කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන අතරතුර අගමැති එලෙස සඳහන් කළේය.
‘‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා වැඩි ආරක්ෂාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරනවා. අති නවීන ඉහළ තාක්ෂණයක් සහිත ඉතා වටිනා උපකරණ රැසක් හිටපු ජනාධිපතිවරයා විසින් ගෙනගොස් තිබෙනවා. මේ අතර වෙඩි නොවදින බෙන්ස් කාරයක්, වෙඩි නොවදින බී.එම්.ඩබ්ලිව්. රථයක්, ඔහු ගෙනගොස් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එවැනි දේ නැහැ. හිටපු ජනාධිපතිවරයා අරගෙන ගිය උපකරණ ඉතා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන ආරක්ෂක උපකරණ. ඊට සමාන දේ දැන් ජනාධිපතිටවත් අගමැතිටත් නැහැ. අපි දෙදෙනාම භාවිතා කරන්නේ අඩු පහසුකම් සහිත පරණ වාහන‘‘ අගැමති වරයා කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු යොදවා ඇති බවයි. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනකු ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනකු, පොලිස් පරීක්ෂකවරු හත් දෙනකු, උප පොලිස් පරීක්ෂකවරු අට දෙනකු, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්, පොලිස් සැරයන්වරු 22ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් තිදෙනකු, පොලිස් කොස්තාපල්වරු 45ක්, කාන්තා පොලිස් කොස්තාපල් වරියන් හත් දෙනකු හා පොලිස් රියදුරන් හත් දෙනකු යොදවා ඇතැයි ද අගමැතිවරයා කීවේය. හමුදාවේ කර්නල් වරයකු ඇතුළු නිලධාරීන් 14 දෙනකු හා සෙසු නිලයන් 90ක් ආරක්ෂාවට යොදා ඇතැයි ද අගමැතිවරයා හෙළි කළේය.
හිටපු ජනාධිපතිවරයා ගෙනගිය ආරක්ෂිත උපකරණ අතර එක්ස්රේ යන්ත්‍රයක්, සෙවුම් දොරටුවක්, බෝම්බ සොයන උපකරණ දෙකක්, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනිමේ උපකරණ දෙකක්, ෆයිබර්ස්කෝප් යන්ත්‍රයක් හා මල්ටිපල් සර්ච් මිරර් හෙවත් බහුවිධ සෙවුම් දර්පණයක් ද ඇති බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව හිටපු ජනාධිපතිවරයකුට කෑම බීම කළමණා ඇතුළු හිමිකම් ලබාදිය යුතු ආකාරය දක්වා තිබෙනවා. එක් නිල නිවාසයක්, ලේකම්වරයෙක්, ලේකම්ට වාහනයක් ඇතුළු පහසුකම් දෙනවා කියා දන්වා තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරු දෙදෙනාම ඊට වා වැඩි ප්‍රමාණයක් ආකර්ෂක පහසුකම් ලබාගෙන තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙනගොස් තිබෙනවා බෙන්ස් කාර් දෙකයි, වෙඩි නොවදින අති නවීන බෙන්ස් කාරයයි, වෙඩි නොවදින බී.