
(අංජුල මහික වීරරත්න)
වයස අවුරදු 18ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම සුවිශේෂී සහයෝගීතාවකට එළැඹීම අද (06) සිදු විය.
දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මූල්‍යමය බාධා අවම කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදලෙහි සහ ජනශක්ති පදනමේ සහයෝගිතාවෙන් ජාතික සත්කාරයක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන 'හෙට දිනන ලොවකට අද සුවය සදමු' යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් කිසියම් රෝගීයෙකුගේ ප්‍රතිකාර සඳහා වැය වන මුදලින් කොටසක් පමණක් ගෙවනු ලබන අතර, මෙම නව සහයෝගීතාව යටතේ ජනශක්ති පදනම විසින් ඊට සමාන මුදලක් හෝ ප්‍රතිකර්ම සදහා වැය වන ඉතිරි මුදල යන දෙකෙන් අඩු වටිනාකම ගෙවනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ අමතර මූල්‍ය සහායක් අපේක්ෂා කරන අයදුම්කරුවන් ජනාධිපති අරමුදල සඳහා අයදුම් කිරීමේදී තම තොරතුරු සුරක්ෂිත ලෙස ජනශක්ති පදනම වෙත ලබා දීම සදහා අවසර ලබා දෙන ආකෘති පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය. මූල්‍ය සහාය අවශ්‍ය දරුවන් හදුනා ගැනීම, ඔවුන්ගේ තොරතුරු තහවුරු කර ගැනීම සහ මුදල් අනුමත කිරීම ඉදිරියටත් ජනාධිපති අරමුදල මගින් සිදු කරනු ඇත.
මේ යටතේ සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ මුදල දරුවන්ගේ භාරකරුවන් වෙත ගෙවනු ලබන අතර, හදිසි ප්‍රතිකාර සහ විදේශගතව සිදු කරන ප්‍රතිකාර සදහා එම ප්‍රතිකාරවලට පෙර මුදල් ගෙවනු ඇත.
2026 මැයි මස 15වන දින සිට ජනාධිපති අරමුදලට ඉදිරිපත් කරන වෛද්‍යාධාර අයදුම්පත් සදහා ජනශක්ති පදනමෙන් අමතර අරමුදල් ලබා ගැනීමට අයදුම්කරුවන් සුදුසුකම් ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd