IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිවරණ ඡන්දය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දය මධ්‍යස්ථාන 12,314 කදී අද පෙරවරු 7ට ආරම්භ විය.

උදෙන්ම ඡන්ද පොළට යන්නැයි ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයනන්ගෙන් ඉල්ලීම් කරයි.

පස්වරු 4 දක්වා ඡන්දය පැවැත්වීමට නියමිතය. සාමකාමීව ඡන්දය පවත්වන්නැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරුද සමාජ නායකයෝද ඉල්ලති.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15044490 කි. ප්‍රධාන අපේක්ෂකයෝ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් තරඟ කරයි.

ඔහුගේම ශ්‍රීලනිප මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන එජාපය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වී සිටී. තවත් අපේක්ෂකයෝ 17 දෙනෙක්ද වෙති.

 



අදහස් (0)

ජනපතිවරණ ඡන්දය ඇරඹෙයි

සුදෙල්මි Thursday, 08 January 2015 03:45 AM

මුස්ලිම් සිංහල මිනිස්සු එකා වගේ යුද්ධ කිරීමට, අපේ රට බේරාගැනීමට ඉදිරිපත් වුණ හැටි සිහිකරගන්න. අපි සියලු දෙනාටම ජීවත්විය හැකි රටක් ලැබේවා! (නි)

:       0       0

කරුණාජීව Thursday, 08 January 2015 04:15 AM

කටුගස්තොට, මගේ පැතුමත් එයමයි. (නි)

:       0       0

කස්තුරි Thursday, 08 January 2015 04:22 AM

තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසුත් මගේ රටට තිබෙන සාමය සහ තිබෙන පාලනය රැකේවා! (නි)

:       0       0

කස්තුරි Thursday, 08 January 2015 04:23 AM

තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මිනිසුන් ඇස්බැන්ඳුම් සහ බොරුකාරයන්ට නොරැවටේවා! (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Thursday, 08 January 2015 04:30 AM

මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Thursday, 08 January 2015 04:32 AM

තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් මෛත්‍රී පාලනයක් අප රටට ලැබේවා !!!! (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 08 January 2015 04:37 AM

දෙවි පිහිටෙන් දුෂණයෙන්,භීෂණයෙන් තොර පාලනයක් බිහිවේවා! (නි)

:       0       0

සමන්ත Thursday, 08 January 2015 04:45 AM

කොහෙද කස්තුරි සාමය තියෙන්නේ? ඔන්න දැනුත් පාර අවහිර කරලාලු. (නි)

:       0       0

කිංග්ස්ලී පෙරේරා Thursday, 08 January 2015 04:47 AM

ඒඩ්‍රීයන් ද මෙල් සිහින දකිනවා. (නි)

:       0       0

ෂ්‍යාම් Thursday, 08 January 2015 04:48 AM

හොර බොරු නැති රටක්, යහපාලනයක් ඇති රටක් ලැබේවා! (නි)

:       0       0

නිරාන් Thursday, 08 January 2015 04:50 AM

ඡන්දය පවත්වන දිනය තෙක් ඡන්ද අපේක්ෂකයින් යාචකයින් වැනිය. ඡන්ද ප්‍රතිඵල අවසන්වූ පසු නැවත මැතිවරණයක් පවත්වනතෙක් ඡන්දදායකයින් යාචකයින් බවට පත්වන්නෝය. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 08 January 2015 04:53 AM

ඔන්න මගේ යුතුකම මම ඉටුකළා උදෙන්ම ගිහිල්ලා රට ජාතිය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නි)

:       0       0

සදුනි Thursday, 08 January 2015 05:07 AM

ආ! මම බැලුවා බන්දුල අයියා සභාවට එන්න පරක්කු මොකද කියලා. උදෙන්ම ගිහිල්ලා ඡන්දෙ දාපු එක හොදයි. හවස් වෙනකොට අයියගේ ඡන්දෙ අතුරුදහන් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

මංගල Thursday, 08 January 2015 05:19 AM

මහින්ද රාජපක්ෂ මහත්තයාට ජය වේවා..!!! (නදී)

:       0       0

ප්‍රණීත් Thursday, 08 January 2015 05:39 AM

රටේ කෙතරම් නුගත් ජාතිවාදීන්(වනචාරී ගෝත්‍රිකයන් ) සිටිනවද යන්න අද අපිට බලාගත හැකිය (බ)

:       0       0

ලංකා Thursday, 08 January 2015 02:04 AM

රණ්ඩු සරුවල් නොකර සාමය ආරක්ෂා කරන්න (නි)

:       0       0

කටුගස්තොට Thursday, 08 January 2015 02:19 AM

තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අදින් පසු මගේ රටට කිරි ඉතිරේවා! (නි)

:       0       0

සුජීව Thursday, 08 January 2015 03:19 AM

ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගන්න නායකයෙක් ජය ගනිත්වා! (නි)

:       0       0

ප්‍රශාන්ත Thursday, 08 January 2015 03:19 AM

බියෙන් හා සැකයකින් තොරව තම අභිමතය පරිදි ඡන්දය දැමීමට සියලුම දෙනාට හැකිවේවා! (නි)

:       0       0

අබේපාල Thursday, 08 January 2015 03:27 AM

මට නම් කවුරු දිනුවත් කහක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site