ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර පහරකෑ මහනුවර හිමිනම චෙන්නායි නුවර සිට තමන් වහන්සේ මුහුණදුන් සිද්ධිය විස්තර කළේය. ඒ හිමියන්ගේ ඉල්ලීම අනුව නම පළ නොකරන බව කරුණාවෙන් සළකන්න.
‘අපි මහනුවර. මාත් සමග 19 දෙනෙක් දඹදිව වන්දනාවේ ආවා. අපි ලංකාවෙන් පිටත් වුණේ මාර්තු 03 වැනිදා. මාර්තු 19 තමයි නැවත එන්න හිටියේ. අපි වන්දනාව අවසන් කර නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එමින් සිටියේ. තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේදී ශීඝ්‍රගාමී දුම්රිය නැවැත්වුවාට පස්සේ අපේ නඩේ සියලු දෙනා දුම්රියෙන් බැස්සා. අපේ වන්දනාකරුවන්ගේ මොනවත් දාලා ඇවිල්ලද කියලා බලන්න ප්‍රධාන සංවිධායක තුමයි මමයි ආයෙත් දුම්රියට නැග්ගා.
එපි නැග්ගට පස්සේ කැමරාවක් අතේ තියාගත්ත කෙනෙකුයි, තවත් කෙනෙකුයි දුම්රියට නැග්ගා. මම දැක්කා කැමරාව අතේ තියන කෙනා කැමරාව හදාගන්නවා. එයා කැමරාව හදාගෙන එකපාරට මොකක්ද වචනයක් කිව්වා. ඒක මට තේරුණේ නෑ. ඒ එක්කම අනෙක් පුද්ගලයා මට ගහන්න පටන් ගත්තා.
ගහද්දී බේරෙන්න දුම්රියෙන් එළියට දිව්වා. දුම්රිය වේදිකාවෙදිත් මට ගැහුවා. මට ගහන පහරවල් කිහිපයක් එතැන හිටපු අනිත් අයටත් වැදි තිබුණා. එහෙන් අත් උදව්වට ගත්ත ළමයෙක් හිටියා. එයාටත් ගහලා තිබුණා. ප්‍රධාන වශයෙන් මා ඉලක්ක කර තමයි පහර දුන්නේ. එතන සිටි කාන්තාවක් බේරන්නත් හැදුවා. එයාලටත් මොනවද කිව්වා. ඒ කිව්ව දේවල් තේරුණේ නෑ. ඒ එක්කම එතන හිටපු නාට්ටාමි කෙනෙක් කිව්වා සිවුර ගලවලා දාන්න කියලා. මම සිවුර ගලවලා අම්මා කෙනෙකු සීතලට අඳින ඇඳුමක් ඇඳගත්තා.
අපි එක්ක හිටපු කෙනකු දුවලා ගිහින් දුම්රිය නැවතුම්පොළේ පොලීසියට කිව්වා. ඒ එක්කම පොලීසියේ කිහිප දෙනෙක් ඇවිත් අපි සියලු දෙනාම මහාබෝධියට එක්කගෙන ගියා. නැවත මායි, ප්‍රධාන සංවිධායක තුමයි එහේ පොලීසියට ආවා. අපෙන් ප්‍රකාශ ගත්තා. අපි හිතපුවත් නැති දෙයක් මේ වුණේ. කැමරා එහෙම සෙට් කරලා ප්ලෑන් කරලා කරපු වැඩක් කිලා තමයි මම හිතන්නේ.
විශේෂයෙන් කියන්න ඕනෑ. තමිල්නාඩුවේ පොලීසිය අපිට ලොකු සහයෝගයක් දුන්නා.‘
චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි -
‘ඉරිදයි, සඳුදයි හරිම කනගාටු දායක සිද්ධි දෙකක් වුණේ. මේ දෙකම කැමරා සූදානම් කර ප්ලෑන් කර කරපු වැඩක්. සිද්ධී දෙකටම සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය දැනුම් දුන්නා.
ඊයේ (18) දුම්රිය නැවතුම්පොළේදී අපේ හාමුදුරුනමකට පහර දුන්නට පස්සේ අපි පොලීසියත් එක්ක සාකච්ඡා කළා. ඒ මොහොතේ සිටම ගුවන්තොටුපළට යන තුරුත්, දුම්රිය නැවතුම් පොළට යනතුරුත්, නැවත එද්දිත් සියලු වන්දනා නඩ සමග පොලිස් කණ්ඩායමක් යවන්න තීරණය කළා. ඒක ඊයේ (18) සිටම ක්‍රියාත්මකයි.
