සිව් දින නිල චාරිකාවක් සඳහා ලන්ඩන් නුවරට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති මහත්මිය ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටේදී එළිසෙබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිත ෆ්‍රොග්නල්හි සුසන් ගාඩ්න් බැරැන්වරිය හා ලන්ඩනයේ විදේශ අමාත්‍ය පිලීප් හැමන්ඩ්ගේ විශේෂ නියෝජිත නිකලොස් ජැරල්ඩ් විසින් පිළිගනු ලැබුහ.
විදේශ ඇමැති මයිකල් ෆැලැන්ඩ් ලන්ඩන් හිල්ටන් හෝටලයේදී ජනපති හමුවීමට නියමිතය.ලන්ඩනයේ වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී අද(08) සවස පොදු රාජ්‍ය මණ්ඩලීය සැමැරුමට සහභාගී වීමටද නියමිතය. රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය මේ උත්සවය සංවිධානය කරයි.පොදු රාජ්‍ය මණ්ඩලීය සැමැරුමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ඇරියුමින් පැමිණි සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයින් දේවස්ථානයේ උත්සවයට පෙරහරකින් සහභාගීවීමට ද නියමිතය.
මාර්ල්බරෝ මන්දිරයේදී ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති මහත්මිය රාජ්‍ය නායකයින් හමු වීමට යයි.
නව රජය බලයට පැමිණිමෙන් පසු බ්‍රිතාන්‍යය පාලකයින් අතර පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ වාසය කරන දෙමළ ජනතාවගේ ආකල්පමය වෙනසක් පවතින බව වැඩ බලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහතා කියයි.
ඔවුන් අතීතයේදී මෙන්ම මෙන්ම ශ්‍රී ලංකාවට විරෝධාකල්පයක් නොදක්වන බව කියති . එහෙත් වෙස්මිනිස්ටර් දේවස්ථානය හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය අසල සැර බාල කළ විරෝධතා පැවැත්වීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.
එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලංකා දෙමළ ජාතිකයින්ගේ ඡන්දයේ බලය බ්‍රිතාන්‍ය දේශපාලනයේ ලොකු සාධකයක් බව කියති. ශ්‍රී ලංකා ජනපති බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඩවුනින් වීදියේ අගමැති මන්දිරයේදී හමු වීමට නියමිතය.ශ්‍රි ලංකා කටයුතු වලට සම්බන්ධ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්ද බ්‍රතාන්‍ය පාර්ලිමේනතු කමිටු කාමරයකදී සංවිධාන කර ඇත.
දෙරට ද්විපාර්ශවික සබඳතාද පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතය. සදුදා (09) ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලයයේදී ආගමික නායකයින් මුණ ගැසීමටද ජනපති අදහස් කරයි. විදේශ ඇමැති මංගල සමරවීර ,පුනරුත්තාපන ඇමැති ඩී එම් ස්වාමිනාදන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාද මේ ගමනට ජනපති සමඟ එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට යහපාලනය දැනිලා , ජොහාන් තරමක් නිවැරදියි (නදී)
