පසුගිය ජනාධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම සහාය දැක්වූ ලන්ඩන් නුවර පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකික පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පැමිණීම පිළිබඳව ඉමහත් උනන්දුවකින් බලා සිටිති.
පොදුරාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහනට සහභාගීවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස ඔහු සෙනසුරාදා (07) ලන්ඩන් බලා යෑමට නියමිතය.
මාර්තු නව වැනි සඳුදා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා පොදුරාජ්‍ය මණ්ඩල මුලස්ථානය පිහිටි "මාල්බරා" නිවසේදී බ්‍රිතාන්‍ය මහා රැජින, ශ්‍රී ලංකා ජනාධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජික රටවල නියෝජිතයින් වෙනුවෙන් සම්භාෂණයක් පවත්වයි.
එහි තේමාව වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල දිනයයි.
එලිසබෙත් මහා රැජින ශ්‍රී ලංකා ජනාධිපති වරයා ඇතුළු අනෙකුත් නියෝජිතයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් බකිංහැම් මාලිගාවේදී පවත්වයි.
මෙම සංචාරයේදී ජනාධිපති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නියෝජිතයින්, බ්‍රිතාන්‍ය රජයේ සහ විරුද්ධ පක්ෂයේ සාමාජිකයින් හමුවී ශ්‍රී ලංකා රජයේ වැඩකටයුතු පිළිබඳ ඒ සියලුදෙනා දැනුවත් කිරීමටද බලාපොරොත්තු වෙයි.
ජනාධිපති සංචාරය පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් විමසා සිටියද කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.
ජනපති ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු ශ්‍රී ලාංකික විහාරස්ථාන වෙත යාමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ශාඛා සමිති සියල්ලම ජනාධිපතිතුමා මුණගැසී නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.
ජනාධිපති සමඟ 15 දෙනෙකු වැනි කුඩා කණ්ඩායමක් එන බවද දැනගැනීමට ඇත.
ලන්ඩනයේ නැවතී ඉන්නා දින කිහිපයේ ජනපති සුඛෝපභෝගී මෙන්ම මිල අධික තරු හෝටලයක නැවතී ඉන්නවාට වඩා ශ්‍රී ලාංකික හිතවතෙකුගේ හෝ තානාපති නිල නිවාසක නැවතීමට වඩාත් රුචියක් දක්වන බව ජනාධිපති තුමා පවසා ඇතිබවද දැනගැනීමට ඇත.