එම්.ඩබ්ලිව්. කාරයයි, ඩිෆෙන්ඩර් එකයි, ඩබල් කැබ් එකයි, ලේකම්ට ලෑන්ඩ් කෘෂර් එකයි, කාරයයි, ඩිෆෙන්ඩර් තුනයි, ලෑන්ඩ් කෘෂර් ජීප් තුනයි, ඩබල් කැබ් දෙකයි, සින්ගල් කැබ් තුනයි, ට්‍රක් හතරයි, බස් දෙකයි, යුද හමුදා කණ්ඩායම සඳහා යතුරුපැදි තුනයි. “
“ වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට ගියේ නැහැ. කොළඹ කොටුවේ වෙනත් නිවසක් පිළිසකර කර භාවිතා කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු විජේරාමේ පිහිටි නිවස අපි හිටපු ජනාධිපතිවරයාට දුන්නා. දිනේෂ් ගුණවර්ධන මහතා කියනවා හිටපු ජනාධිපතිවරයාට ගෙයක් අවශ්‍යයි කියා. අපි ඒක ගැන සාකච්ඡා කරලා ඉක්මනින් පිළියමක් දෙන්නම්. ඡන්ද කාලයේ දී වැඩියෙන් ආරක්ෂාව අවශ්‍යනම් එයත් දෙන්නම්. එතුමාට දී තිබූ ආරක්ෂාව අපි අයින් කළේ නැහැ. හිටපු ජනාධිපතිගේ ජිවිතය අනතුරේ දමන්න කටයුතු කළේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේ.පි.ගේත් හිටපු කෙනාගෙත් මේ අධික මිතුදම රටට අනාගතයේදී අහිතකරවිය නොහැකිද? (නි)
අපි සන්තෝසෙන් ඉන්නේ, දුක ශෝකය නැහැ දන්නේ, කේ. පි. අයියා වගේ අයියා මල්ලි... (නි)
මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න කසුන් මහත්තයාගේ දේශපාලන වීරයින් කවුද කියලා.අපිට නිකමට පොඩ්ඩක් සන්සන්දනය කරලා බලන්න අද දේශපාලනයේ ඉන්න ඔහේ ඔය කියන අයගේ වීරයෝ නොවන දේශපාලන බෝධිසත්වවරු කවුද කියලා.ඔහෙලා වගේ මේ 2009න් පස්සේ ලෝකේ දැකපු මුහුණු පොතේ බබාලගේ වීරයෙක් වෙන්න කොහොමටවත් එතුමාට අවශ්‍ය නැහැ.එතුමා කළගුණදත් සිංහල ජනතාවට සැමදාටමත් ඔවුන්ගේ හදවත්වල රැඳෙන වීරයෙක්.පැරදිලා ගෙදර ගිය මනුස්සයාට හීනෙන් බයවෙන්න ජයග්‍රහණයෙන් මාසතුනක් යන්නත් කලින් ඔහෙලට සිද්ධවෙලා තියෙන්නේ ඒ හේතුව නිසයි මහත්තයෝ.. (නි)
පුංචි ප්‍රශ්න කීපයයි අහන්න තියෙන්නේ.කේ පි දැන් කොහෙද ඉන්නේ? ඇයි ඔහුව මැතිවරණ කාලේ කියපු විදියට අත්අඩංගුවට නොගන්නේ? ඔහු මේ රටේ ඉන්නවා නම් ඔහුට යම් ආරක්ෂාවක් මේ රජයෙන් සපයාදීලද එහෙම ඉන්නේ?අනෙක කොටි නැතිකළ මනුස්සයට තිබෙන තර්ජනය උන්ව නැළවූ අයට කොහෙද තියෙන්නේ? (නි)
මට හිතට එන දේ මෙතන ලියන්න අමාරුයි (නි)
චමිල, කොටි නැතිකළ මනුස්සයාට තිබෙන තර්ජනය ඔවුන්ව නැළවූ අයට කොහෙද තියෙන්නේ? චමිල 2009 ට කලින් ලංකාවේද හිටියේ? (නි)
මෙතන අදහස් දාන කට්ටිය හරියට අහසින් වැටිලා වගේ අදහස් දාන්නේ.මහින්ද මහත්තයට ආරක්ෂාව ඕනෑ. මොකද එතුමා යුද්ධය අවසන්කළ නිසා. තාමත් කොටි පුල්ලි බලාගෙන ඉන්නවා කොහොමද ඊළම හදන්නේ කියලා. ඒකට බාධාව මහින්ද කියල ඔවුන් දන්නවා (නි)
සිංහලයන් විනාශ කරන්නට,රටක් දෙකඩ කර ඊළමක් හදන්නට අවි සැපයු මහා කොටියෙකුට ආරක්ෂාව සැපයීමට තරම් මේ රටේ දේශපාලකයන් බලලෝභීන්ද? (නි)
මොහුට මොනවාටද මෙතරම් ආරක්ෂාවක්? (නි)
අනේ ඇත්තට අපිට අහන්න ලැබෙන දේවල්? (නි)
බලාගෙන ගියාම තවදුරටත් හිටපු ජනාධිපතිට බලය තියෙනවනේ! (නි)
තිලක්-ඩුබායි , නරකද ලංකාවට ගියොත් මොකද ලගදීම මහින්ද අගමැති වෙනවා (නදී)
එයා තව ටික කාලයක් හිටියා නම් කේ.පී. ජාතික වීර සම්මානයත් ගන්නවා. (අ)
රටේ කරුමේ කට්ටියගේ අදහස් වලින් තේරෙනවා (නදී)
ටෙනිසන් ස්තුතියි. පිටිබැද්දර ජයාගේ කතාව හරියටම හරි. ඕක නොතේරෙන මිනිස්සු ගැන දුකයි. (ස)
එතකොට වර්තමාන ජනපතිට? (නි)
ප්‍රශීන්, අපේ රටෙත් අගමැති කෙනෙක් හිටියා. තනතුර නැතිවූ ගමන් සියලු අඩුමකුඩුම ටික මල්ලක දාගෙන දුම්රියෙන් ගමට ගියා. අද කාටත් අමතක ගරු දහනායක මැතිතුමා.කසුන්, ඔය ගොඩට නොවැටුණ කිසිම කෙනෙක් අප රට තුළ ඉන්නවද? මම කියන්නේ ඔබත් ඇතුළුව (නි)
කසුන්, ඔබ හරියටම හරි. (නි)
පිටබැද්දර ජයා,ඔබ හරියටම හරි. (නි)
හිටපු ජනාධිපතිට කේ.පි ව ආරක්ෂා කරන්න කියලා නියෝග දෙන්න බලයක් දැන් නැහැ. එයා රනිල්ගෙන් ඉල්ලීමක් කරන්න ඇති.එයාගේ කාලය ඉවරයි.එයා වැදගත් විදිහට පැන්ෂන් ගිය ජනාධිපති කෙනෙක් නොවෙයි. මහජන ඡන්දෙන් පැරදිලා ගෙදරගිය කෙනෙක්. එයා කළ හොරකම් දුෂණ තවම එළියට ආවේ නැහැ.ඒවා විභාග කරලා, එයා අවසානයේදී වැරදිකරු වුණොත් ඔය ආරක්ෂාවෙන් වැඩක් නැහැ. (නි)
"කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැයි ..... "ඔන්න නියම වීරයා.දේශප්‍රේමියා.අපේ කොල්ලෝ 60,000ක් මරන්න අවි සපයපු කෙනාට ආරක්ෂාව දෙන්නලු. (නි)
කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන්ට කුමටද ආරක්ෂාවක්? (නි)
ඒකාධිපති පවුලෙන් තවම රට නිදහස් කරගෙන නැද්ද? (නි)
රාජපක්ෂවරු කේපී ට මෙතරම් සැපසම්පත් දෙන්නේ ඇයි දන්නේ නැහැ. (නි)
කේපී එවපු අවි වලින් තමයි අපේ දළදා මාළිඟාව කුඩුපට්ටම් කළේ. එහෙව් කෙනෙකුට ආරක්ෂාව දෙන්න කියන්නේ මොකටද? (නි)
අත දෙන්න ගිහින් අතට මොකද වෙන්නේ කියලා මම මේ බලාගෙන ඉන්නේ. (නි)
අපි හිටපු ඒකාධිපතියාට විරුද්දව අදහසක් දැම්මොත් අපිට ත්‍රස්තවාදීන් කියල කියන අය මේ ගැන මොනවද කියන්නේ? (බ)
අපේ කොල්ලෝ 60,000ක් ජීවිතය නැති කරපු කෙනාට ආරක්ෂාව දෙන්නලු. පිස්සු හැදෙනවා. (බ)
දැන් පැහැදිලියිනේ "දේශප්‍රේමීන්" කවුද "දේශද්‍රෝහීන්" කවුද කියලා. ඒ හොඳටෝම ඇති. (නි)
මම ලියමින් යන "රාජපක්ෂවරු රටම ගසා කෑමේ ජාතක කතා වස්තුවට" තවත් කතාවක් එකතු වුණා." (අ)
ටෙනිසන් කියන විදිහට ගෙදර ගිය අනිත් කෙනා "රනිල්". 94 පැරදුනාම එතුමා ගෙදර ගියෙත් ගෙදරින් කාර් එකක් ගෙන්නාගෙන. එදා එයා ගෙදර නොගියානම් චන්ද්‍රිකාට 94 අගමැති වෙන්න බැ. එක වැඩි මන්ත්‍රී ආසනයක් තිබුනේ. එම ආසනය හදාගන්නකම් රනිල්ට අරලියගහ මන්දිරයෙන් යන්න එපා කියල පක්ෂේ කට්ටිය කියද්දීත් එතුමා ජන මතයට හිස නමල ගෙදර ගිය. අද තප්පුලන කට්ටිය ඔය දේවල් එයාලගේ වසියිට අමතක කරලා තියෙන්නේ. (අ)
කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැයි........ඒ මොකටද?රටට කල සේවයටද?අනේද කියන්නේ. (අ)
කේපී ට අන්තිමට ඉතිරි වෙන්නේ/ඉතිරි කරන්නේ ඇදී වත පමණයි. ඉතිරි සියල්ලම කම්බා හොරු හොරා කනවා. (නදී)
කේපී නැව් පිටින් එව්වේ "පිරිත් පැන්" නිසා කමක් නැහැ.මේ ගැනත් නාරාහේන්පිට අබයාරාමයේ ඉදලම නිවේදනයක් නිකුත් කරන්න. (නදී)
අපේ රටේ දරුවන් සෑම තුනෙන් එක්කෙනෙක්ම මන්ද පෝෂණයෙන් පෙළෙනවා. රටේ නිවාස තිබෙන්නේ ලක්ස 50ක් පමණයි. වැසිකිලි,බීමට ජල පහසුකම් නැති පාසල් බොහොමයක් ලංකාවේ තියෙනවා. අර කිවත් වගේ දේශපාලන වාසි ගත්තු මිනිස්සුන්ට හැරෙන්නට පසුගිය පාලකයන් අනිත් අයට අරහන්. අඩුම ගනනේ රුපියල් මිලියන 20ක් වත් මාසකට වැයකළ නායකයන්ව කුමට තියාගන්නවද ? (නදී) (නදී)
අපේ කොල්ලෝ 60,000ක් පරලොව යවපු කෙනාට ආරක්ෂාව දෙන්නලු......? (නි)
කෝ අපේ පිවිතුරු යහපාල? (නි)
අයියෝ! අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මෙහෙ ගියොත් කවුරුහරි ඉල්ලීමක් කරයිද දන්නේ නැහැ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් කියන අයි.එස්.අයි.එස්. අයටත් ආරක්ෂාව දෙන්න කියලා (නි)
කේපී විසින් පරලොව යවපු අපේ කොල්ලෝ 60,000ක් පරලොව ඉඳලා මේවා බලා ඉන්නවා ඇති.කා වෙනුවෙන්ද,කාගේ යහපත වෙනුවෙන්ද අපි අපේ ජීවිතය පුජාකළේ කියලා. (නි)
