‘ගාල්ලෙ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් සෙනග අදින්න මෛත්‍රිපාල ජනාධිපතිට අවශ්‍යතාවයක් නෑ. එතුමා කොන්දක්, හැකියාවක්, දක්ෂතාවයක් තියෙන නායකයෙක් මහ ලොකුවට රට බේරාගත්තු අභිත නායකය,රට රැකගත්තු මහා සෙන්පතිය කියල කයිවාරු ගැහුවට අන්තිමේදි මෛත්‍රිපාල මහතා ඉදිරියේ දණ ගැහුවා. ඒ මෛත්‍රිපාල ජනපතිට කොන්දක් තිබ්බ නිසා ඒක නිසා ගාල්ලෙ මැයි රැලියට ලක්ෂ ගණන් සෙනග අදින්න දෙයක් නෑ. හිතුවටත් වඩා ලක්ෂ ගණන් සෙනග ගාල්ලට යනවා‘ යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසිය.
අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මල්වතු මහ නාහාමියන් හා අස්ගිරි මහානාහිමියන් දෙනම බැහැ දැක ආශිර්වාද ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු තමන්ගේම ප්‍රතිපක්ෂ නායකයාට කඩේ යන්නේ ඇයි කියලා අපි නම් දන්නවා. (නි)
ගාල්ල, කිරුළපන ගැන බලාගන්න මිනිස්සු ඉන්නවා. ඔයාලා, ඔයාලගේ දෙයක් බලාගන්නකෝ (නි)
මිනිස්සු ලක්ෂ ගානක් නම් ඔය රැලියට එන්නේ නැහැ... (ර)
අපිනම් යන්නේ කිරුලපන මහින්ද සමගයි. (ර)
මහින්ද මහතා නිසා තමා ඒ අයට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. (ර)
අපි කාටත් කොඳු නැතිව ජීවත් වෙන්න බැහැ (බ)
හිතවත් ජයා, ඔය කවුරු කොහොම කීවත් ජනපති තුමන්ට ,කොන්දක් නැහැ කියල ,මොකද තවම එතුමා ගේ කොන්ද පණ තියනවා එ්ක තවත් බලා ගන්න පුළුවනි තව ටික දිනකින් ,අනික වහල්ලු කැමති නැහැ ,වහල් කමින් මිදෙන්න ,උන්ට ඕන වහල්ලු හැටියටම මැරිලා යන්න (බ)
මෙයාට තියෙන අමාරුව මොකද්ද ගාල්ලේ තියෙන රැලිය එක්ක (බ)
ගාල්ල තිබෙන්නේ කොහෙද අනේ... (ර)
මේ සහතිකය එක්සත් ජාතික පක්ෂයෙන් එන එකක් නිසා අපිට මේ ගැන සැකයක් නම් නැහැ. (නි)
මමත් ගාල්ලේ මේ වගේ පිස්සු වැඩ ගාල්ලට එනවට මම කැමැති නැහැ (බ)