ශ්රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නිසා ජිනීවා යෝජනාවලිය ලංකාව පරාජය වූ බව හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ තංගල්ලේදී පැවසූහ.
‘විදේශ සේවාවේ ඇතැමුන් මෙරට තොරතුරු හරියට දන්නේ නැහැ. දන්න තොරතුරු ලෝකයාට දෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කරතියි ඇමෙරිකාව ඇතුළු රටවලින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූයේ අපේ විදේශ සේවයේ දුර්වලකම් නිසායි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තකින්ම ඔවු. (නි)
විදේශ සේවාවට මෙරට තොරතුරු හරියට දන්න ,යමක් තර්කානුකූලව කතාකළ හැකි කෙනෙක්ව පත්කිරිම වටී. (නි)
පිළිගන්න ඕනෑ අපේ රටේ හොද තොරතුරු පිටරටට යනවා මදි කියලා. (නි)
ශ්රී සහ කමල්ගේ අදහස් අගය කරමි. ඔවුන්ගේ අදහස් වලට එකතු කිරීමක් ලෙස මෙසේ දක්වමි. වාර්තා වලට අමතරව එක් එක් මාසයේ නිරීක්‍ෂණ ද ලබා ගන්න එවිට නව ප්‍රවනතා හදුනාගත හැකි වේවි. එවිට කල් ඇතිව ලක ලැහැස්ති විය හැකියි. මෙම වාර්තා සංසන්දයය මගින් විවිධ අදහස් ලබාගත හැකියි. විදේශ කටයුතු කරන අයට රට ගැන හැගීමක් පළමුව ලබා දෙන්න වෙවි. අප රට වෙනුවෙන් මෙහි අදහස් දමන්න ගන්නා කාලයටවත් ගරු කරන ලෙස ඉල්ලමි. (නි)
හැමදේම දැන් දේශපාලනීකරනය වෙලා. (නි)
සමහර වෙලාවට එකත් විය හැකි (දී)
අපි ඒ වැරැද්ද නිවැරදි කරමු (දී)
වෙන්න බැහැ (දී)
නැහැ හෙළ උරුමය වැරදියි (දී)
යුද්ධය කරපු අයනේ වැඩිපුර ඔය තැන් වල ඉන්නේ. ඉතින් අහන්න දෙයක්ද? එයාලා ඒ රටවලත් අය දිහා බලන්නේ යුද්ධ මානසිකත්වයෙන්. එයාලට උදව් කරන්න ඕනෑ බව ඇත්ත. නමුත් ඒකට විදේශ තානාපතිකමම ඕනෑද? (නි)
නැහැ මානව හිමිකම්ප්‍රශ්නය මත තියලා අපිට මේ කෙනිහිරිකම් කරන්නේ අපි ඒ රටවල් වල ඉත්තෝ උනේ නැති නිසා (දී)
ජගත්, ඔයා කොහේද ජීවත් වුණේ? (නි)
ජගත්, ඔයා කවුරු වුණත් මහ කුහක මිනිහෙක්. (නි)
හෙළ උරුමයට ජයවේවා (දී)
ඉතින් මේවා මෙහෙයවන්නේ කවුද? අපි නෙමෙයිනේ. (නි)
ඒක පමණක්ම නොවෙයි හේතුව තවත් හේතු තියෙනවා , මේක එක හේත්යුවක් විතරයි (දී)
මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
විදේශ ඇමැතිතුමනි, සියළුම තානාපතිවරුන්ගෙන්, මහ කොමසාරිස්වරුන්ගෙන්, කොන්සල් ජනරාල්වරුන්ගෙන් හා ශ්‍රී ලංකාව නියෝජනය සදහා පත්කරන ලද නිලධාරීන්ගෙන් ඉදිරි මාසය සදහා සැලසුම්, පසුගිය මාසයේ සැලසුම් මගින් සපුරාගත් ඉලක්ක ඇතුලත් වාර්තාවක් සෑම මාසයකම ලබා ගැනීම සහ එම වාර්තා වල තොරතුරු වල නිවැරදිතාවය පිළිබදව විමර්ශනයක් කිරීම සුදුසු යයි යෝජනා කරමි.
