ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ඇතුළු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයන් එක්ව ගාල්ල රත්ගම ආසනය වෙනුවෙන් ජනපතිවරයාගේ ජය පතා සීනිගම දේවාලයට පැමිණ පූජාවක් පවත්වා ජනපතිට එරෙහි සියලු බලවේග දුරුවී යන ලෙස පොල් ගසා ආශිර්වාදය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ප්‍රතිපල එනකොට මේ ගොල්ලට පොල් ගෙඩි ඔලුවේ ගහ ගන්න වේවි. (නදී)
අපේ ජනපතිතුමනි, ඔබ තුමන්ගේ ජය තහවුරු කිරීමට මෛත්‍රී පැරදවීමට කරුණා අම්මාන්ට යාපනයෙන් වැඩ ආරම්භ කරන්න කියන්නකෝ. ජය නියතයි. (නදී)
අපරාදේ පොල්! (නි)
ඉහත අදහස් පල කල අයට මගේ ප්‍රණාමය. (නදී)
සමස්ත ජනතාවගේම දුක් අදෝනා වලටද පොල් ගහන්නේ? (නදී)
ප්‍රසාද්, ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියල තියෙන්නේ. (නදී)
පොල් ගසා ආශිර්වාද කරනවා කියල අහල නැහැ. අපි නම් අහල තියෙන්නේ පොල් ගහල කියන්නේ "හෙනම ගැහිලා පලයන්" කියලයි. (නදී)
බලමුකෝ ප්‍රතිඵල කොහොම වෙයිද කියලා (නි)
පොල් ගෙඩියක් පොළවේ ගසා කරන්න පුළුවන් අදෘශ්‍යමාන දේවල් තිබේද? (නි)
භියට පත්වූ මිනිස්සු ගස් ගල් වන ආරණ්‍ය සරණ යන බව වසර 2558 කලින් බුදුන් වහන්සේ දේශනා කළා. අපේ ජනාධිපති තුමා "සැදැහැවත්" බෞද්ධයෙක් නිසා, බුදුන් දෙසු වදන සත්‍යය බව ඔප්පු කිරීමට තමන්ගේ ගෝල බාලයන් පුළුවන් තරමින් උනන්දු කරන්න. බුදු වදන ජනාධිපති කමට වඩා ලොකුයි. (නදී)
වීඩියෝව හොඳින් බලන්න.පොල්ගෙඩිය ගහනකොට හරියට බිදුනේ නැහැ නේද? (නි)
මේවා මිනිසුන් යම් විශ්වාසයකින් යුතුව සිදුකරන ක්‍රියාවන්ය (නි)
අපිත් එතුමාට සෙත් පතනවා (නි)
රට පාලනය කරන මන්ත්‍රීලා මෙහෙම බොළඳද? පොල්ගෙඩියක මිල කීයද? ඕක දුප්පතෙකුට දුන්නා නම් ඒකෙන් කාලා පින් හරි දෙයි (නි)
ප්‍රසාද් ,සත්‍යපාල ,කුමාර්,ඔයාලා හරි. ඡන්ද ප්‍රතිඵල කියනකොට සමහරුන්ට පොල් පෙනේවි. (නි)
සත්‍යපාල, කුමාර්, ඔබ හරි. පොල් ගහන්නේ සෙත්පතන්න නොවෙයි. (නි)
, ඔබ බොහොම සාධාරණව හිතන යුක්තියට ගරු කරන අයුක්තියට හිස නොනමන කෙනෙක්. අප දෙදෙනාටම එක්ව සිනා සෙන්න හැකි හෙටක්, ආදරයෙන් වැළඳගත හැකි රටක් ළඟදීම බිහි වේවා කියා පතමු.(නදී)
