
(අංජුල මහික වීරරත්න)
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු හමුවූහ.
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයකදී රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් ලක්ෂ 40ක් ඉපැයූ ගල්කුලමේ බුද්ධික සුදර්ශන මහත්වරුන් ජනපති හමු වීමට පැමිණියේ තම අස්වැන්නෙන් කොටසක්ද රැගෙනයි.
බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ.
සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව මුණසිංහ මහතා සඳහන් කළේය.
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලමේ බුද්ධික සුදර්ශන ගොවි මහතා නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඇයි ඉතින් මේවා මේ කාලකන්නියට දෙන්නෙ මුන් පුදුම නිවටයෝ.
කොමඩු වගාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නම් කොමඩු වගාව ආරම්භ කළයුතු වන්නේ වියළි කාලය ආසන්නව හෝ වියළි කාලය තුළ අස්වනු නෙලීමට හැකිවන ආකාරයට වේ. නිසි ජාල කළමනාකරණයක් තිබේ නම් සැලසුමකට අනුව වගා කරන්නේ නම් නිසි ප්‍රයෝජන ලබාගත හැකිවේ.
හම්බ කරගත්තා නම් කටවහගෙන ඉන්න. නිකන් අඬබෙර ගහන්න ගිහිල්ලා ඉල්ලන් කන්නේ නැතුව...
ඔය හද්ද පිටිසර ගොඩේ බයියෝ අරන් එන එක එක ඒවා අල්ලන්න අපේ රනිල් හාමු කැමති නැහැ දැක්කනේ එතුමාගේ මුණ
හෙට බලන්න පුළුවන් මහජරතුමා පැණි කොමඩු ගෙඩිය කයි කියලා. කනකොට කොහුලණුවක්වත් ගැටගහගෙන ඉන්න.
සාර්ථක වුණාම පැණිකොමඩු පූජා කරනවා වගේ සාර්ථක වුණාම කුණු එළවළු පූජා කරන්නත් ඕනෑ.
අඩේ අප්පා, අත් දෙකෙන්ම කොමඩු ගෙඩිය අල්ලගෙන. එතකොට කලිසම අල්ලන් ඉන්නේ කවුද? වැටුනොත් මලා. එතකොට මේ කොමඩු ගෙඩිය නිසා මෙච්චරකල් හන්ගන් හිටපුවා එළිවෙනවනේ..!
ඕකට කීයක් වියදම් කරන්න ඇතිද?
එයා ඇවිල්ලනේ මෙම නවීකරණ ක්‍රම යෙදුවේ !
නිවට ජාතියක් සිටින රටක් කිසිම දවසක දියුණු වෙන්නේ නෑ
ජනපති එක්ක පින්තුරයක් ගන්න තියෙන ආසාව