මේ වෙනකොට මහාබෝධියේ වන්දනාකරුවන් 250ක් පමණ ඉන්නවා. ඒ හැමෝගෙම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තියෙන්නේ. මෙහේ පොලීසියෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පොලිස් කොමසාරිස්තුමා මා සමග සාකච්ඡා කළා. වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදෙව්වා.
මම හිතන්නේ මේ ජිනීවා සමුළුවෙන් පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වකට එයි. එතෙක් අත්‍යවශ්‍යම දෙයකට හැර තමිල්නාඩුවට නොඑනවානම් හොදයි. ‘
පහරකෑ හිමි කළවානේ මහානාම හිමි සමග මහාබෝධියේදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු කුපිත කරන්න කල වැඩක්
තමිල්නාඩු ද්‍රවිඩයන්ට ලංකාවට පැමිණීමට විසා නිකුත් කිරීම වහාම නවතා දැමිය යුතුයි. (නි)
ලංකාදීපයට ගොඩක් ස්තූතියි මේ ප්‍රවෘත්තිය ඉක්මණින් පළකළාට. (නි)
දර්ම, ඔයා කියන දේ හරි. (නි)
ලංකාවේ සාමාන්‍ය ජනතාවට තමයි මේකෙන් බලපෑම තියෙන්නේ (දී)
යන්තම් ඇති, අන්තිමේදී එන්න එපා කිවුවා. (නි)
තමිල්නාඩුව මරලතෝනි දීගෙන කෑ ගැහුවත් අපේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු ඊට එරෙහිව මුකුත්ම නොකර එයාලව සත පහකට ගණන් නොගත්ත නිසා හාමුදුරුවන්ටවත් ගහලා සිංහල බෞද්ධයො කුපිත කරගෙන රණ්ඩුවට ඇදගන්නයි එයාලට ඕනෑ. මොළේ ඇතුව වැඩ කරන්න ඕනෑ දැන්. අනික තමිල්නාඩුව මග ඇරලා ඔය යන දඹදිවක ගියානම් ඉවරයිනේ. (නි)
මට තියෙන කේන්තිය අපේ හාමුදුරුන්ට ගහන එක (දී)
හිතට හරිම දුකයි. (නි)
ඒ කතාව මමත් පිලි ගන්නවා (දී)
ජිනීවා කවදාද අවසන් වෙන්නේ (දී)
මේව දකිද්දි මටත් හිතෙනව ඉන්දියන් කාරයෝ යන බස් එකක් නවත්තලා නෙලන්න... ඒත් එහෙම උනොත් උන්ගෙ අදහස ඉෂ්ට වෙනව ඒක හින්ද ඉවසනව නැත්තම්
මතක නැද්ද රජීව් ගාන්දිට අපේ කෙනෙක් ගැහුවා.(නදී)
මේවා බල බලාද සමහරු අපිට මානව හිමිකම් උගන්වන්න එන්නේ? (නි)
කලවානේ මහනාම හිමියනේ. ඔබ වහන්සේගේ උපදෙස් වලට අපි ගෞරව කරමු. (නදී)
එතකොට ඉන්දියාව දින්නා වෙනවා නේද (දී)
කොටි ලංකාවේ කල දේවල් මතක නැද්ද (දී)
මොනවටද එහාට යන්නේ? (නි)
පුදුම වැඩක් තමයි මේ වැඩේ, ලංකාවේ මිනිහෙක් හුවක් කියුවත් මානව හිමිකම් කැඩුවා කියලා පරසක්වල ගහනවා, එතකොට මේවා ඉතා හොද වැඩද (දී)
ඉන්දියාවේ ඉඳලා එන අයටත් අපේ අය මේ වගේ පහර දෙන්න ගියොත් මොකද වෙන්නේ? දුර දිග බලා වැඩ කරන්න. මේ සඟරුවනට පහර දුන් පුද්ගලයන්ට නොවරදවාම දෙවියන් දඬුවම් දේවී. සිවුර දමාගත් අයකුට පහරදීමට මහා බලගතු අමනුස්සයෝ පවා බිය බවයි අප අසා ඇත්තේ. මේ පහරදුන් අය අමනුස්සයන්ටත් අන්තයි. හතරමහ අපායට මහපොලව පලාගන යායුතුයි. (නි)