තමන්ට ඡන්දෙ දෙන්නේ නැති අයටත් මෙහෙම පොල් ගැහුවා නම් හොඳයිනේ ඉතින් (නි)
පොල් ගහලා චන්දෙ දිනන්න පුළුවන් නම් රුපි. මිලියන ගණන් වියදම් කරලා කටවුට් හා පෝස්ටර් ගහන්න ඕනේ නැහැනේ. අඩු තරමින් ගමේ පාරකට කොන්ක්‍රීට් පොදක් වත් දාන්න ඕනේ නැහැනේ. දෙවියෝ හරි දෙවියන්ගේ හාල් කැවිච්ච අය හරි ඉදිරිපත් වෙලා කලින් කතිර ගසා සුදානම් කර ගත්ත චන්ද පත්‍රිකා පෙට්ටිවලට දමාවි.(නදී)
ඔය අනුන්ට ගහන පොල් තමන්ටම වදින වෙලාවල් ගැනත් මම අහලා තියෙනවා (නි)
මමත් පොල් ගෙඩියක් ගැහැව්වා (නදී)
චී, චී, චී -- වැඩේ කැතයි . එකට ඉඳල තමන්ගේ කෙනාට විරුද්ධව පොල් ගහන්නේ මොකද? හැබැයි පුතෝ මේ දවස්වල පොල්ගෙඩියක් රුපියල් 60.00 යි. (නදී)
එලොව පොල් පෙනෙයි ප්‍රතිපල එනකොට. (නදී)
මේවා පහත් වැඩ. පොල් ගහන්නේ විරුද්ධවාදියා හැදි ගෑවිලා යන්න කියලා මිසක් තමන්ගේ කෙනා දිනන්න නොවෙයි. ජය පතා කරන්නේ බෝධි පූජා තියන එක. ලංකාවේ පොල් ගහපු ගොඩක් දෙනෙකුට උනේ එය ආපිට කැරකිලා තමනට එන එකයි. පරෙස්සමින්. (නදී)
පොල් ගැසීම මහා සාපයක්, ලංකාවේ මිනිස්සුන්ට බාගෙට පිස්සු, ඔහේ කරන්නන් වාලේ කරනවා හිතු හිතු දේවල්. (නදී)
ඡන්දෙත් දෙවියන්ගෙන්ම තමයි ඉල්ලන්න වෙන්නේ.(හේ)
මන්ත්‍රීතුමත් පොදු අපේක්ෂකයාට ඡන්දෙ දෙයි වගේ. (නදී)
මතක ඇතුව කතිරේ ගහන්න අනේ. ඡන්දය වෙලාවට පොල් ගහන්න බෑ (නදී)
මම පොල් ගැහුවා මහජන මුදල් ගසාකනවුන්ට දඬුවම් දෙන්න කියලා නම් (නි)
අනේ ඇත්තට අපේ අයගේ වැඩ! (නි)
පොල් ගහන්නේ පළිගන්න කියලයි මමත් අහලා තියෙන්නේ (නි)
අපි පොල් ගහනවා රටේ තිබෙන හොරකමට දුෂණයට විරුද්ධව (නි)
සත්‍යපාල, මිත්‍යා විශ්වාසයක් වුණත් මිනිස්සු පොල් ගහන්නෙ අනෙකා නැතිවෙන්න කියලා විතරක් නෙමෙයි. අපල උපද්‍රව වලින් වැළකෙන්නත් පොල් ගහනවා. (නි)
එහෙනම් හැමෝටම තියෙන්නේ හැම වැඩකදීම පොල් ගහන්න. එතකොට වැඩේ හරියාවි. කෑමට ගන්න පොල් නාස්ති කරනවා අපරාදේ! (නි)
කාට බොරුකලත් දෙවියන්ට බොරුකරන්ට බෑ . (අ)
හුටා....! මල ලෙඩේ නේද..? පොල්ගෙඩිය හරියට බිදුනේ නෑ. නිකන් තැලිලා පිපිරුණා විතරයි.දැන් ඉතින් ඡන්දෙට නැකත් බලපු කෙනාට වගේම මටත් ලොක්කාගෙන් ගුටිකන්න වෙනවා 9 වෙනිදා රෑට.රට පනින එක තමයි හොදම වැඩේ . (අ)