කළ පවු පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදිවෙනවා. (නි)
කුමාරන් පද්මනාදන්ට කුමටද ආරක්ෂාවක්? මේකට කියන්න තියන කෙටිම පිළිතුර කොටින් විසින් ලෝකය පුරා ඉන්න දෙමළ ජනයාගෙන් යුද්දය සදහා එකතු කළ මුදල් පරිපාලනය හා ඒවා ගිණුම් කර ඇති බැංකු හා රටවල් දන්නේ ඒවා ලබාගත හැක්කේ මොහුට පමණයි. එම මුදල් අපේ දේශපාලකයන්ට ලබා දෙන පොරොන්දු මත තමයි ඔහුට ආරක්ෂාව ඉල්ලා ඇත්තේ එම මුදල් වලට ඇති කෑදර කමට තමයි අපේ ජාතිය වනසපු මොහු කරුණ යන අය අද යුද හමුදා ආරක්ෂාව මැද ජීවත් වෙන්නේ එහෙත් මේ කුරිරු යුද්දයෙන් රට බේරා ගත්තු අපේ රණවිරුවන් අද එල්ලුම්ගස් යවනවා මේක තම ලංකාවේ උත්තරීතර නීතිය අරන්තලාව අම්පාර සිංහපුර අහිංසක ජනතවා අමු අමුවේ ඝාතනය කළ කරුණාට ලංකා කොමාන්ඩෝ ආරක්ෂාව දිලා තියනවා එතමත් අගනෙයි අපේ සිංහල ජාතියට සියළු දෙවියන්ගේ පිහිටයි ,රනිල් ,මෛත්‍රී නොදැක්කාසේ බල ඉන්නවා (ම)
ජනතාවගේ මුදල් කාබාසිනියා කරා මදිවට තවත් ජනතාවගේ ලේ බොන්නද හදන්නේ මෙහෙම බහිරවයෝ ඉන්නවනේ හැබැට ඉතින් කොහොමද රට හදන්නේ ? (අ)
බලය නැතත් සැමගේ හිත්වල තවමත් ජනපති මහින්ද මහතා තමයි (අ)
ඒ කියන්නේ ආපසු දැන් රට පාලනය කරන්න හිටපු ජනපති තුමාටම භාර නොදී බැරුව වගෙයි පෙනෙන්නේ. (අ)
පැරදුනා නම් පාඩුවේ ඉන්නේ නැතුව අපේ ආරක්ෂාවට බාධාවක් නොවී ඉන්නවද කරුණාකරලා. අපිට ආයිත් මහින්ද අවශ්‍ය නැහැ. මහින්දගෙන් වෙන්න ඕනෑ දේ රට කරගෙන ඉවරයි. (නි)
මේ අයට ලජ්ජා නැතිද .මේ රට දුප්පත් රටක් කියල මෙයාලට තේරෙන්නේ නැතිද. (අ)
රටේ සාරය උරාගෙන බීපු විදියට ඔය දුන්නා මදි කියලයි හිතෙන්නේ ......(අ)
මහින්දට ඡන්ද දිපු උන්ගෙන් බහුතරය නිකං ඉඳන් අයුතු විදියට බඩ පුරෝ ගත්ත පැය 8 රාජ්‍ය සේවයෙන් පැය 2ක්වත් වැඩ නොකරපු නිකම්ම් හිටිය උන්. දැන් උන්ට හරිම අමාරුව කලින් ලක්ෂයක් ගත්තනම් දැන් 20000ක් වත් ගන්න බැහැනේ. ආයිත් මහින්ද ඕනේ ගොඩ යන්න. වෙන රටට තියෙන ආදරයට නෙමෙයි මේ කට්ටිය දගලන්නේ ආයිත් කෙටි මාර්ග වලින් ගොඩ යන්න. කසුන් කියලා තියෙන එක හරි. (බ)
මේක දැකල මට මතක් උනේ මන්මෝහන් සිංග් මහත්තයාගේ කතාව. නරේන්ද්‍ර මෝඩි දිනපු ගමන් නිල නිවාස යාන වාහන බාර දීල අර කහ පාටයි කළු පාටයි පොඩි කාර් එකේ නැගල තමන්ගේ ගමට ගිය ලෝකේ එකම මනුස්සයාද කොහෙද.(අ)
දැන් ඉන්න කෙනාට මොකටද මොනවා කලාටද. (අ)
මේ තරම් ආරක්ෂාවක් මොකද? මෙයාට ජනපති කාලෙටත් වඩා (ම)
ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය. සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අයට, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අයට, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආධියෙන් යටි මඩි ගසා ගත් අයට, ආණ්ඩුවේ කඩ අඩු කුලියට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අයට, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නන්ට, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ගන්නා අයට, දේශපාලකයන් ඇසුරින් වාසි ලබා ගත හැකි මැරවරයන්ට, වැඩි සමාජ ඇසුරක් නැති, රූපවාහිනියෙන් යැපෙන ගෘහනියන්ට ආදී සැලකිය යුතු පිරිසකට මහින්ද වීරයෙකි. (අ)
කේපිට ආරක්ෂාව දෙන්නේ ඇයි.(හේ)
එක හිටපු ජනපති කෙනෙක්ට මේ තරම් වියදමක් යනවා නම් ජනපතිලා දහක් හිටියොත් කොහොම තියෙයිද? මේවා අපේ බදු මුදල් නේද?(ම)
මේක මාර වැඩක්නේ. මහින්ද පරදවන්න ඡන්දේ දුන්න අය හරී හොදයි. ඒ මිනිස්සුම දැන් මහින්ද ඉල්ලන කොට නරකයි. මහින්ද ඡන්දෙට ඉල්ලන හෝ නොයිල්ලන එක මහින්දගේ වැඩක්. මහින්දට ඡන්දේ දෙන හෝ නොදෙන එක ඡන්ද දායකයාගේ වැඩක්. (ම)
දැන් අනුරට පෙනෙන්නේ මහින්ද බහිරවයෙක් වගේද? ඒකත් හොඳ කතාව. (නි)
ආරක්ෂාව ලබන්න තරම් මොකක්ද ඔහුගේ ඇති විශේෂත්වය? (නි)
එතුමාගේ සමයේ තමයි ත්‍රස්තවාදී නොවන හැමෝටම ආරක්ෂාව ලැබුනේ . අවි බිම තබා පැමිණි ත්‍රස්තවාදීන්ටත් ආරක්ෂාව ලැබුණා. ප්‍රභාකරන් අවි බිම තබා පැමිණියා නම් ඔහුටත් ආරක්ෂාව ලබාගැනීමට තිබුනා. (නි)
සිංහල බහුතරයට මහින්ද වීරයෙක් වෙලා තියෙන්නේ කිසිම ලාබ ප්‍රයෝජනකට නොවෙයි. අවුරුදු 30 ක් මස් මඩුවක් වෙලා තිබුණු රට එඩිතර නායකත්වයෙන් සෙබළුන්ට ලැබුණු චිත්ත ධෛර්යය ඇතුළු තවත් රාශියක් නිසා යුද්ධය අවසන්කළ නිසයි.මේ ලබාදුන් නිදහස මිල කළ නොහැකිය (නි)
කසුන්, කට තිබුන පළියට කියවන්න එපා. (නි)
මොන පිස්සුවක්ද මේ. මහින්ද හිටපු ජනාධිපති. එයාට ඕන විදියටද එක එක්කෙනාට ආරක්ෂාව දෙන්නේ. ආරක්ෂාවට වග කිව යුත්තේ බලයේ ඉන්න අයයි. (බ)
88-89 භීෂණ යුගයේදී තරුණ තරුණියන් 600,000ක් ඝාතනයට වගකිව යුතු වූ අයගේ සුරංගනා කතා වලට නොරැවටෙන්න යැයි මෙරට තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. (බ)
කේ.පී.ට මොකටද ආරක්ෂාවක්? (නි)
