිදිමි මම කෙසේ.(නදී)
මටනම් තේරෙන්නේ නැහැ (දී)
දැන් පහුගිය කාලේ හැම පැත්තෙම අය උද්ඝෝෂණ දැක්කුවේ කාගේ උවමනාවකටද කියලා පැහැදිලියි (ස)
ඔය වගන්තිටික දැන ගන්න තමයි ඔක්කොමලා උද්ඝෝෂණය කරේ (ස)
ඇයි අපේ රටේ ප්‍රශ්න ගැන මෙයාලට මේ තරම් උණන්දුව (ස)
ලංකාවට මොකද මේ තරම් කෙනිහිරිකම් (දී)
නන්දලාල් මහත්තයෝ මෙයාලා අපේ රටට ඇගිලි ගහන්නේ අපේ අය එහෙ ගිහින් කේලම් කිය කියා එහෙ වීසා ඉල්ලන නිසා. අපේ අය දැනගන්ට ඕනා මේ රටේ මිනිස්සු බෝටිටුවල එල්ලිලා එහෙ බඩගාන එක කවත්තන්ට. ඒකට මෙහෙ විරැකියාව, ආර්ථික ප්‍රශ්ණ, අසාදාරණ නීතිය නැති කරන්න.(නදී)