හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් හා මහමැතිවරණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සඳුදා (13) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව බීබීසී සංදේශය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා යෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේවනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන අතර, දිවයිනේ විවධ පුරවැසි සංවිධාන මෙම තීරණය ගැන දැඩි විරෝධයක් පළ කිරිමත් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට හේතුවී ඇතැයි බීබීසී වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ආසාවෙන් බලාඉන්නේ ඔය කතාව අහන්න. (නි)
මට හිතෙනවා මහින්ද තනිවම ආවා නම් හොඳ බලයක් ගන්න තිබුනා කියලා (නි)
ඔබතුමා ගැන තමයි දැන් විශ්වාසය තියෙන්නේ (නි)
අපි බලමුකෝ... (නි)
කරපු මෝඩකම , පාවාදුන් ඡන්ද දායකයන් , මේ සියල්ල කතාවෙන් සදා ගන්න බැහැ (බ)
තවත් මොනවද ප්‍රකාශ කරන්න ඉතිරිවෙලා තියෙන්නේ? පළමුව පක්ෂය,දෙවනුව රට. (බ)
එතුමා තීරණයක් ගන්නවා නම් ගන්නේ දෙපාරක් හිතලා (නි)
සඳුදාට මොනවා වෙයිද? අපි බලමු (නි)
ඇත්ත. එතුමා කවදත් ගත්තේ බුද්ධිමත් තීරණ (නි)
ඔබතුමා කුමන තීරණය ගත්තත් අපි ඔබතුමා සමඟ ඉන්නවා (නි)
ඔබතුමාට නිවැරදි තීරණයක් ගන්නා බව අපි දන්නවා (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙයිද කියලා (නි)
මමත් බලාගෙන ඉන්නේ කියන්නේ මොනවද කියලා දැනගන්න (නි)
අපි බලමු එතුමා මොනවද කියන්නේ කියලා (නි)
දැන් මොන ප්‍රකාශයක් කලත් එයට තමන් නිවැරදි බව කියන්නවත් කොහෙත්ම ඉඩක් නැහැ. ඒ නිසා වැඩිය හොඳ දේ තමයි නිශ්ශබ්දව සිටීම. රටේ ජනතාව දන්නවා කල යුතු දේ මොකක්ද කියලා. .(නදී)
දැන්නම් අපි ඔය බයිලා අහන්නේ නැහැ. නිහාල් නෙල්සන්ගේ වගේ හොඳ බයිලයක් අහල ජොලියේ ඉන්නවා. හැමදාමත් මිනිස්සුන්ව රවටන්න බැහැ මහත්තයෝ. (නදී)
පින් පව් එනවා අප පසු පස්සේ හය හතර නොදන්නා බවයි වැටහෙන්නේ. (නදී)
දැන් ඉතින් ඕවායින් වැඩක් නැහැ සියල්ල වෙලා ඉවරයි (නදී)
මතු පිටින් අපැහැදිලි වූ කටු සටහනක් වගේ පෙනුනට, මෙහි අන්තර්ගතව ඇත්තේ පැහැදිලි රුප සටහනක්.(ම)
සුදර්ශනී පුල්ලේ හොරු සමග හෙළුවෙන්. මීගමුවේ තියෙන අවන්ද්‍රා එක කාගේද...?ජෙයරාජ්ගේ ගජ මිතුරු අයගේ...එතකොට ලන්සාගේ කුඩු...පුල්ලේ මුන් සමග හෙළුවෙන්..(බ)
ඔබතුමාට ඡන්දේ දුන්නේ අපිට කහනවාට නොවේ. හොරකම පවුල් පාලනය ලෝකෙට ණය වීම නවතාගන්න. ජනතාවගේ බලාපොරොත්තු පාවා දීපු එවුන් ලබන ආත්මේ පෙරේතයෝ වෙලා උපදිනවා ජනාධිපතිතුමෝ (බ)
අපි ඔහු කෙරෙහි විශ්වාසයක් තිබ්බේ රට යහපත් කිරීම සඳහායි, ඒ විශ්වාසය එලෙසම තබමු, අපි හිතනදේම ඔහු කළයුතු නැත කළ යුත්තේ සුදුසුම දෙයයි එ් නිසා ඉවසීමෙන් බලාසිටිය යුතුය (බ)
කලේ අනිත් පැත්ත හරවල වතුර දානවා වගේ තමයි (ම)
ඔබතුමා මොනවා ප්‍රකාශ කළත් මහින්දගේ පළමු වෙඩිමුරය ඔබතුමාට.(ම)
මට නම් හිතාගන්න අමාරුයි (නි)
ජනාධිපතිතුමනි, මුළු රටම බලා ඉන්නවා (නි)
අපි බලමුකෝ මොනවද කියන්නේ කියලා (නි)
ඔබට ජයවේවා ජනපතිඳුනි! (නි)
යහපාල මහත්තයෝ, පළමුව පක්ෂය දෙවනුව රට? ඒ කියන්නේ පක්ෂය තිබුනොත්ද රට ඉතුරුවෙන්නේ?එතකොට කට්ටිය රට පාවාදීලා රටට මොනවා වුණත් කමක් නැද්ද? (නි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ පරිනත හා බුද්ධිමත් දේශපාලඥයෙක් බව අමතක නොකල යුතුයි.(නදී)
දේශපාලනය කියන්නේ මේකට. රට ගැන කවුරුවත් හිතන්නේ නෑ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට ඕනෑම පාවාදීමක් කිරීමට දේශපාලුවන් සුදානම් (නදී)
සිංහලයා මෝඩයා කැවූම් කන්න යෝදයා (නදී)
ජනාධිපතිතුමනි ඔබතුමා ජනවරම පාවාදුන්නා. එකේ ප්‍රතිපල ඔබතුමාට වැඩි ඈතක නොවේ.(ම)
ලාල් හරියටම හරි (නදී)
ඔය කියන්න යන්නේ රට බල්ලට ගියත් පක්ෂය බේරගන්න ඕනා කියන එකද..? ඔබතුමාත්, අපේ රටේ දේශපාලඥයෙක් කියන එක රටට තේරෙනකොට පරක්කු වැඩීයි. (නදී)
ඔබතුමා ඔබතුමාගේ තීරණය කියන්නකෝ (නි)
රටේ ඡන්දදායකයාට පැහැදිලි තීරණයක් ගන්න අවස්ථාව ලබාදුන් ඔබතුමාට අපේ ආචාරය! (නි)
මට නම් හිතෙන්නේ මැතිවරණයේදී මොන විවෙචන කලත් නිවැරදි යහපාලනයක් කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලනිපය මුල් වෙච්චි සන්ධානයකින් කියල එතුමාට තේරුම් ගිහින්. අවරුදු 45 ක දේශපාලන ජීවිතේ අත්දැකීම් මත යහපාලන පෙරමුණු කරුවන් එතුමාව නටවන්න උත්සහා ගත්ත බව තේරුම් අරගෙන. සියල්ල යහපතටම හේතුවේවි. (නදී)
හොරු ගැන පවසා ඡන්දය හිගා කාපු රනිල්ම කරපු වංචාව නිසයි මහින්දට දුන්නේ. (බ)