පාර්ලිමේන්තුවේ තිබෙන්නේ සුළුතරයක් වුවත් රටේ ජනතාව අතර බහුතරය සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව මෙවර මැයි දිනියේ දී ඔප්පුවීයැයි එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
වත්මන් පාර්ලිමේන්තුව තුළ එම සැබෑ ජනමතය පෙන්නුම් නොකරන නිසා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනමතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කර ගත යුතු බව කී කබීර් හෂීම් මහතා නව ක්‍රමයක් යටතේ ඉක්මන් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් පවතින ක්‍රමය යටතේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම එන්නකෝ.... (නි)
ඉක්මන් වෙන්න එපා. ජනතාව කාලයක් බලාපොරොත්තු වුණ ඡන්ද ක්‍රමය ගෙනල්ලා ඡන්දය පවත්වන්න. (නි)
මහජනතාව දන්නවා මේ දේ ඇත්ත නැත්ත.(හේ)
දවල් හීන දකින්න එපා (නි)
දැන් මහජනතාව ඉන්නේ කලකිරීමෙන්.(හේ)
සිහිනයෙන්ද? (නි)
ඒක නිසා තමයි මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ. (නි)
ඒක කියන්න පුළුවන් ජනමත විචාරයක් තියලා තමයි.(හේ)
ඒක එහෙමම තමා (නි)
අපි නොදන්නා බහුතරය! බලමුකෝ, තව ටික දවසනේ (නි)
එන්න. අපි දෙන්න බලාගෙන ඉන්නේ. (නි)
අනේ හොඳයි. හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වා ,ජනතාව කාගේ පැත්තේද කියලා බලන්න. (නි)
ජනතා සහයත් එජාපෙටයි,ජනපතිතුමාගේ සහයත් එජාපෙටයි,ඊළඟ ආණ්ඩුවත් සම්පුර්ණයෙන්ම එජාපයයි (නි)
ජනමතය නොබෙදුනු එක්සත් පක්ෂයක් තමඟයි (නි)