ජිනීවා පරාජයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නොව අවංකවම අප පැවිදි පාර්ශවය ලෙස ගිහි පාර්ශවයට අපෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු නොකිරීමත් අද අපගේ ධාර්මික ජීවිතය වෙනුවට වාණිජකරනයට හසුවු දේශපාලනීයකරණය වු ධර්මතාවයක් සමාජය අතර දියත් කිරීමත්ය. අප මීට වඩා ආදර්ශවත් වීම යුක්තිසහගත වීම වටින්නේය. (නි)
සමහර වෙලාවට ඔවුන් හරි (දී)
එක හරි ලංකාවේ ඉන්නවා ඕන තරම් සුදුස්සෝ. ඒත් යන්නේ නුසුදුස්සෝ. මේ අය අපේ සංස්කෘතිය ඉතිහාසය තියා ඉන්ග්‍රීසි වත් දන්නේ නේ. මේ අය යන රටේ භාෂාව දැනගන්ට ඕන. කරන්න පුළුවන් අයටත් කපනවා. ප්‍රන්සේ තානාපති කෙනෙක් මේ අවුරුද්දටම නෑ. ඉන්න කුක්කෝ රජවෙලා සේවකයන්ට අපිට පාට් දානවා.(නදී)
මොන වැරැද්ද වුනත් වගකීමක් ගන්න කෙනෙක් නැහැ ලංකාවේ.(නදී)
විදේශ සේවයට තෝරන්නේ සුදුසුකම් බලලා නෙමෙයි. ඡන්දෙන් පැරදුන අයට, සංවිධායකවරුන්ට විදේශ සේවා ලබාදුන්නම එයාලගෙන් ඉතින් බලාපොරාත්තුවෙන්න පුලුවන් දෙයක් නැහැ.(නදී)
ඇත්තටම හරි. බොහෝ තානාපතිවරුන්ගෙන් රට වෙනුවෙන් කිසිම සේවයක් වෙන්නේ නැහැ.(නදී)
විදේශ සේවා විභාගය කරන ආකාරය ගැන පැහැදීමක් නැහැ. විභාග ක්‍රමයත් සමගම එහි වෙනස් කම් කරලා සම්මුඛ පරීක්ෂණයෙන් හැකි අය ගන්න ඕනෑ. ඒක සම්පුර්ණයෙන්ම දේශපාලනිකරණය වෙලා.ඒ විභාගය බොරුවක් මට හිතෙන්නේ. ඒක ඉංග්‍රීසී මාධ්‍යයයෙන් විතරක් තියලා රටට ආදරේ කරන ඉංග්‍රීසී හොඳින් කතා කළ හැකි මිනිස්සු ගන්නවනෙම් හොඳයි. බොරු හිපියෝ නෙමෙයි. (නදී)
මම කියන්නේ ලංකාවේ තියෙන ප්‍රතිපත්ති හරි කියලා (දී)
වැරදි උනා තමයි මනුත් මේක පමණක්ම නොවෙයි හේතුව (දී)
සමහරුන්ට බලය තිබුණට මොළය නැහැ. මොළය තිබුණට බලය නැහැ. (නි)
අපි බොහොම අමාරුවෙන් හම්බකරන විදේශ විනිමය අනවශ්‍ය ලෙස වියදම් කරන්න එපා. (නි)
විදේශ සේවය ගැන ටිකක් හොයලා බලන්න, දැන් ඉහල විතරක් නොවේ පහල නිලධාරීනුත් විධිමත් විභාග ක්‍රමයකින් තොරව දේශපාලන හිතවත් කම මහ පත්කළ, පත්කරන තත්ත්වයක් තිබෙන්නේ. හොයලා බැලුවොත් නරකද? ඉස්සර ලංගම වාගේ කරන්න හදනවා තානාපති කාර්යාල ? හොර පාරෙන් තමා එන්න හදන්නේ.(නදී)
දැන් අපටද කියන්නේ වෙන කට්ටියක් පත් කරන්න කියලා? (නි)
