ඉන්දියාවේ ආන්ද්‍රප්‍රදේශ් තිරුපති හින්දු දොවොලට ගිය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා පැවැත්වූ කලහකාරීන් 130කට වැඩි පිරිසක් ආන්ද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී යැයි චෙන්නායි ආරංචි පවසයි.

කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂ වන පී.එම්.කේ පක්ෂ වල ක්‍රියාකාරීන් පිරිස මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිති.  ජනපති තිරුපති දේවාලයට යන එන මාර්ගය දෙපස කළු කොඩි රැගෙන ශ්‍රී ලංකා රජයට උද්ඝෝෂණ කළහ.