එමෙන්ම මෙවරත් ජනපති තුමන් සහ කණ්ඩායම ලන්ඩන් නුවරට යන්නේ සාමාන්‍ය මගී සේවා ගුවන් යානයකිනි. එදින ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ආසන කල්තියා විකිණී ඇත්නම් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගෙන ඇති එම මඟින් බස්සවා ආසන ලබා නොගෙන එදිනට පිටත්වන වෙනත් ගුවන් යානයක ආසන වෙන්කරවා ගන්නා ලෙසද ජනපති උපදෙස් දී ඇතිබවද දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට තමයි යන්න ඕනේ. (ර)
අපිට චාම් වලින් වැඩක් නැහැ. රටට දැනෙන දෙයක් ඉක්මනට කරන්න. කෙහෙල් කොලේ බත් කන, කතාකරන්නේ-ඇවිදින්නේ හෙමිහිට මේවා අපිට වැඩක් නැහැ. (ර)
ලන්ඩන් වලින් උදව් කළේ .මෛත්‍රී ඒ ගොල්ලන්ට කලගුණ සලකන්නේ නැද්ද? (බ)
පිවිතුරු යහපාල, ඔබ කියන දේ ඇත්ත (නි)
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් විසින් කොළඹට ගෙන එනකොට අපේ සමහරු මඟ දිගට අපහාස නින්දා බස් කිවු සැටි ඉතිහාස පොතේ තිබෙනවා. ඒ ලේ තිබෙන අයගෙන් පැවතෙන්නෝ තාමත් අප අතර ඉන්න බව ප්‍රතිචාර අතර පෙනෙනවා (නි)
බොරු චාම් සෝබන (බ)
හිරා එහෙමනම් ඔයාලට ඕනා කොමිස් ගහන,හොරකම් කරන මහජන දේපොළ කාබාසිනියා කරන රට වනසන නායකයෙක්ද ? (බ)
අපේ මිනිස්සු හරියට තේරුම් ගන්න අමාරුයි. හොද දෙයක් කරන කෙනාට හොද කිවූවත් වැරදියි. (ර)
හොඳ ආරම්භයක් (දිල්)
මැතිවරණයට පෙර සිරිසේන මහතාට අපහාස කළ අය ලන්ඩන්වලත් සෑහෙන හිටියා. දැන් ලංකාවේ කොඩි හොයනවා ගිහින් ජනාධිපතිතුමාව පිළිගන්න. (නි)
අපිට හරිම සතුටුයි (නි)
මැතිවරණයට පෙර සිරිසේනයෝ සිරිසේනයෝ කියපු අය ලන්ඩන්වලත් සෑහෙන්න හිටියා. ඒ අයත් එක්ක දිනුමෙන් පස්සේ බොරු සංවිධාන හදාගෙන එක දාගන්න දගලුපු අය දැන් ලංකාවේ කොඩි හොයනවා ගිහින් ජනාධිපතිතුමාව පිළිගන්න. තානාපති කාර්යාලයේ ඉන්න සමහර හොරු තමයි මේ හැම ලනුවම දෙන්නේ. (නදී)
මහින්දට මේ වගේ අාරාදනාවක් ලැබුණා නම් සුමානයකට කලින් පාසැල් දරුවන්ට සිංහ කොඩිය අතේ තියන් අව්වේ වේලෙන්න වෙයි. මෛත්‍රී ජනාදි පති තුමනි, ඔබ වගේ නායකයෙක් රටට සම්පතක්. (නදී)
ලෝකයේ දන කුවේරයන් නවාතැන් ගන්න "අස්ටෝරිය හොටෙල් "එකේ ඇමරිකන් ජනාධිපති කාමර 10 ක් ගන්නකොට,ජපන් ජනාධිපති කාමර 15 ක් ගන්නකොට,ඉන්දියන් අගමැති කාමර 20 ක් ගන්නකොට අපේ හිටපු ජනාධිපති කාමර 80 ක් අරගෙන තිබුනා. යන්න එන්න විතරක් ලොමොසින් කාර් එකසිය ගානක් කුලියට අරගෙන තිබුනා. ලෝකෙම ඉන්න නායකයන් පිස්සු වට්ටලයි නැවත ලංකාවට සැපත් වුනේ. මේවා කාට කියන්නද? (නදී)
පිවිතුරු යහපාල අයියේ දවල්ද....? (අ)
චාමෙට කීවේ පයින්ද ගිහිල්ල තියෙන්නේ? අර දිවුරුම් දීමට 6000 ක් වැය වුන වගේද මේකත්? රැවටෙන දනා බොහෝයි මේවට.(නදී)