ඔය මහින්ද මහත්තයට කඩේ යන ය අනිවාර්යෙන්ම මේ ටිකත් දැන ගන්න ඕනේ යුද්දේ දිනුවා කියලා රට කාගෙවත් දේපොලක් නෙමෙයි. අනික යුද්දේ දිනුවේ එතුමා විතරක් නෙමෙයි මේ රටේ සියලුම ජනතාව. මොකද අපෙන් ගත්තු බදු මුදල් වලින් තමයි යුද්ද කරේ එතුමාගේ පෞද්ගලික මුදල් වලින් නෙමෙයි. ඒ නිසා යුද්දේ අවසාන උනාට පස්සේ එතුමා කරපු වැරදි අපි හෙළා දකින්න ඕනේ. එ්කයි සැබෑ රටට ආදරේ කරන ලාංකිකයන්ගේ යුතුකම. එහෙම නැතුව යුද්දේ දින්න කියල කරන හැම හොර වැඩකටම කඩේ යන එක නෙමෙයි (නදී)
මැගී සහ රන්ජනී රූප රාජිනි තරඟ විනිසුරුවරියන් දෙන්නෙක් වද්ද ? අපිට හරි යන්නේ තමන්ගේ සැමියාගේ ආණ්ඩුවේ පඩියට සරිලන විදියට ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙන, රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් විලාසිතා නොකරන වැදගත් ජනාධිපති ආර්යාවක් මිසක් පියරු බෝනික්කියක් නෙවෙයි (නදී)
මෛත්‍රීපාල සිරිසේන ඉතා චාම් අයෙක් බව පෙනයි. ඔහු වියදම් අඩු කර ඇති අයුරින් එය තහවුරු වෙයි. සරල, නිහතමානි, නායකයෙකි.ඔහුගේ ඇඳුමින් වත් කතා කරන භාෂාව අනුවත් ඔහු මනින්න එපා.වැදගත් වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයයි රටක ප්‍රථම පුරවැසියා නීතිගරුක වීම පහල ස්ථර දක්වාම ගලා යයි. මේ රට ලෝකයටම ආදර්ශයක් වනු ඇත. (අ)
කෝ අර ඉස්සර මහින්ද මහත්තයා එද්දී කෑ ගහපු කොටි නඩේ ?උන්ට සනීප ඇති දැන්. (නදී)
ලංඩන් වල විතරක් නෙමේ ලංකාවෙත් දෙමල ජනයා හරි කැමතියි සිරිසේනට. (නදී)
එදා මහින්ද ජනාධිපති වරයා ලෙස ලන්ඩන් ගිය අවස්ථාවන්හිදී ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලෙන් එලියට එන්න ද්‍රවිඩ සංවිධාන ඉඩදුන්නේ නැහැ. එ්ත් අද එ් සංවිධානම වත්මන් ජනාධිපතිට එරෙහිවෙන්නේ නැහැ. සමහරු මෙය දකින්නේ අාකල්පමය වෙනසක් ලෙස උවත් අැත්තටම සිදුවී අැත්තේ එයද ? මේ පිටුපස අැති සැගවුනු යථාර්ථය තව නොබෝ දිනකින් ශ්‍රී ලාංකා දේශපාලන කරලිය තුල රඟ දැක්වෙනු අැත (නදී)
කොටි නැතිවුනාට කොන්ද පන නැති, ඇට නැති දිව දෙකේ අය ඉන්නවා. ජනාදිපතිට අකුල් හෙලන්නේ උපන් රටේ සිංහලයන් , හා ශ්‍රී ලංකා පක්ෂය (නදී)
ඔව් ශ්‍රියන්ත හරි මේක රට විකුනන්න ගිය ගමනක් (අ)
රයන්, කොටි සාක්කුවේ ද ? (නදී)
මහින්ද මහත්තයට කොටි නෙමේ සිංහලයොත් මනාප නැහැ ඔයාලා වගේ ගොන් මැට්ටෝ ටිකක් ඇරෙන්න. ජාතිවාදය අවුළුවන්නේ එපා (නදී)
කොටියත් මෛත්‍රි කරනවා වගේ.(නදී)
වාසනාගේ අවාසනාවට දිවේ ඇට තියනව වගේ. නැත්නම් මෙහෙම හැම සිංහලයටම දොස් කියන්නේ නැහැ. (නදී)
19 නමැති පරිප්පුව තෙම්පරාදු කරමින් පවතී එය මේසයට පැමිණෙන තුරු ඉවසිල්ලෙන් ලංකාවට විරුද්ද වාදීන් බලා සිටිනු ඇත .(නදී)
ජනතාව තුළින් ආකල්පමය වෙනසක් ඇතිවූ විට ජාතිවාදයට තැනක් නැත. ජාතිවාදයේ එල්ලී දේශපාලන පටු අදහස් ඉටුකර ගැනීමට උත්සාහ කරන්නන්ට තැනක් නැත. (නි)