හොද අදහසක් (දී)
අපිට හරිම කණගාටුයි මේ සිද්ධිය දැක්කහම. ඒත් අපි ඉවසනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? තෙරුවන් සරණයි. (නි)
අපේ රටේ ඉන්නෙ මෝඩයෝ කියලනේ හිතාගෙන ඉන්නෙ කුවේට් සහ ඉන්දියාව. (නි)
ඇගේ ලේ නටනවා. මට හිතෙනවා මේ මිනිස්සුන්ව මරාගෙන කන්න. (නි)
සිංහලයිනි, නැගිටිවු! කියන අය දැන් අපිට මොනවද කරන්න කියන්නේ? (නි)
ලංකාවේ අයට මේවට ඇස් කන් පියාගෙන ඉන්න ලැජ්ජා නැද්ද? (නි)
ඇමරිකන් කට්ටිය කෝ... නිදිද. (දී)
මිනිස්සු හරිම කේන්තියෙන් ඉන්නේ (දී)
මට මේවා දකිනකොට ඉන්දියාවට ගිහින් පළිගන්න හිතෙනවා. (නි)
ලංකාවට ඉස්සරත් ඔය රටින්ම තමයි කෙනිහිරි කම් උනේ (දී)
අනේ මෙහෙමත් මිනිස්සු. (නි)
ඇත්ත කතාව ඇත්ත (දී)
මේ වෙලාවේ අපි සිංහල ජාතිය හැටියට ඉවසියයුතුයි ,එය නිවට කමක් නොව ඥනාන්විතව ලබන ජයග්‍රාහණයක් ,(අ)
ඇයි ඉන්දියානු රජය මිට විරුද්ධව මුකුත්ම නොකරන්නේ? (නි)
ඉතිං ආයිබොවන්ඩ, ඔය සමුළුවෙන් පස්සෙත් ඉන්දියාවට යන්ටම ඕනැද? (නි)
අපි කාටවත් බය වෙන්නේ මොකටද (දී)
ඒ කතාව නම් 100% හරි (දී)
මේක උගුලක්. ලංකාවේ කලබල තත්වයක් ඇතිකරන්න එපා. බුද්ධිමත්ව සිතන්න. (නි)
සිත කම්පා කරවන දර්ශනයක්. (නි)
අපි ඉන්දියාවට පාලමක් හදමුද? (නි)
ඒත් අනිල් ඉවසීමේ සීමාවක් තිබෙනවා. මනුස්සකමටත් සීමාවක් තියෙනවා.(නදී)
මේ වගේ මිලේච්චයින් ඉන්න රටක්ද ඉන්දියාව. ගහන්න ගහන්න වදින එකත් මෝඩයා. වදින්න වදින්න ගහනඑකත් මෝඩයා. මම නම් කියන්නේ චෙන්නායි යන්න ඕනෙම නැහැ කියලා.(නදී)
නිකන් ප්‍රශ්න ඇති කර ගන්න එපා, මමත් කියන්නේ කික කාලයක් යනකල් නොගිහින් ඉන්න (දී)
ඔව් අනිල් , ඇස් පනාපිට හාමුදුරු නමකට නින්දිත ලෙස කොටින් විසින් මෙහෙම පහර දෙනකොට ඉවසන්න වෙනවා. එහෙත් වෙන ජාතියක් තමන්ගේ ආගමානුකූලව කන්න හොයනකොට , ඒකට ලේ කෝප වෙලා මුළු ජාතියම මර්දනය කරන්න පෙළගැහෙනවා. නේද? (නි)
ලංකාව එක්ක තියෙන කේන්තිය මෙච්චරයි කියන්න බැහැ (දී)
අනේ මන්දා කොහොමද එහෙම කරන්නේ (දී)
චම්පි, ඔයා කියන කතාව ඇත්ත, නමුත් මේ වෙලාවේ අපි ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ (දී)
මේක ජිවිත කාලයේ දුටුව අවාසනාවන්තම දර්ශනයක්. තියෙන එකම විසදුම ලංකාවේ කිසි කෙනෙක් ඉන්දියාවට යන්නත් එපා, සංචාරක ව්‍යාපාරය කියලා ඉන්දියාවේ සංචාරකයන් කිසි කෙනෙකුට ලංකාවට එන්න දෙන්නත් එපා කියලා නීතියක් දාන එකයි. (නි)
