ඒකාබද්ධ විපක්ෂය යන වචනය මාධ්‍ය නිදහස අවභාවිත කිරීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යැවූ නිවේදනය රජයේ ස්ථාවරය නොවන බවත් එය ලේකම්වරයාගේ පෞද්ගලික කාරුණික ඉල්ලීමක් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
එම කාරුණික ඉල්ලීම සහිත ලිපිය මාධ්‍ය නිවේදනයක් ලෙස පිළිගත යුතු නැති බව සඳහන් කළ කරුණාතිලක මහතා මාධ්‍ය නිවේදනයක් නම් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා එය මාධ්‍ය ආයතන වෙත යොමු කරන බව ද මෙම ලිපිය යැවීමේදී එවැනි ක්‍රමවේදයක් අනුගමනය කර නැති බව පෙනී යන්නේ යැයි ද පැවැසීය.
මෙම ලිපිය නිකුත් කරන විට තමන් කොළඹින් බැහැරව සිටි හෙයින් එය නොදුටු බව පැවැසූ කරුණාතිලක මහතා තමා දුරකතනය මඟින් ලිපිය කියවා අසා ගැනීමේදී එහි කිසිදු තර්ජනාත්මක ස්වරූපයක් නැති ඉතා කාරුණික ඉල්ලීමක් පමණක් ඇති බව තේරුම් ගිය බව ද සඳහන් කළේය. ජනපති, අගමැති තමා ඇතුළු යහපාලන රජය හැමවිටම මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්ෂය පටු වාසි ලබා ගැනීමේ අරමුණින් විවිධ අර්ථකතන ලබා දුන්න ද රජය කිසිවිටකත් මාධ්‍යය නිදහස සීමා කරන්නට කටයුතු නොකරන බව අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැට්ටේ ඉදන්ම ගොම..නානවා කියල මෙහමත් නෑමක්..(බ)
රජය අපහසු තාවයට පත්කරමින් ,ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිය විනාශ කිරීමට මාන බලන මෙවැනි තනතුරට නුසුදුසු ලේකම් වරු වහාම ඉවත් කිරීම යහපාලන රජයේ වගකීමයි .(බ)
මේයත් දෑකල තියෙන්නේ පත්තරෙන්....(බ)
මොකක්ද මේකේ තේරුම? කැබිනට් එකේ ගත්තු තීරණ ජනාධිපති දන්නේ නැහැ. ලේකම් කරන ප්‍රකාශ ඇමැති දන්නේ නැහැ. රට පාලනය කරන්නේ මෙහෙම අයද? රටක් දියුණු කරන්නේ මෙහෙමද? (ම)
පෙන්නලා දෙනවා කියන්නේ මේවාට (ම)
ලේකම් ආයතන සංග්‍රය උලන්ගන කළ බැවින් නිසි ක්‍රියාමාර්ග ගන්න .බොරු කියන්නේ නැතුව සේවයෙන් ඉවත් කළයුතුය (බ)
මෙයා රජයේ නිලධාරියෙක් නේද? (ර)
මට පේන්නේ ලේකම් ලකුණු දාගන්න හිතාගන කරපු දෙයක් වගේ... අනිත් රජයේ සේවකයන්ටත් පාඩමක් වෙන්නයි යහපාලනේ නියම අරුත ලෝකෙට කියා දෙන්නයි දෙන්න මෙයාට හොඳ දඩුවමක්. (ර)
මාද්‍ය නිදහස කෙතරම්ද යත් ඕනෑම රජයේ නිලදාරියකුට ඕනෑම ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාව දැන් ඇත. ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඕනෑම අයෙකුට හදුන්වාදීම නිදහසද දැන් ඇත. (ර)
පොදු කියන නමත් තහනම් කල යුතුයි. (ර)
දැන් රටේ වෙනදේවල් දැනගන්නේ පත්තරෙන්... (ර)
මේ ආණ්ඩුවේ ගොඩදෙනෙක් හුගක් දේවල් දැනගන්නේ පත්තරෙන් ...එ්ත් ටිකක් පහුවෙලා. (බ)