දැන් ජනාධිපති මහින්ද නෙමෙයිනෙ. ඉතින් මහින්ද කළ වරද නිවැරදි කර,කේ.පී., කරුණා, පිල්ලෙයාන් වැනි අය හට නීතිය ක්‍රියාත්මක කිරීම සහ දුෂණය පිටුදැක, ආර්ථිකය වර්ධනය කිරීම ඔයාලගෙ වගකීමනේ! (නි)
ඇන්ජලෝලා වගේ අය තවත් මේ රටේ ඇති. ඉතුරු ටිකත් කන්න දෙන්නද කියන්නේ? (නි)
රනිල් අගමැති ඉඳල පැරදුනාම එයාගේ කාර් එකෙන් ගෙදර ගියා, අයෙත් කියව කියව හිටියේ නැහැ, දැන් දිනේෂ් මන්ත්‍රිතුමාට ඕනෙකමටද දෙන්නේ නැත්නම් මහින්ද මහත්තය ඉල්ලුවද? (ස)
මෙහෙම කිසිම ප්‍රතිලාබයක් නැති වියදම් තමා පසුගිය 10 වසරක කාලයතුල කලේ.එම මුදල් ලැබූ බොහෝ නිකමුන් තමා හිටපු ජනපතිට සුදුහුණු ගාන්නේ. ජනතාවනි අවදිවන්න,මෙවැනි අනවශ්‍ය වියදම් කලොත්,රාජ්‍ය සේවය කාර්යක්ෂම නොකොළොත්,නීතිය හරි හැටි ක්‍රියාත්මක නොකොළොත්, අද ග්‍රීසියට වෙලා තියෙන දේම අපටත් අත්විඳින්නට වෙනවා. (ස)
මේක පුදුම වැඩක්නේ. එහෙම ඉල්ලපු පළියට ආරක්ෂාව දෙන්න පුලුවන්ද? (නි)
දැන් ඉතින් කාගෙන් ආරක්ෂා වෙන්නද? (නි)
ලංකාව තුන්වෙනි ලෝකයේ රටක බවට පත්වෙලා තිබෙන්න එක හේතුවක් තමා දේශපාලකයන් නඩත්තුවට විශාල මුදලක් වැය කිරීමත් , අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා වලට ඉතා සොච්චම් මුදලක් වැය කිරීමත්ය. (ස)
සුනිල්.ඔබ හරියටම හරි.අපි නම් කියන්නේ බඩගොස්තරවදියෝ කියල. (ස)
කේ පී ඉන්න තැනක්වත් දන්නේ නැතිකොට ආරක්ෂාව දෙන්නේ කොහොමද? (නි)
තව ටික දවසක් ගිහිල්ල කියාවිද දන්නේ නැහැ මට ජනාධිපති මැදුරම ඕනේ කියල. (ස)
අපිට නම් හිටපු ජනපති ගොඩක් වටිනවා (නි)
සල්ලි දැකල නැති මිනිස්සු රටේ බලයට ගෙනාවම කොටින්ට ආරක්ෂාව දීල හරි ගතමනාව හොයා ගන්නවා. (ස)
අනේ මන්දා,මේවා අහනකොට මහින්ද මහත්තයා ගැන අපේ හිතේ තිබෙන ගෞරවය ටික ටික නැතිවෙනවා (නි)
ඇයි මහත්තයෝ මෙහෙම දේවල් අපිට අහන්න සළස්වන්නේ? ඔබ නේද අපේ දේශය බේරාදුන් මහරජා? (නි)
අමතක කරන්න එපා රටේ මිනිසුන්ගේ ලේ කදුළු වල හරි හම්බ කරන මුදල් වලට,කන පාන් කෑල්ලට,පරිප්පු ටිකට ගහන බදු මුදල් වලින් කියලා.ජනතාව විසින් බලයෙන් පහ කරලා ගෙදර යවපු ජනාධිපතිට මේ තරම් මහජන මුදලක් වියදම් කරන එක නම් හෙන ගහන අපරාධයක්.(ම)
තව ටික දවසකින් කියාවිද දන්නේ නැහැ මගේ සුරතලාටත් වායුසමීකරණය කරපු නිවසක් දෙන්න කියලා.(ම)
පිවිතුරු යහපාල, මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එකක් ගහගෙන නැද්ද ගෙදර? (නි)
