(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ එස්.බාලසුරිය)
පවතින ආපදා තත්ත්වයෙන් විදුලි බලය විසන්දි වීම නිසා විදුලි උත්පාදන යන්ත්‍රයක් මගින් විදුලිය ගත් රොටුඹ ඌරව ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොටුඹ පොලීසිය පවසයි.
එම අවස්ථාවේ නිදාගෙන සිටි මව,පියා,පුතා හා දියණියක මෙලෙස මිය ගොස් තිබේ.
නිවස තුළ ක්‍රියාත්මක කරන ලද විදුලි ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වු වායුවකින් හෝ විෂ දුමකින් ඔවුන් මිය යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබන් මොනොක්සයිඩ් ආඝ්රාණය නිසා වෙච්ච අවාසනාවන්ත සිදුවීමක්... මේ ගොල්ලෝ කිසිම ශාරීරික වේදනාවක් නොලබා මරණය කරා යන්න ඇති.... නිවන් සුව පතමි !!!
පොඩි ප්රාථමික දැනුමක්වත් නැතුව මේ වගේ යන්ත්ර ක්‍රියාත්මක කරන්න එපා දෙයියනේ!!!. මහා විපත්තියකට රටේ මිනිස්සු කොටු වෙලා ඉන්දැද්දී වෙච්ච දුක්බර සිදුවීමක්....ඔබ සැමට නිවන් සුවය ලැබේවා.!!! මතු සසරෙදි මෙවන් අකල් වියෝවක් නොමවේවා..!!!