ඉන්දියාවට බය උනා වෙනවා නේද එහෙම උනොත් (දී)
තමිල්නාඩුවේ ඉන්න දෙමළ මිනිස්සු අවුස්සන්නේ තමිල්නාඩුවේ දේශපාලකයෝ සහා ලංකාවේ දෙමළ සංධානවල මන්ත්‍රිවරු ඔවුන්ට ඕනවෙලා තියෙන්නේ සාමකාමි ලංකාව තුල නැවත යුද්ධයක් ඇති කරවලා එකෙන් වාසි ගන්න.(නදී)
තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න (දී)
මේ වෙලාවේ අපිට කියන්න බැහැ කාටවත් බය වෙන්න එපා කියලා, අපි අපේ පරිස්සම සලසා ගනිමු (දී)
පුදුම තරහක් එන්නෙ මට නම්. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ ඒගොල්ලම මොකටද මේව කැමරා ගත කළේ කියලා. සමහර විට වෙන කණ්ඩායමකින් ගෙවනවද දන්නෙ නැහැ. කමක් නැහැ. දැන් ඔය වීඩියෝ ටික ජීනීවා වලට ගිහින් පෙන්වන්න තියෙන්නෙ මෙන්න මානව හිමිකම් වැඩ කියලා. (නි)
චැනල් 4 නාලිකාවේ අයට මේවා පේන්නේ නැද්ද. (නදී)
ලැජ්ජා නැතිව ඡායාරූපවලටත් ඉන්න ලස්සන (අ)
මහජනයා අසරණයි (දී)
දිට්ඨ දම්ම වේදනීය කර්මය පළ දෙනවා මයි (අ)
ගහපු එක්කෙනාගේ ඔළුව ගෙනත් දුන්නොත් මම 50000 දෙනවා (අ)
ජිනීව අවශන් වනතුරු පමනක් නොවෙයි,කොහෙත්ම තමිල්නාඩු යන්න එපා මින් පසු.දැක්කනේද අර පහත් විදියට අප මිනිස්සු අපේ හාමුදුරුවන්ට ගහපු හැටි. (අ)
අපේ බුද්ධ ශාසනේ හෑල්ලු නොකර ලංකාවේ හිටියා නම් හොඳයි (අ)
මෙකටද යන්නේ දැන් කී පරක් ගැහැවුවාද (අ)
මේක කොටි හිතවාදීන්ගේ උගුලක්. ලංකාවේ කලබල තත්වයක් ඇතිකර දෙමළ මිනිසුන්ට හිංසා කිරීමයි මෙහි අරමුණ. බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.(නදී)
තමිල්නාඩුවේ මිනිසුන්ට මේවා මෙලොවදිම පඩ්සක් දෙනවා. හාමුදුරුනමකට මෙවැනි වදහිංසා කිරීම ගොඩක් පවි සිද්ද වෙන වැඩක්.(නදී)
ඉන්දීය රජය මේ සඳහා අරන් තියෙන පියවර කුමක්ද (දී)
ඔබ වහන්සේ හරි (දී)
එක නම් ඇත්ත (දී)
මමත් කියන්නේ ටික දවසක් යනකල් යන්න හදන්න එපා
ශ්‍රී ලංකාව නැවත යුද්ධයකට ඈදා ගැනීමට යූඑන්, ඇමරිකා, නෝර්වේ. ඉන්දියා උපක්‍රම සාර්ථක වෙන ලතුනුයි තියෙන්නේ.(නදී)
මේ සිද්ධියට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි. අපි පුළුවන්තරම් ඉන්දියන් නිෂ්පාදන වර්ජනය කර යතුයි. (අ)
බෞද්ධ පුත්‍රයනි. කරුණාකර මේ මෝඩ මිනිසුන් මෙල්ල කිරීමට ප්‍රතිචාරයක් දෙන්න.(නදී)
