ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් ප්‍රදේශවල පාසල් 17කට වැසිකිලි 27ක් සාදවා බාර දුන් බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරය කියයි.
ජිනීවාහි ඩග්ලස් ඒ කැම්ප්බෙල් පදනම මෙම කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර සැපයිය.
එම පදනම වෙනුවෙන් භික්ෂුනී මුජිම් සුනීම් සහ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය තවලම ධම්මික හිමි මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළහ. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හබරකඩ ඉන්ද්‍රරතන නා හිමියන් සහ එප්පල සෝරත හිමි ඉදි කිරීම් සොයා බැලුහ.
තලන්ගහවත්ත දෙමළ විදුහල, තල්ගස්වල දෙමල විදුහල සහ තබදව සුමංගල, යක්කලමුල්ල. ඉහල ඇල්ල, කලුවලගල, ලේල්වල, උඩුගම ආනන්ද විජය,හබරකඩ, මැදගම, හල්විටිගල, කුරුපනාව, කඩිහින්ගල, දෙල්වල, පොල්පෙලකැටිය, මාපලගම, තවලම සහ උඩුවැල්ල යන ප්‍රාථමික පාසල් වලට වැසිකිලි සාදාදී පැරණි වැසිකිලි ද ප්‍රතිසංස්කරණය කළ බව ජිනීවා පන්සල කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කුඩා දරුවෝ කොතරම් අහිංසකද? මේ අය රැකගැනීම අපේ වැඩිහිටි වගකීමක්. (දිල්)
අම්මෝ මම බය උණු තරමක්, මේකත් ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා? (නදී)
කාලෙට ඔබින ඉතාම ආදර්ශමත් වැඩක්. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනිසිට්න්න ලැබීම ඔවූන් කරගත් ලොකු පිනක් නිකරුනේ බොරු වැඩවලට මුදල් නාස්තිකරන කටත් හොද ආදර්ශයක්. සහාභාගි වුන හැම දෙනාට බුදුසරයි ! (ර)
මේ තුලින් තමයි රටක සමගිය සහ සහජීවනය ඇතිවෙන්නේ බලන්න දරුවන්ගේ සිත්වලට එන සතුට අනාගතේ මේ දරුවන් රට වෙනුවෙන් පෙනී සිටිනවා.(දී)