මුදලට කෑදර කමට කේ පී ළඟ දනින් වැටෙන අපේ විරවරු......(ම)
බුවනෙක.බඩ ගින්නේ හිටියත් සිංහයෝ තණකොළ කන්නේ නැහැ. එ්කට අපේ සිංහයෝ කියල කියා ගන්න අය. (ස)
කල්පනා කර බලන්න, සෑම ළමුන් තුන්දෙනෙකුගෙන් එක් අයකුම මන්දපෝෂන්යෙන් පෙලෙන රටක,40% ජනතාවක් තුන්වේලක් හරියට කන්නට නැති රටක,දරුවන්ට කන්න දෙන්න නැතිව ගඟට පනින දෙමාපියන් ඉන්න රටක මෙවැනි වියදම් දැරිය යුතුද? (ස)
"කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැයි" ........රටම නිදහස් කර ගත්තු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට ඔය කරුණාව දයාව කොහෙද තිබුනේ.ලැජ්ජයි. (බ)
අයිඑස් ත්‍රස්තවාදී/අන්තවාදී අයට ආරක්ෂාව දුන්නොත් හොද ගානක් හොයා ගන්න පුළුවනි. (බ)
කේ.පී.ට අද ආරක්ෂාව දුන්නා නම් හෙට වෙද්දී තව කාට කාට ආරක්ෂාව සපයයිද දන්නෙ නැහැ (නි)
එහෙම තමයි යහපාලනය! (නි)
ප්‍රගීත් , මන්මෝහන් සිං විතරක් නෙමෙයි, ඉන්දියානු ලෝක ණය ගෙවාදමමින් ණය බරින් ඉන්දියාව නිදහස් කළ හිටපු අගමැති වජ්පායි මහත්තයාත් ගියේ එහෙම තමයි. දැනට ජීවත්වෙන්නේ එතුමාගේ ගමේ කාමර දෙකක පොඩි ගේක. ඒ ඉතින් ඉන්දියාවෙනේ! මේක ශ්‍රී ලංකාවනේ! බලයේ ඉන්නතුරු හත්මුතු පරම්පරාවටම හම්බ කරලා රටම කාලා මදිවට බහුතරයේ කැමැත්තෙන් ගෙදර යවලත් තවත් ඉන්න තමයි කැමැත්ත. කරුමය කියන්නේ මේවා හරි කියන කොටසකුත් ඉන්නවනේ! අද අපේ රටේ එදා වේල කන්න නැතුව බඩගින්නේ කී දාහක් ඉන්නවද? හරිහමන් ඇඳුමක් පැළඳුමක් නැතුව කී දාහක් ඉන්නවද? එහෙමත් දුගී දුප්පත් රටක් වෙච්ච අපි තනි පුද්ගලයෙක්ගේ ආරක්ෂාවට මේසා විශාල මුදලක් වෙන්කරනකොට තවත් මොන කතාද? (නි)
නමුත් වියයුත්තේ එයද? (නි)
ශාමන්ත වෙල්ගම,මම කියන්නෙත්/ලියන්නෙත් එකම තමයි.තේ කහට කෝප්පය බිලා සපත්තු දෙකක් නැතුව පාසල් යන දරුවන්ම ලක්ෂ කීයක් ලංකාවේ ඉන්නවද?බලයෙන් පහකරලා ගෙදර යවපු අයෙකුට මේතරම් විශාල ධනස්කන්දයක් වියදම් කරන්නේ මොකටද?? (නි)
වැරදි වැඩියෙන් කළ තරමට වැඩි ආරක්ෂාවක් ඕනෑනේ. හිතේ භය ඇති වෙන්නේ වැරදි කළ අයට තමයි.(ම)
‘‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා වැඩි ආරක්ෂාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරනවා. (ම)
කරුණාකර අගමැතිතුමනි ජනතාවට පවසන්න, මහින්ද ජනාධිපතිතුමා, කේ.පි නමැත්තාට මොන පදනමක් මතද අරක්ෂාවක් ඉල්ලනේ? (නි)
පරපෝෂිතයින් ගැන ඉගැන්වූ පාඩම මට මතක්වුණා (නි)