ඔව් අනිල් අපි ඉවසලා , අපට හෑකි අයුරින් මේ වීඩියෝව ලෝකය පුරා යෑවිය යුතුයි . මානව හිමිකම් කඩනවෝ සංචාරකයන්ට ගහනවෝ කියලා.වෑඩිපුර බුද්ධාගමේ ව්‍යප්තිය ඈති රටවලට.නෑත්නම් වෙන්නේ. උන් අපිට ගහනවා..අපිට උන් ගහනවා කියකිය ඉන්නයි.ඉන්දියාව හුදෙක් බලන්නෙ රටට හෙන ගෑහුවත් එයාලගේ ඡන්ද ටිකෙන් රජයක් පිටුවා ගන්නයි. (අ)
නවනීදන් පිල්ලෙට ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝනය කරන හැටි පේන්නේ නැද්ද?(නදී)
මොනවා කළත් ප්‍රභාකරන්ට ආයේ පන දෙන්න බැහැ. ඒක එය තමිල්නාඩු පිස්සෝ දැන ගත යුතුයි (අ)
මොන ඉවසීමද දැන්. (නදී)
ඕක අවසන් වුණාට පස්සෙත් ඔහොමම ඉදිමු. (නි)
ලංකාවේ අපි කල යුත්තේ ලාංකික මුස්ලිම් නිෂ්පාදන වර්ජනය කිරීම නොවෙයි,මෙම තමිල් නාඩු නිෂ්පාදන වර්ජනය කිරීමයි. බෙහෙත්වර්ග රෙදිපිළි සුවඳවිලවුන් සේදුම් කුඩු පිරිසිදුකාරක ජාති ගොඩක් අපි එහෙන් ගේනවා.තමිල් නාඩුව අපට කවදාවත් උදව් කරලා නැහැ. (අ)
සම්බන්දන් මහත්තයෝ මේවට උත්තර දෙන්න පුළුවන්ද? (නදී)
ජිනීවා අවසන් වුණාට පස්සෙත් යන්න අවශ්‍ය නැහැ. (නි)
මදක් කල්පනාවට ගන්න. එම වන්දනා නඩයේ 18 දෙනෙකු සිටිනවා. නමුත් පහර එල්ල කරන්නේ එම භික්ෂුවට පමණයි. සෙසු අයට කිසිදු කරදරයක් නැත. ශ්‍රී ලාංකිකයකු වශයෙන් මෙවැනි දේ දකින විට ලේ උණු වෙනවා. මෙය සිදු නොවිය යුතු සිදුවීමකි. (නි)
මේවා මොනවද පර්ලිමෙතුවේදීත් මීට වඩා දේවල් වුණේ ඒ අය අදත් ඉන්නේ හොඳින් එත් මැරෙනකොට මල් පනුවෝ ගහල තමයි මැරෙන්නේ (අ)
කතාව ඇත්ත (දී)
සැලසුම් කරලා තමයි ඔය හාමුදුරුන්ටම ගහන්නේ, සිංහලයා කුපිත කරන්න, (දී)
අපි සියළුම ඉන්දීය නිෂ්පාදන වර්ජනය කළ යුතුයි. (නි)
කොටි පෝෂණය කරන සියල්ලන්ටම අනාගතේදී ඔවුන්ගේ අතින්ම මිය යාමට සිදු වනු ඇත. (නි)
ජිනීවා විතරක් නොවෙයි මමනම් කියන්නේ ඉන්දියාව ප්‍රතික්ෂේප කරමු (දී)
අපිව කුලප්පු කරන්න හදන දේවලා ඔවා (අ)
අපි සමස්ත ඉන්දියාවම ප්‍රතික්ශේප කරනවා (දී)
අබ මල් රේණුවක් සහයක් නැහැ මින් පසු ඉන්දියාවට අපෙන් (දී)
ඉන්දියාවේ ඉන්න ලංකාවේ මිනිස්සු පරිස්සම් කර ගන්න (දී)
චන්ඩි කමද .... නිවට කමද (දී)
සිංහල අපිට අපේ රට විතරයි. ඔය දේවල් මෙහේ ඇති නොවන්න ජාතිය ශක්තිමත් කරන එකයි කරන්න ඕනෑ. නැතිනම් ආයෙත් යුද්ධයක් ඇති වෙයි. ඊට කලින් කිසිවෙකුට යටත් නොවන තැනට සිංහල ජාතිය ගෙන ආ යුතුයි. ඒ මත අන් සියලු ජනවර්ග වල ආරක්ශාවත් රැකේවි. අපිට අපි විතරයි !!! (නි)
පස්සේ හම්බවෙමු කෝ (දී)
ජීවිතය අනතුරේ (දී)
මමත් ඒ කතාවනම් පිලි ගන්නවා මමත් නැවැත්තුවා (දී)
අපි හෙලා දකිනවා මේ මිලේච්ච ප්‍රහාරය (දී)