වැඩ නැති එකේ මේවගෙන් වත් ලකුණු ටිකක් දමාගන්න බලමු. වෙන මොන කියල පෙන්වන්නද ඉතින් මේ දවස් 52 කට. (නදී)
වාසනාවකට පහළ උන ආදර්ශමත් ජනනායකයෙක්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ශ්‍රී නාමය නොබෝ දිනකින් ජාත්‍යන්තරයේ රැව්පිළිරැව් දෙනු ඇත. ජයවේවා මැතිතුමෙනි.! (ර)
සෑම්, මට හිතෙන්නේ බොහෝ දෙනෙක් මෙතන වමාරන්නෙ තම සිත තුල පිපිරෙන ඊරිසියාව මිස සාධාරණය නොවෙයි. (ර)
ඔය රටවල් වල නම් ඕන තරම් හිතවතුන් ඉන්න පුළුවන්. (ර)
රට සවාරි ගහන්න ගිහිල්ල දවස් සීයත් දැන් ඉවර වෙන්නෛ යන්නේ. අල්ලපු අඩේකුත් නැහැ බෙරේ පලුවකුත් නැතුව තමයි යන්න වෙන්නේ (නදී)
චාමෙට, චාමෙට , නියමෙට, නියමෙට දින 100 යි ජනාදිපති බලතලයි ඉවර වෙන්න ඉස්සෙල්ල ලෝකේ වටේම යයි. පොරොන්දු උන දේවලුත් චාමෙටම යයි. (නදී)
කවුරු මොනවා කීවත් අපේ රටේ සල්ලි නාස්ති නොකර මෙවැනි ආදර්ශමත් වැඩපිළිවෙලක් අපට රටට ආඩම්බරයක් (නදී)
ළගදී විශ්‍රම ගිය උරුගුවේ ජනාදිපති ගැන කියෙව්වාද ඒ තමයි බුදුධාගමේ නූනාට අනිත්‍යය දන්න මිනිස්සු. මෛත්‍රිත් එහෙම වෙලා මේ බඩජහරීන්ට පාඩම් කියා දෙන්න ඕනෑ. (නදී)
ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)
මෙතන ගොඩක් අය හොද දේ හොද විදියට දකින්නේ නැහැනේ (නදී)
මහජන මුදල් කාබාසීනියා නොකර මේ විධියට කරන එක ලොකු ආදර්ශයක්. එමිරේට් ගුවන් සමාගම ශ්‍රී ලංකන් එයා පාලනය කළ කාලයේත් ජනනායකයෝ මෙහෙම කටයුතු කළා නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන දහස් ගණනක පාඩු ලැබීම නොවන්නට ඉඩ තිබුනා.(නදී)
මෙතුමා මෙහෙම හරි ඉතුරු කර ගන්න බලනවා. ස්තුතියි ජනාධිපතිතුමනි. (ර)
පරණ හිටපු හොරුන්ට නම් මේවා විහිළු වැඩ වගේ. එ්ත් මේවා අගය කළ යුතු වැඩ. (බ)
ඉස්සර, ලෝකයේ මිල අධිකතම දන කුවේරයන් යන "අස්ටෝරිය හෝටලයේ " කාමර 70-80 ක් අරගෙන යන්න "ලිමොසින් කාර්" 30-40 ගත්ත යුගයක් අපි පසු කරගෙනයි ඇවිත් ඉන්නේ.(නදී)
රටේ දන්ස්කන්දය ගසා කාපු කම්බා හොරු තවමත් හොදින් වැජබෙනවානේ.(නදී)
උරුගුවේ ජනාදිපති කෙනෙක් ලංකාවෙත් පහල වෙන්නයි යන්නේ.(නදී)
ඔය දැන් අායෙත් බලයට එන්න බලන් ඉන්න අය හිටිය කාලේදී රටේ අසරණ මිනිසුන්ගේ මුදල් වියදම් කලේ තමන්ගේ කුඹුරෙන් එන අාදායමෙන් වියදම් කරනවා වගේ.(නදී)
