IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනරාල් වීරසූරිය ට ලෙඩක් ?

මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබේ.

ජනරාල් වීරසූරිය 1990 දී එවකට යුද හමුදා ආඥාපතිවරයකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධි මුල්කර ගනිමින් දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය විසින් එරට විදේශ අපරාධ සඳහා වූ විශේෂ ඒකකයේ කොමසාරිස්වරයා වෙත එම චෝදනා ගොනු කර ඇතැයි ග්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.

ජනරාල් වීරසූරිය මේ දිනවල දකුණු අප්‍රිකාවේ සමුළුවකට ගොස් සිටී.

 



අදහස් (0)

ජනරාල් වීරසූරිය ට ලෙඩක් ?

චාන්දනී Monday, 08 December 2014 05:15 AM

අපිට නම් තියෙන්නේ ඉතින් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)

:       0       0

හසිත Monday, 08 December 2014 05:20 AM

මේවා k .p ගේ දැනුම මත වෙන දේවල් (අ)

:       0       0

ප්‍රසන්න. Monday, 08 December 2014 05:24 AM

ඡන්දෙට වැඩ පටන් අරගෙන වගේ....(අ).

:       0       0

රවීන් Sunday, 07 December 2014 09:12 PM

හිතන්න එපා දැන් ඔක්කොම හරි කියලා. ජනාධිපතිතුමා නොසිටින්න මේ හැමදේම වෙනස්වෙන්න තිබුණා (නි)

:       0       0

නිසාම් Sunday, 07 December 2014 09:15 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ත Sunday, 07 December 2014 10:18 PM

කුමාර්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 07 December 2014 10:31 PM

මෙම අභූත චෝදනා ගැන දකුණු අප්‍රිකා රජය එහි සමුළුවකට ගොස් ඇති වීරසුරිය අහතාට විරුද්ධව කටයුතු කරයිද? (නි)

:       0       0

දිනේෂ් Monday, 08 December 2014 12:24 AM

මෙන්න නියම වෙලාව අපේ රටට ආදරේ කවුද කියලා බලන්න. (නි)

:       0       0

අබේපාල Monday, 08 December 2014 11:47 AM

මාගලි, 12 වැනි දින දකුණු අප්‍රිකා තානාපති කාර්යාලයට අපි යනවා සංදේශයක් බාරදෙන්න. මාගලිට එන්න පුලුවන්ද යන්න එන්න. (නි)

:       0       0

හසිත් Monday, 08 December 2014 01:53 AM

හෝව් හෝව් දිනේෂ්, ඔයාට පොඩ්ඩක් වැරදිලා (නි)

:       0       0

රසිකා Monday, 08 December 2014 02:13 AM

චෝදනා නම් ඕනෑ කෙනෙකුට කරන්න පුලුවන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

සරත් Monday, 08 December 2014 06:00 AM

මුළු රටම යළි නැගිටිමු. මේ සුදානම් වන්නේ 2 වන සටනටයි (නි)

:       0       0

රූපවතී Monday, 08 December 2014 02:24 AM

කවුරු වුණත් කමක් නැහැ වරදක් කර තිබුනා නම් දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 08 December 2014 02:24 AM

දකුණු අප්‍රිකානු රජය පාලන කරන්නේ කවුරුන්ද? ඔහුට ආරක්ෂාව සැපයීමට දකුණු අප්‍රිකානු රජය බැඳීසිටිය යුතුයි. යුධ අපරාධකාරයන් අපිද? නැත්නම් මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන අයද? (නි)

:       0       0

අමල් Monday, 08 December 2014 02:31 AM

කුමාර්, ඔයා හරි (නි)

:       0       0

අබේ Sunday, 07 December 2014 02:27 PM

ජනරාල් සටන් කලේ රට වෙනුවෙන්. ඔහු වෙනුවෙන් අපි නැගී සිටිමු (නදී)

:       0       0

කුමාර් Sunday, 07 December 2014 02:57 PM

මෙයාලට කියන්න ඕනා එයාලගේ මහෙකෙනා (ප්‍රභා) මේ රටේ කරපු අපරාද, සිංහල දෙමල මුස්ලිම් ජනතාවන් අමු අමුවේ මරාදාපු හැටි, වද දීපු හැටි හොයා බලන්න කියලා. (නදී)

:       0       0

ගුණසේකර Sunday, 07 December 2014 03:19 PM

හරියට කියන්න බැහැ කිසිදෙයක්. මේ දවස්වලම මෙහෙම වෙන්නේ කොහොමද? (නි)

:       0       0

සදුනි Sunday, 07 December 2014 03:21 PM

කොහොමත් ඡන්දෙන් පස්සේ ජනපතිවරයාවත් යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න සූදානමක් තිබෙන බවට ආරංචි පැතිරෙනවා නේද? මේ දේවල් ගැන අපි සිතාබැලිය යුතුයි (නි)

:       0       0

මාගලී Sunday, 07 December 2014 03:24 PM

අබේ, එහෙම කරන හැටි කියන්නකො මටත් දැනගන්න (නි)

:       0       0

ඇසිලින් Sunday, 07 December 2014 03:26 PM

මේ නාටක වලට එඩිතරව මුහුණදෙන්න විධායක ජනපති ක්‍රමය තිබිය යුතුමය. මඩේ හිටවූ ඉනි තාවකාලිකයි. (නි)

:       0       0

තිවංක Sunday, 07 December 2014 03:36 PM

පුවත පළකළාට ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

ටියුඩර් Sunday, 07 December 2014 03:45 PM

මෙහෙම වෙන්න දීලා බලාගෙන ඉන්න බැහැ අපිට (නි)

:       0       0

ධම්ම Monday, 08 December 2014 04:32 AM

කිසි සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මෙවැනිදෑට අභීතව මුහුණදෙන සේනාධිනායකයෙක් තවම අපේ රටේ ඉන්නවා. (නි)

:       0       0

මොහමඩ් Sunday, 07 December 2014 03:58 PM

ජනරාල් රට වෙනුවෙන් සටන් කළ එකද වැරැද්ද? මහ කොටියා අමු අමුවේ මිනිස්සු ඝාතනය කළ එක හරි? අපේ ජනරාල්වරයා බේරාගනිමු (නි)

:       0       0

සුනෙත් Monday, 08 December 2014 04:38 AM

යුද අපරාද චෝදනා නැති ජෙනරල්ලත් ඉන්නවා. (නදී)

:       0       0

සුරංග Monday, 08 December 2014 04:47 AM

ඔබගේ වටිනා ඡන්දය හරියට පාවිච්චි කරන්න. (නි)

:       0       0

යුවරාජ් Sunday, 07 December 2014 04:43 PM

අපිට ඕන ඕක තමයි, වැරදි කරපු අය හිරගෙදර යන්න ඕනා. 8 වෙනිදායින් පස්සෙ අපි බලා ගන්නමු ඉතුරු ටික. මේ රටේ බැරි නම් පිටරටදි හරි හිරේ යවනවා. (නදී)

:       0       0

නලීන් Monday, 08 December 2014 05:03 AM

මේ හැමදෙයකින්ම තේරෙන්නේ කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site