හැම පොදුරාජ්‍ය මණ්ඩලීය සැසිවාරයකම වැඩසටහන් පෙළගැස්වීම ඔයලෙසම සිදුවුණා. (නි)
පුෂ්පකුමාර, මට කරුණාකරලා ඔයා ඔය කියන ජාතිවාදය මොකක්ද කියලා තේරුම් කරලා දෙන්නකෝ (නි)
අපි ඉවසීමෙන් ඉදිරිය දෙස බලාසිටිමු... (නි)
ඔබතුමා බොහොම සරල නිහතමානී කෙනෙක් බව ඔප්පුකළා (නි)
මෛත්‍රී මහතාට ජයවේවා! (නි)
ජනාධිපති බිරිය හරිම නිහතමානියි (නි)
මහින්ද මහත්තයා බොරු චන්ඩි පාට් දැම්මට යටින් සේරම යටි මඩි ගැහුවා (නදී)
ඔබ නම් සැබෑ නිහතමානී මිනිසෙක් (නි)
මේ රටේ ජන සංයුතිය දෙස බලා දේශපාලනය කළයුතුයි. (නි)
මම පුෂ්පකුමාරට එකඟයි (නි)
ඔබට අපේ උපහාරය! (නි)
ඉස්සර නම් විදෙස් සංචාර වලට තුන්හාරසීයක් විතර එකතුකරගත්තා. අපිට හොඳට මතකයි. දැන් කොච්චර හොඳද? (නි)
පුෂ්පකුමාර, මහින්ද මහත්තයාට ඔයාලා වගේ ටික දෙනෙක් නැතිවුණාට ඕනෑතරම් රටට ආදරය කරන මිනිස්සු ඉන්නවා.වාසනා, දේශපාලනය කරන ගොඩක් අයගේ නම් දිවේ ඇට නැහැ. (නි)
වෙන වාරවලදී යන්නේ නඩපිටින්. මේ වාරයේ ගියේ හත්දෙනයි (නි)
ඇයි දැන් විතරද අපේ රට ඒ අයට හොඳවෙලා තියෙන්නේ? ඒ දවස්වල හොඳ නැද්ද? ත්‍රස්තවාදයෙන් අපේ රට පීඩා විඳිනවිට ඔය කවුරුත් බැලුවේ නැහැ. දැන් නැති ආදරයක් පෙන්නනවා. (නි)
ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා ශක්තිමත් කරගැනීම ගැන සතුටුයි (නි)
ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වුණේ මෙයයි (නි)
ඔබ සැබෑ නායකයෙක් (නි)
තව ඉස්සරහට තවත් දේවල් අපිට දැකගන්න පුලුවන් වේවි (නි)
ඉතාම හොඳයි. ප්‍රශංසනියයි. නඩපිටින් යන්නෙ නැතුව, චණ්ඩි අරගෙන ගිහින් තානාපතිවරුන්ට ගහන්නෙ නැතුව, රටේ නම්බුව තියලා වියදම අඩුවට ගිහින් වැඩේ කරගෙන එනවා. (නි)
පුෂ්පකුමාර මහත්තයා වගේ ගුණමකුවන් එදත් අදත් හෙටත් අපි අතර හිටියා වගේම ඉන්නවා. ඒ හින්දා ඒ කියපු වචන ටික ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මේ රටේ මිනිසුන්ට දේශපාලනය කරන්න, නිදහසේ හුස්මක් ගන්න, අපේ දරුවන්ට යුධ බිය නැති මරබිය නැති හෙටක් හදලා දුන්න ඒ උතුම් නායකයට මේ රටේ ලක්ෂ 57ක් කෘතගුණ දක්වා කැමැත්ත දුන් බව බව අමතක කරන්න එපා.ඒ පිරිසිදු තනි පුද්ගලයෙක් සදහා ලැබුණු කැමැත්ත.මහින්ද මහත්තයා හැමදාමත් මිනිසුන්ගේ හදවත් වල ජීවමාන බව නුගේගොඩ රැළියෙන් හා නුවර රැළියෙන් රටට පමණටත් වඩා ඔප්පු කරලා පෙන්නුවා.හෙට ඒ ඔප්පු කිරීම යථාර්ථයක් කරලා අපි පෙන්වනවා. (නි)
ඔබ අපේ රටට යහපතක් වන ලෙස කටයුතු කරන බව අපිට විශ්වාසයි (නි)
කලක සිට සිංහල නොවන කෙනෙන් දෙන්නෙක් සිංහල නමින් කූට අදහස් දාන බව රහසක් නොවෙයි. ඒවගේ අන්තර්ගතය ජාතිවාදී කෝණයෙන් දාන්නේ. (නදී)
