කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට 2017 වර්ෂය සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරී 13 වැනිදා දක්වා සිදු කෙරේ.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය වලින් පාඨමාලාව පැවැත්වෙන අතර සම්මුඛ පරික්ෂණයක් මගින් සිසුන් බදවා ගනු ලැබේ.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත හා අදාළ සේවා පළපුරුද්ද ඇති මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර නිදහස් මාධ්‍යවේදීහු, දැනට ලේඛන කටයුතුවල නිරත වන සාහිත්‍යවේදීහුද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණ ශිල්පීන්න්ට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකි බව සරසවිය කියයි.
වැඩිවිස්තර www.cmb.ac.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 500431 ජනමාධ්‍ය අංශයේ දුරකතන අංකයෙන් දැනගත හැකි බව විශ්ව විද්‍යාල ජනමාධ්‍ය අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට ගුටිකන්න පුරුදු අය ඉල්ලුම්පත් යැවුවොත් වඩාත් හොඳයි. (නි)
ආත්මාරක්ෂක සටන් ක්‍රමත් උගන්වනවාද දන්නේ නැහැ (නි)
මෙම පාඨමාලාව සඳහා ගාස්තු වශයෙන් අය කිරීමට නියමිත මුදල එකවර ගෙවීමට අපොහොසත් නිදහස් මාධ්‍යවේදීන් ඇතුළු ස්ථාවර වැටුපක් නොලබන සිසුන් සඳහා අඩු තරමින් වර්ෂය තුළදී එය වාරික 04 දී ගෙවීමට පහසුකම් සැපයීමට ඉඩ ප්‍රස්තාව ලබාදීමට හැකිනම් එය දුප්පත් සිසුන්ට මනා පිටිවහලක් වනු ඇත. (නි)
ජනමාධ්‍ය පාඨමාලාව හදාරන සියලු දෙනා හට ආත්ම ආරක්ෂාව පිණිස කරාටේ සටන් නොමිලේ උගන්වන්න ගත්තොත් හොඳයි (නි)
අයදුම්පත අනිවාර්යයෙන් නාවික හමුදාපති සහතික කළයුතුයි. (නි)
ඕක කළාට පස්සේ හරි රටේ හොඳ මාධ්‍ය සදාචාරයක් හැදුනොත් ඒ මදැයි. (බ)