අපි බුදුන් සරණ ගිය බෞද්ධයෝ වෙමු. අපි තුළ ද්වේශයක් ඇති කළ හැකි සමතෙක් තමිල්නාඩුවේ නැත. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
කොහෙත්ම තමිල්නාඩු යන්න ඕනෑ නැහැ. (නි)
ලංකාව හා ලංකාවේ මිනිස්සු අපි රැක ගන්න ඕනේ (දී)
ශ්‍රී ලාංකිකයකු වශයෙන් හරිම කණගාටුයි, දෙමළ මිනිසුන්ට හිංසා කිරීමයි මෙහි අරමුණ. බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න, ප්‍රහාරයට ලක්වූ හිමි නමට මගේ කණගාටුව (නි)
මමත් එකඟයි ඔබ වහන්සේ සමග (දී)
පවුකාර මිනිස්සු. (නි)
බුදුන්වහන්සේ ඒහිපස්සික කිව්වාට ඉන්දියාවටම එන්න කියල නැහැ. බුදුමග යන්න ළග තියෙන පන්සලට යන්න. ඕනෑවට ඇස් පිනවන්න ගියොත් ඒ බුදුමග නොවේ. (නි)
මමත් ඔබ වහන්සේත් එක්ක එකඟයි (දී)
විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අවවාදයට ගරු කළ යුතුයි. මේ ප්‍රහාරයට ලක්වූ හිමි නමට මගේ කණගාටුව! (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
මේ ලංකාවෙ ඉන්න අපි මේ රට ඇතුලෙ විද්‍යුත් මාධ්‍යය වල, මුද්‍රිත මාධ්‍ය වල මේ ප්‍රවෘත්තිය පල කරලා මිනිස්සු අදහස් දක්වලා, බැනලා වැඩක් නැහැ. මේ ප්‍රවෘත්තිය ජාත්‍යන්තරයට ගෙනියන්න උත්සාහ කළ යුතුයි. මේ ප්‍රවෘත්තිය එකම ජාත්‍යන්තර නාලිකාවකවත් ප්‍රචාරය වුණේ නැහැ. අපේ රටේ මේ සම්බන්ධ බලදාරීන් නිදිද? අපිට හැමදාම අවාසියක් වුණේ අපිට අදටත් ජාත්‍යන්තරයට මේ වගේ ප්‍රවෘත්තියක් වත් දෙන්න බැරිවෙන එකයි. (නි)
මම මුස්ලිම් ජාතිකයෙක්, නමුත් මේ ලංකාවේ හාමුදුරුවන්ට එල්ල කල ප්‍රහාරය අපි හෙලා දකිනවා (දී)
අපි ඔක්කොටම කලින් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ (දී)
ඔබ වහන්සේ හරි (දී)
අපි හොද නුවනින් වැඩ කල යුතු වෙලාවක් මේක (දී)
සුනිල් ඔබගේ කීම හරි. මේක පළමු වතාව නොවේ. මේවායින් විදේශගතව ඉන්න අපියි අපහසුතාවයන්ට පත්වෙන්නේ. බුදුන් කියල නැහැ වැඩියෙන් පින් ගන්න බුද්ධගයාවටම එන්න කියලා. ලංකාවෙත් වන්දනා කරන්න තැන් තියෙනවා අපේ හාමුදුරුවනේ. අපේ අහිංසක ගැමියෝ තාම මහියංගනය, නාගදීපය, සෝමාවතිය ,කැලණිය වගේ සිද්ධස්ථාන දැකලවත් නැතුව ඇති. මුලින්ම ඒ වගේ උදවිය ඒ තැන් වලට එක්කගෙන යන්න. (නි)
එල්.ටී.ටී.ඊ එකට ඕන කරන්නේ ආයෙත් මේ රටේ යුද්ධයක් පටන් ගන්නයි.. ඒක තේරුම් අරගෙන වැඩ කරමු..!(නු)
කොහොම කලත් කොටියාට නැවත ඔලුව උස්සන්න අපි ඉඩ දෙන්නේ නැහැ
කතාව ඇත්ත
