
(විමුක්ති එස් රුද්‍රිගු)
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 11 සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
එහිදී රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ජනාධිපති දිසානායක මහතාගේ නිල සංචාරයේදී ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේද ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙනම් අර ඩයස් පෝරාවල්ව හම්බ වෙන්න අමතක කරන්න එපා...
කලින් රනිල්ට විදේශ සංචාර යනවා කියලා බැනපු අය මාසෙට දෙපාරක් විදේශ සංචාරවල යෙදෙනවා.
ඩයස්‌පෝරා යාලුවොත් හම්බවෙලා, ගනුදෙනුත් බේරාගෙන මෝල්ටාව හෝ ග්‍රීසිය හරහා ප්‍රයිවට් ජෙට් එකකින් ආපහු එන්න.
ඩයස්පෝරාවේ පිහිටත් අරගෙන ඔබතුමාගේ අනාගතය සඳහා දේශපාලන රැකවරණ, සරණාගත භාවයන් ගැනත් කතාබහ කරගන්න. ක්‍රියාකලාපය අනුව රටතුළ විසීමට වරම් ලැබේදැයි සැකයි දැන්නම්.
ගුණරත්න, රනිල් 1977 ඉඳන් පාර්ලිමේන්තුවේ දිගටම හිටියට රනිල් අභිවෘද්ධියට සාර්ථකව කළ එක දෙයක් කියන්න...
KP එහෙමත් හම්බවෙයිනේ නේද?
අංගුලිමාලව මතක් වුණා.
මෙයා යන්නේ ජර්ම්න් ජනාධිපතිගේ ආරාධනාවකට නෙමෙයි. ඩයස්පෝරාවේ ආරාධනයකටයි.
අරුණ මහතා හූණා කියන්නා වගේ හරියටම කිව්වා. ගොනා හැරෙනකොටම දන්නවා පොල්පැලේ කන්න කියලා. බලාගෙන පා පුවරුවේ යන්න එපා. බාගෙ ටිකට් අරගෙන.
අපේ රටේත් සාමය හොයාගෙන ගියේ කෙනෙක්ගේ පිළිරුවක් හදයිද දන්නේ නෑ.