පිවිතුරු යහපාල මහත්තයො රැලියකට එන ඔළුගෙඩි ගනනින් ජනමතය මොකක්ද කියලා වටහා ගන්න බැහැ. ඡන්දෙට කලිනුත් ආවේ ලක්ෂ ගනන් කට්ටිය රැලි වලට. ඡන්දය දුන්නද? අද රටට ඕනේ ඇත්තටම රටට ජනතාවට ආදරය කරන වංචා දූෂන නොකරන හා කරන අයට උඩගෙඩ් නොදෙන නායකයන්.(නදී)
ඔය ඉතුරු කරන සල්ලි වලට මොකද වෙන්නේ බලමුකෝ (නදී)
කඩේ ගිය අයට ඉතින් වෙන කවුරුවත් රාජ්‍ය නායකයා හැටියට පිටරටකට රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවක් යන එක පෙන්නන්න බැහැ තමයි. එක්කෙනෙක් තනියම යුද්ධ කරලලු බේරා ගත්තේ. අනිත් මිනිස්සු බුදියාගෙන නේ හිටියේ. කල ගුණ සලකන්න කියල කවුරුවත් කාටවත් මැරෙනකම් කඹුරන්න අවශ්‍ය නැහැ. දුටු ගැමුණු රජතුමාට හිටියේ දස මහා යෝදයෝ මිසක් ජනතාවට කල ගුණ මතක් කරමින් කල් ගෙවන නිවට ඇම්බැට්ටයෝ නෙවෙයි. (නදී)
ඉතුරු කරන සල්ලි වලින් තමයි රංජනියෝ ජනතාවගේ පඩි රු 10000 ක් වැඩි කලේ හා බඩු මිල අඩු කලේ. නැතුව කාගෙවත් ගෙදරින් අරන් ඇවිත් නෙමෙයි. එය තමයි විය යුත්තේ. ජනතාවගේ මුදල් ජනතාව වෙනුවෙනුයි වැය කල යුත්තේ.(නදී)
පිවිතුරු යහපාල තාම ඉන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල. මිනිස්සු රැස්කරලා රැස්විම් තිබ්බටම හරියන්නෙ නැහැ. (නි)
මහා මැතිවරණයක් එනතුරු ජනතාව මඟබලාගෙන ඉන්නවා (නි)
දිල්හානි, කොත්තමල්ලිද බොන්නේ ? (නදී)
පිවිතුරු යහපාල මහත්තයා ලස්සන නමක් එහෙම දාගෙන කරන්නේ යහපාලනයට බනින එකනේ. මේක තමා එදා ඉදලම කලේ. බාහිර දේවල් වලින් ජනතාව රැවටිම. ඒකම තමා සාපයක් වගේ වැදුනේ.(නදී)
මොනවා උනත් ඔසරියක් ඇන්ද නම් තමයි හොද. (නදී)
කව්රුත් කැමති වෙනවා තමන්ට කැමති දේට කැමති අයට. නමුත් නිවැරදි දේ වැදගත් (නදී)
ඇයි රංජනී මොකද මේ ඔසරියක් අල්ලා ගෙන දඟලන්නේ? දැන් හොඳ වැදගත් විදියට විලි වැසෙන ඇඳුමක් ඇඳ ගෙන බොරු සෝබන නැතිව පිටරට ගමනක් යන එක කාන්තාවකට අකැපයි ද ? ඔයාලට ඉතින් පිට ඔපේට මේකප් තට්ටු උලා ගෙන බොරු සෝබනේ දාගෙන ඉන්න ලොකු නෝනලා ඉන්නවා නම් ඊට වැඩිය තව කවුරුවත් නැහැ. (නදී)
මට පේන්නේ රංජනී පසු ගිය කාලයේ කාගේ හරි පරිවාර කාන්තාවක් වෙලා පිටරට සවාරි ගියා වගේ. නැතිනම් මොකද්ද මේ ආඩපාලි කියාගෙන නහයෙන් අඬා ගත්ත ගමන් .(නදී)
පිවිතුරු යහපාල ගම්මන්පිලගේ ගෝලයෙක්ද? හැමදාම මේකට කමෙන්ට් කරන්නේ පුදුම වෛරයකින් මහින්ද පැරදුන එක ගැන. (නදී)
ටිකක් විතර වෙනස් නේද හැමදේම (නදී)
රංජනී ට පිටරට සවාරියක් යන්න ආස වෙලා වගේ. බැරිය ඔය පිවිතුරු යහපාලට කියල වයසත් අඩුවෙන් පේන්න මේකප් එකක් දම්මවා ගෙන හොඳ සාරියක් එහෙම ඇඳ ගෙන හැටට හැටේ "පොෂ්" විදියට සවාරියක් යන්න. (නදී)
අපි දෙමල මිනිස්සුන්ට විරුද්ද නැත. නමුත් බෙදුම්වාදයට විරුද්ධයි. ලංකාවේ සිංහලයන් මේ දෙක පටලවාගෙන. නව ආණ්ඩුව කරන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන එක.(නදී)
