මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මින් සුළු වේලාවකට පෙර ආරම්භ විය. විශ්වවිද්‍යාල නියෝජිතයන්, ජනමාධය අමාත්‍යාංශය, ජනමාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය පුහුණු ආයතන, ප්‍රජා හා සිවිල් සංවිධාන හා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ ද සහභාගීත්වයෙන් මේ සමුළුව අද (13) හා හෙට (14) දෙදින පුරා පැවැත්වීමට නියමිතය.

ජනමාධ්‍ය හැසිරීම, ජනමාධ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය ආකාරය, ජනමාධ්‍ය අධ්‍යයනය කිරීම හා මාධ්‍ය කර්මාන්තය පවත්වාගෙන යාම පිළිබඳ කතිකාවතක් මෙහිදී සිදුකිරීමට නියමිතය. පසුගිය දශක කිහිපයක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සැළකීමට ගනිමින් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ න්‍යායාත්මක කරුණු සකසා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මේ ජාතික සමුළුවේ අරමුණ වේ.