අවුරුද්දකට සැරයක් පිටරට ගිහින් ඒ අය කරන දේවල් බලන්න කෙනෙක් පත් කරොත් මොකද වෙන්නේ? එහෙම කරන්නේ නැති නිසා තමයි තමුන්ගේ මට්ටම් තම්මැට්ටම් කියන්නේ.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.(නදී)
100% ඒක නොවෙයි හේතුව . නමුත් එකත් වෙන්න පුළුවන් (දී)
අනේ නිකම් ඉන්න, අපිත් ලංකාවේ ජීවත්වෙන්නේ. (ස)
විදේශ ප්‍රතිපත්ති වලම ගැටළුවක් නොවෙයි මෙතන තියෙන්නේ (දී)
ලෝකේ අනෙක් රටවල් කියන කියන එක කලානම් ජිනීවා වලදී ඔක්කොම අපිට චන්දෙ දෙයි, නමුත් යුද්දය තවම එකතැන එහෙනම් (දී)
හරියටම හරි අපේ හාමුදුරුවනේ (ස)
කතාව 100% ඇත්ත (දී)
අපේ අයට මොන රස්සාව බාර දුන්නත් ඒ සමගම දෙන්න ඕනෑ රටට ප්‍රතිලාබ ගෙනෙන වැඩපිළිවෙලක්. එය සපුරන්න බැරි අය අයින් කරන්න ඕනෑ. එහෙම වුනානම් අද මීට වඩා හොද තත්ත්වයක් ලබාගන්න තිබුණා. (නි)
ලංකාවේ තරම් හොද විදේශ ප්‍රතිපත්ති කොහෙද තියෙන්නේ (දී)
වෙන්න බැහැ කීයටවත් (දී)
යහපත් සාමජයක් වෙනුවෙන් හොද ආරම්භයක්. (නි)
මොකද්ද ඉතින් අපි ඊට කල යුතු විසදුම
අපි දැන් පරක්කු වැඩි කියලයි මට හිතෙන්නේ (දී)
එයත් එක හේතුවක්. (ස)
මම හිතන්නේ නැහැ විදේශ ප්‍රතිපත්ති වලින් හොදම රට ලංකාවයි (දී)
මටත් හිතෙනවා ඒ කතාව ඇත්ත කියලා (දී)
ලංකාවේ ඉඳල මේ සිද්ධි සත්‍යය කියල කියන අයගේ පවුලේ එක්කෙනෙක් හරි පහුගිය කාලේ බෝම්බෙකින් මියගියා නම් ඔහොම කියන්නේ නෑ..(ස)
නැහැ, එය සත්‍යයක්ම නිසා! (ස)
හරියට හරි හාමුදුරුවනේ. (නි)
රට ගැන කැක්කුමක් තියෙන අයවයි විදේශ සේවයේ තනතුරුවලට යැවිය යුත්තේ. (නි)
ඇත්තටම මේ කතාව ඇත්තක්ද (දී)
50% සාධාරණයි (දී)
ඇයි හාමුදුරුවනේ මේවා අපිට කියන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධවත් සමහරු ජිනීවා ගියා මතකයි නේද? (නි)
එල්.ටි.ටි.ඊ එක කල විනාශ ඒ ගොල්ලෝ දකින්නේ නැද්ද (දී)
එක නොවෙයි හේතුව, අනෙක් රටවල් වලට ඕන දේ අපි නොකරපු එකයි හේතුව (දී)
සත්තක හැබෑව (දී)
දැන් ඉතින් හේතු වැඩක් නැහැ, විසදුමක් බලමු (දී)
ඔවු. ඇත්තම ඇත්ත තමයි. (නි)
හෙළ උරුමය හරි (දී)
ඔවු. එය ප්‍රභල හේතුවක් තමයි. (නි)
මමත් හාමුදුරුවන් කියන එක පිළිගන්නවා . මේ රටෙත් එහෙම තමයි. (නි)