මේ සිද්ධියට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි. අපි පුළුවන්තරම් ඉන්දියන් නිෂ්පාදන වර්ජනය කර යුතුයි (නි)
ඉන්දියාවෙන් ගේන මෝටර්බයික් ත්‍රීවීල් සතියකට වර්ජනය කළා නම් කට්ටියට උණ ගන්නවා. (නි)
මේවා දකිද්දී හිතට දැනෙන තරහා කියලා නිම කරන්න බැහැ.(නදී)
මොකද්ද අපිත් එක්ක තියෙන මේ තරම් තරහා
සිංහලයිනි නැගිට්වි!(නදී)
කිසිදාක ඉන්දියාවට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැනේ (නි)
ඉන්දියාවට යෑමෙන් අපි වැළකෙමු. (නි)
අපේ සිංහලයා කවදාවත් තරහා හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. (නි)
ඉන්දියාව පාලනය කරන්නේ තගාලා කිහිපදෙනෙක් වගෙයි.(නදී)
ඔයා හරි නිර්මාල්. (නි)
ඒක නම් ඇත්ත තමයි (දී)
ඔන්න දැක්ක නේද මානව හිමිකම්.(නදී)
ඉවසීම නිවට කමක් ලෙස නොසිතන්න. අපි සිංහලයින් වෙමු. හරියට සිංහයා වගේ මදක් සිතන්න.(නදී)
මේ සිදුවීමට කලිනුත් එකක් වුණා. මම ඒ අවස්ථාවෙදීත් කිව්වා විදේශ කටයුතු අමාත්‍යාංශය තාම නිහඬයි කියලා. ස්වාමීන් වහන්සේලාට ගහනවා කියන්නේ රටටම ගහනවා කියන එක. මේ රට සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ස්වාමීන් වහන්සේලා අප්‍රමාණ වෙහෙසක් ගත්තා. තුට්ටු දෙකේ ඇමති හොරුන්ට ඕනෑ තරම් ආරක්ෂා තියෙනවා. නමුත් අද භික්ෂුව අනාරක්ෂිතයි. මහා නායක හාමුදුරුවරුන්ට නම් මේ ගැන කියලා වැඩක් නැහැ. මොකද උන්වහන්සේලාට වෙන වෙන වැඩ තියෙනවා. එනිසා, සාමාන්‍ය මහාසංඝරත්නය එකතු වෙලා මේ ප්‍රශ්නය හැකි ඉක්මනට විසඳා ගනිමු. (නි)
මෙතන සැලසුම් සහගත වැඩක් තියෙනවා, ලංකාව අස්ථාවර කරන්න, ඒකනේ අපේ හාමුදුරුන්ටම ගහන්නේ (දී)
ලංකාව ගැන පුදුම කේන්තියකින් ඒ මිනිස්සු ඉන්නේ (දී)
තමිල්නාඩු වැසියෝ හෙළිකරන්නේ නූගත්කම නොවේද? (නි)
මෙහේට වෙලා ඉන්න පුළුවන්නේ. මොනවට යනවද ගුටිකන්න? (නි)
ඇයි ඇමරිකාවට මේවා පේන්නෙ නැත්තේ? (නි)
ඉන්දියානු මිනිස්සු ලංකාවේ මිනිස්සුත් එක්ක පුදුම කේන්තියකින් ඉන්නේ (දී)
මොකටද දඹදිව යන අය චෙන්නායි යන්නේ? (නි)
ආරක්ෂාව ගැන හිතන්න
හොද නැණවත් තීරණයක් ඒක (දී)
ඇත්තටම මේවා දකිද්දි ඇතිවන්නේ හරිම කළකිරීමක්. (නි)
ඇයි දිනේෂ් දන්නෙ නැද්ද සිංහලයා හරිම කම්මැලි සත්ත්වයෙක් කියලා. (නි)
සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මගේ පිරිනිවීමෙන් පසු ධර්මය ගුරු කරගන්න කියලා. ඒත් දෙයියනේ ගුටි කකා අපි එයාලා ළගට යන්නේ මොනවටද? ධර්මය අපිට මෙහේ තියෙනවනේ. (නි)
මේ ප්‍රශ්න ආරම්භයේදීම විසදිය යුතුයි. (නි)