කතාව ඇත්ත නං, මෙතෙක් කවුරුත් නොකරපු ආදර්ශමත් වැඩක්. ජනාධිපති ආදර්ශවත් වෙනකොට පහළ ඉන්න අයට නිකම්ම හුළං බස්සගන්න සිද්ද වෙනවා. තානාපති නිල නිවසේ නැවතුනාට කමක් නැහැ. ඒ උනාට යාළුවකුගේ ගෙදර නවතින එක නං ටිකක් හරි නෑ වගේ නේද? (ර)
එතුමා ඉතිං චාමෙට ගියාම ඇතිනෙ. මොකද තර්ක කරන්න වත් යමක් දිනාගන්න වත් යන ගමනක් නෙවෙයිනෙ. (බ)
ඉස්සර අපේ රට ජාතියන්තර සම්බන්දතා පැවැත්වුනේ සුවසිලන්තය, උගන්දාව,කෙන්නියාව,සෝමාලියාව,ඉතියෝපියාව වගේ රටවල් සමගයි. එවැනි නායකයෝ ඇවිත් යන්නේ අපේ මහජන මුදලුත් ඩොලර් කෝටි ගානක් අරගෙනයි.(නදී)
" ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන"/"ජනාධිපති මන්දිර" ම ලංකාවේ හතර දික්බාගයේ කියක් තියෙනවද?හිතුවේ නැහැ කවදාවත් බලයෙන් පහ වෙලා ගෙදර යන්න වේවි කියල.(නදී)
මහින්ද මහජන සල්ලි බිලියන ගණනින් වියදම් කළා සෑම ගමනකටම (බ)
සරල ගමන වැඩි වටි -දින100 බාරේ නම් ප්‍රමාද වැඩි (බ)
මහින්ද යනවිට මහපිරිසක් අරගෙන ගියා, ඔවුන් එහේ නිලධාරින්ටත් ගහල ආවේ. දැන් මේ සියලුදේ රටේ අයට අමතක වෙලා. (බ)
එතුමා මේ චාම් බවක් ගෙන කටයුතු කරන්නේ. රටට යහපතක් වෙන්නනේ. කොයි තරම් මුදලක් ඉතිරිවෙනවද. කැපකිරීම් කරන එකත් බොහොම අමාරු බව අපි දැන ගත යුතුයි. (ර)
නිශාන්ත, ඒ කියන්නේ සල්ලි කෝටි ගණන් වියදම් කළොත් තර්ක බිඳින්න, දිනන්න පුළුවන් කියලද.(දිල්)
අපි ඕක තමා හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඔබට අපගේ ආචාරය .උරුගුවේ ජනාධිපතිගෙන් අපිත් පාඩමක් ඉගෙන ගනිමු. (දිල්)
ඔබතුමා වගේ ජනාධිපති කෙනෙක් ඉන්න එක අපිට ලොකු සතුටක්. රටට සෙතක්. තෙරුවන් සරණයි ! (ර)
නිශාන්තගේ කතාව සම්පුර්ණ ඇත්ත. (ර)
නිශාන්ත, කියන විදියට යමක් දිනා ගන්න යන කොට ඇති තරම් අපේ සල්ලි වියදම් කරන්න ඕනේ, නමුත් අතීතයේදී ඔය පිට රට යනකොට අධික වියදම් කලා මිසක් අපි රටක් ලෙස කිසිම දෙයක් දින ගන්න බැරිඋන බව තමයි මගේ නම් හැගීම. (ර)
කියලා වැඩක් නැහැ. (ර)
උතුර, නැගෙනහිර ඇරුනම අනිත් පළාත් වලට කිසිම වැඩක් නෑනේ (දිල්)
අලුත් නිසා කවුරුත් ඔහොම තමයි (දිල්)
සනත් කියන්නේ චාමෙට නැතිව උජාරුවට ගියාම ඕනෙම තර්කෙකින් දිනන්නත් ඕනෙම දෙයක් දිනගන්නත් පුළුවන් කියලද (දිල්)
හොද ආරම්භයක්. සුභ පැතුම් ! (දිල්)
අනේ අපි නම් සිල් රෙද්ද අස්සේ කඩු කිනිසි වගේම, මල්වට්ටි ඇතුලේ බෝම්බත් මේ ජරා දේශපාලනයේදී ඕනෑවටත් වඩා දැකල තියෙනවා. ඕනාවට වඩා හිතට අරන් රගපාන්න ගියාම බලන කෙනාට හැගෙන්නේ කෘතීම බවක්. (නදී)