(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ   වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා  අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව අවම වශයෙන් වසර විස්සක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව එම ගැසට් නිවේදනයේ දැක් වේ.

මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාවට අනුව ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය ඇතුළත් කර තිබූ නමුත් විශේෂිත අවස්ථාවන්හිදී සෙසු සියළුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබුණි.

මේ අතර 2026 වසරට අදාළව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.