IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජිනීවා යෝජනා තීන්දුව ලබන බදාදා

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීමේ හා යුධ අපරාධ වලට විසඳුම් සෙවීමේ සඳහා ශ්‍රීලංකාව ඉදිරිපත් කරන්නට යන යාන්ත්‍රණයට සහාය දක්වමින් ඇමරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී නිල වශයෙන් සභාගත කළ යෝජනාව පිළිඹඳ විවාදය හා ඡන්ද විමසීම ලබන බදාදා (30) එම කවුන්සිලයේදී සිදුවෙතියි ජීනිවා තානාපති ආරංචි මාර්ග කියයි.

යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල අනුමැතිය හිමිවිය යුතුය.‘ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම, හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම‘ තේමා කරගත් මෙම යෝජනාවට ඇමරිකාව සමග බ්‍රිතාන්‍යය,මෙසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් ඒකාබද්ධව සිටී.

මෙම යෝජනාවේ මුල් කෙටුම්පතේ සඳහන් වූ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවට ශ්‍රීලංකා රජයේ නියෝජිතයින් මුල සිටම ඉදිරිපත් කර තිබූ විරෝධතාවන්ද සැළැකිල්ලට ගෙන යෝජනාවේ අවසන් කෙටුම්පතින් ඒවා ඉවත් කිරීමට ශ්‍රීලංකාව සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කළ රටවල් පියවර ගෙන තිබිණි.

පසුගිය සමයේ මෙරට ජනමාධ්‍යෙවේදීන්,පුද්ගලයින් අතුරුදන්වීම්,විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම් වලට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමටත්,ඉදිරියේ එවැනි දෑ සිදුනොවීමටත් වගබලා ගතයුතුබවද එම යෝජනාවේ සඳහන් වේ.එසේම ක්‍රියාත්මක කිරීමට යන යාන්ත්‍රණයට පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර විද්වතුන්ගේ සහය ලබාගත යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සහ අගෝස්තු මාසයේ මෙරට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවල නිදහස් සහ සාධාරණභාවය මෙන්ම එමගින් සිදුවූ සාමකාමී දේශපාලන පරිවර්තනද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් ඇමරිකාව ප්‍රමුඛ එම රටවල් පිළිගෙන ඇත.

අල්ලස,දූෂණය,වංචා හා අත්තනෝමතික ලෙස බලය යෙදවීම විමර්ෂණය කිරීමටත්,වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත් ශ්‍රීලංකාව මේ වන විට ගෙන ඇති පියවර එම යෝජනාවලියෙන් පසසා තිබේ.ගැටුම් පැවැති උතුරු නැගෙනහිර පෙදෙස්වල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට හා අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමට රජය ගෙන ඇති පියවරයන්ද මෙම යෝජනාවලියෙන් පිළිගෙන තිබේ.

මෙරට අධිකරණ පද්දතිය පිළිඹඳව සියලු ජන කොටස් අතර විශ්වාසය ඇති කරලීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අතවශ්‍ය බව ශ්‍රීලංකා රජය පිළිගෙන තිබීම ප්‍රශංසනීය බව ඇමරිකාව ප්‍රමුඛ රටවල අදහසයි.මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් පිළිඹඳ සොයා බැලීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවරද මෙම යෝජනාවලියෙන් ඇගයීමට ලක්කර ඇත.



අදහස් (0)

ජිනීවා යෝජනා තීන්දුව ලබන බදාදා

නිමල් ලලිත් Saturday, 26 September 2015 03:00 AM

සම රටකම පුරවැසියන් ජිවත් විය යුත්තේ එකම නිතියකිනි. එසේ නැත්තේ මේ ශ්‍රී ලංකාවේ පමණි.කෙටියෙන් කියනවා නම් සිහල ඇයිතියට ,බොදු අයිතියට යටපත් කිරීම අන්‍ය ජාතීන්ගේ මානව හිමිකම් ලෙසත්, සිංහලය ඇයිතිය බොදු අයිතිය රැක ගැනීමට සිංහලය කටයුතු කිරීම ජාතිවාදය ලෙසත් පාලකයන් හඳුන්වන එකම රට ශ්‍රී ලංකාව බැවින් මෙම මහා ජාතික අසාධාරණය නැතිකිරීමට මේ මගින් නැති කරන්නේද? සියලුම ආගමික නීති තහනම් කර පාර්ලිමේන්තුව මගින් සම්මත වෙන නීති වලින් පමණක ජිවත් වීමට සකසන්නේද? නැතිනම් කිලිනොච්චි වෙනුවට මැදවච්චි නොගිහින් , ගැලවීමේ මහුදාපති කමටවත් එදා නුසුදුස්යි කිවූ යුද සෙනෙවිය ඇතුළු යුද්දය මෙහෙයව් දේසපාලන නායකයන් දැන් ගෙඩියට යවන්නද? (අ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 27 September 2015 12:55 PM

මොන වරද තිබුනත් මහින්ද රාජපක්ෂ නිසා මෙතෙක්කල් අපි සැනසීමෙන් හිටියා. දැන් ඉතින් මොනවා වෙයිද කියලා සැකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site