පිවිතුරු යහපාලට කළගුණ ලෙඩේ හැදිලා. කවුරු හරි පිටරට ගියත්, කසාද බැන්දත් , ගෙයක් හැදුවත්, ඡන්දෙන් දින්නත් පිවිතුරු ඉතින් කළගුණ ලෙඩේ උත්සන්න කරගෙන දඟලනවා. (නදී)
අයියෝ 120 වත් එක්ක ගියේ නැද්ද? මිලියන 50 වත් වියදම් උනේ නැද්ද. වැඩක් නැහැ 6 ක් විතර ගිහින්. ලංකාවේ අබිමානය පෙන්නන්න කොහොමද? 15 කෝටියක් වත් දීල එන්න සල්ලි අරන් ගියේ නැද්ද. මොනවද මේ කරන්නේ. (නදී)
පිවිතුරු යහපාල හිතන්නේ එයා වළං හෝදන තැනට ඇවිත් අපිත් ඒ රාජකාරියම කරන්න ඕන කියලා. (නදී)
නිහතමානී කමයි තැනකට යනකොට පිළිවෙලකට අඳින්න දන්නේ නැති කමයි පටල ගන්න එපා (නදී)
රංජනිලා කැමති මේකප් කරන්නම 10 දෙනෙක් විතර පිටරට එක්කන් ගිහින් රටේ සල්ලි වියදම් කරලා ඉන්නවා දකින්න. මෙම මැතිනිය චාමෙට ඉන්න කොට රංජනිලාට පේන්න බැහැ.(නදී)
පිවිතුරු යහපාලලා සේනාධිනායකයට කලගුණ සැලකුව හැටිනම් නියමයි. යමක් කියනවා නම් එය සැමට සාධාරණ විය යුතුයි. නැත්නම් ඒවට අපි කියන්නේ " වැදි බණ " කියලා. (නදී)
"පුෂ්පකුමාර" මම හිතන්නේ කුමාරම් වෙන්න ඇති (නදී)
මාලක ඔබ නිවැරදියි. යහපාලලා තාම හිත්නනේ අපි මෙච්චර සෙනග ඇද්දුවා අච්චර ආවා අපි තමයි පොරවල් දැන් සේරම හරි කියලා. හරිම ප්‍රාථමික විධියට හිතන අය. (නදී)
"රංජනි" මම හිතන්නේ " රංජනි යහපාල"වෙන්න ඇති කියලා. (නදී)
සුගත් සහ නලින්, ඔබලා කියපු දේ සත්‍යයක්. වෙන පාරවල මහජන මුදල් වියදම් කරලා නඩ පිටින් යන්නේ. අනර්කලිලා පබාල හිටන් යනවා ජනාධිපති එක්ක. දැන් යහපාලනේ එහෙම වෙන්නේ නැහැ. (නදී)
මේ දවස් වල මෙහේ සිතලයි රංජනි. සාරි ඔසරි ඇදන් ඉන්න බැහැ. ඒවයේ ඇඟ ඇරිලනේ තියෙන්නේ. ඇඟ වැහෙන ඇදුමක් තමයි අදින්න වෙන්නේ.(නදී)
දේශපාලනයේ යෙදෙනවා වෙනුවට කාගෙවත් කුනු අපුල්ලපු, යටි ගිරියෙන් කෑ ගහපු, අට පාස් නැති අයට ඇමතිකම් දිලා අපි ලව්වා සර් කියලා කියවපු, අපේ දරුවො ලව්වා වන්දවපු කාලය සදහටම හමාර කල යුතුව ඇත. (නදී)
ඇත්තමයි රන්ජනී ඔසරිය අපේ ජාතික ඇදුමනේ. සීතල වැඩිනම් ඊට උඩින් උණුසුම් කබායකුත් පොරව ගත්තට කමක් නැහැ (නදී)
සෙනරත් ගමගේ වැදගත් හා වැඩකට ඇති කමෙන්ට් එකක් දාලා තියෙනවා. රංජනිලා මැගිලා හොයන්නේ අදින ඇදුම් ගැන. වෙනස ඒකයි.(දිල්)
සිරිසේන මහතා සහ මහත්මිය ඇදගෙන සිටින ඇඳුම් ගැන ඔයතරම් කතාකරන්න අවශ්‍යද ? ඇඳුමට වඩා ක්‍රියාව වැදගත් ලෝකයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු ගාන්ධි තුමාගේ ඇඳුම ගැන සිතා බලන්න .(දිල්)
මැගි මේක මේ ජාතික උත්සවයකට ගියා නෙමෙයි. රටවල් අතර සබදතා වර්ධනය කරගන්න ගිය ගමනක්. මොකක් ඇන්දම මොකද හොදට විලි වැහෙනවා නම්.(දිල්)
මේ තත්වය හොඳයි රටට වැඩ දායී විදියට වෙනවනම්. මහින්ද මහත්තයා වගේ සිය ගණන් ගෙන නොගිය එක ගැන සතුටුයි. එත් මේ ජාත්‍යන්තරයේ සැබෑ අත දිගු කිරීමක් නම් විය නොහැකිය. (දිල්)
නිහතමානී කම කාටත් හොදයි .(දිල්)
මහි හරියටම හරි ඕක තේරෙනකොට වැඩක් නෑ(නදී)