ශ්රී ලංකාවේ 7 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දය මධ්‍යස්ථාන 12,314 කදී අද පෙරවරු 7ට ආරම්භ විය.
උදෙන්ම ඡන්ද පොළට යන්නැයි ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයනන්ගෙන් ඉල්ලීම් කරයි.
පස්වරු 4 දක්වා ඡන්දය පැවැත්වීමට නියමිතය. සාමකාමීව ඡන්දය පවත්වන්නැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරුද සමාජ නායකයෝද ඉල්ලති.
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15044490 කි. ප්‍රධාන අපේක්ෂකයෝ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් තරඟ කරයි.
ඔහුගේම ශ්‍රීලනිප මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන එජාපය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වී සිටී. තවත් අපේක්ෂකයෝ 17 දෙනෙක්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් සිංහල මිනිස්සු එකා වගේ යුද්ධ කිරීමට, අපේ රට බේරාගැනීමට ඉදිරිපත් වුණ හැටි සිහිකරගන්න. අපි සියලු දෙනාටම ජීවත්විය හැකි රටක් ලැබේවා! (නි)
කටුගස්තොට, මගේ පැතුමත් එයමයි. (නි)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසුත් මගේ රටට තිබෙන සාමය සහ තිබෙන පාලනය රැකේවා! (නි)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මිනිසුන් ඇස්බැන්ඳුම් සහ බොරුකාරයන්ට නොරැවටේවා! (නි)
මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි. (නි)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මෛත්‍රී පාලනයක් අප රටට ලැබේවා !!!! (නි)
දෙවි පිහිටෙන් දුෂණයෙන්,භීෂණයෙන් තොර පාලනයක් බිහිවේවා! (නි)
කොහෙද කස්තුරි සාමය තියෙන්නේ? ඔන්න දැනුත් පාර අවහිර කරලාලු. (නි)
ඒඩ්‍රීයන් ද මෙල් සිහින දකිනවා. (නි)
හොර බොරු නැති රටක්, යහපාලනයක් ඇති රටක් ලැබේවා! (නි)
ඡන්දය පවත්වන දිනය තෙක් ඡන්ද අපේක්ෂකයින් යාචකයින් වැනිය. ඡන්ද ප්‍රතිඵල අවසන්වූ පසු නැවත මැතිවරණයක් පවත්වනතෙක් ඡන්දදායකයින් යාචකයින් බවට පත්වන්නෝය. (නි)
ඔන්න මගේ යුතුකම මම ඉටුකළා උදෙන්ම ගිහිල්ලා රට ජාතිය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නි)
ආ! මම බැලුවා බන්දුල අයියා සභාවට එන්න පරක්කු මොකද කියලා. උදෙන්ම ගිහිල්ලා ඡන්දෙ දාපු එක හොදයි. හවස් වෙනකොට අයියගේ ඡන්දෙ අතුරුදහන් වෙන්නත් පුළුවන්. (නදී)
මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නදී)
රටේ කෙතරම් නුගත් ජාතිවාදීන්(වනචාරී ගෝත්‍රිකයන් ) සිටිනවද යන්න අද අපිට බලාගත හැකිය (බ)
රණ්ඩු සරුවල් නොකර සාමය ආරක්ෂා කරන්න (නි)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසු මගේ රටට කිරි ඉතිරේවා! (නි)
ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගන්න නායකයෙක් ජය ගනිත්වා! (නි)
බියෙන් හා සැකයකින් තොරව තම අභිමතය පරිදි ඡන්දය දැමීමට සියලුම දෙනාට හැකිවේවා! (නි)
මට නම් කවුරු දිනුවත් කහක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)