(අංජුල මහික වීරරත්න)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ සත්කාර සිදු විය.
කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් දරුවන්ට බෙදාදීම දවස පුරාම සිදු කරන ලදී.
නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි. ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් 10,000කට අධික ප්‍රමාණයක් දරුවන් අතර බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීමෙන් යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් ත්‍යාග පාර්සල් බෙදා දුන්නේය.
ඒ අනුව මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක්, දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ඇතුළු මධ්‍යස්ථාන 336ක් ආවරණය වන පරිදි මෙම අවුරුදු ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
393
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගෙන් දරුවන්ට අවුරුද්දට තෑගි මල්ලක්
Perera Sunday, 14 April 2024 01:18 AM
රටේ ජනතාව ආධාර මලු ලබන හිඟන්නන් ගාණට දැම්මේ මෙයා ඇතුළු අනිකුත් හොර තක්කඩි දේශපාලකයින්.
chandima Sunday, 14 April 2024 05:52 AM
ලබන ආත්මයේදී වත් තමන්ගේම දරුවන් සමග අවුරුදු කෑමට මේ පින උපකාරි වේවා...!
Lakmal Sunday, 14 April 2024 07:56 AM
මොනවා බෙදලා හරි කමක් නෑ, ඡන්ද ගොඩ වැඩි කරගන්න බලන්න. මහින්ද බයිසිකල් බෙදපු එකේ අනික වෙන්නේ. හරක් 2-3ක් ඇරෙන්න වෙන කිසිකෙනෙක් කැමැති නැහැ.
Rata Perata Sunday, 14 April 2024 01:46 PM
මේක ලියලා තියෙන විදියට රනිල් මේවා දීලා තියෙන්නේ ගෙදරින් ගෙනල්ලා වගේ .මේ වගේ වට පඩයින් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