
(ඉන්දිකා රාමනායක )
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු (36) හැවිරිදී ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්රියේ අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකට 3% එකෙක් වෙන්න ඇති .
ගුරුවරයෙක්?? හපොයි දෙයියනේ !! ස්ටාලින්, මහින්ද දෙන්නගේ ගෝලයෙක් වෙන්නම ඕන ඔය වගේ නරුමයෙක් වෙන්න නම්. උපරිම දඬුවම් දෙන්න.
ගමේ නම ඇහුවෙත් අදයි .කොහෙද ඔය ගම තියෙන්නේ ?ඉරිසියාව කුහකකම පුරුදු කරන පක්ෂයක කෙනෙක් වෙන්න ඕනි
ස්ටාලින් ,ගෞරවය බේරගන්න අනික් ගුරුවරුත් පාරට බස්සමු
ගුරුවරු සෙරම ජවිපෙ කියල හිතන එකත් හොඳයි.අරගලයට ජවිපෙ සජබෙ යූ ඇන්පී සේරම ආව, ජවිපෙ අය මෑතක කිසිදු ප්රචණ්ඩ ක්රියා වලට සහභාගී නොවූු බව දැන දැනත් එම පක්ෂයට මේ මඩ ගහන්නෙ කුහක කමට, මාලිමාවට එන ජනරැල්ල ඉවසන්න බැරිව, ඔය අල්ලන එකේ කෙනෙක් වත් හරි අය නොවන බව ස්ථීරයි, විජය කුමාරතුංග මැරුවට කීදෙනෙක් ඇල්ලුවද කියල ඒ කාලෙ මතක අය දන්නව ඇති,
ගුරුවරුත් තමන්ගේ අසල්වැසියෝ නෑයෝ බව නොදැන මඩ ගහන මේ උන්දලගේ ළමයින්ට 2048 දි රනිල්ගේ පිහිටෙන් ඔක්ස්ෆඩ් යන්න ලැබේවා.
පිස්සු .එදා ගෝඨාභය ගහලා එලෙව්වේ නැතිනම් අද රට නැහැ .රනිල් විතරක් නෙමෙයි මේ සෙට් එකම ගහලා තමයි එලවන්න ඕන
අර ඒ දවස් වල නොමිලේ දුන්න නීති සේවය තාම දෙනවද දන්නෑ
මෑන් UNP කාරයකෙලු ,හිතේ අමාරුවට ගිනි තියලා තියෙන්නේ මොකද රනිල් UNP එක බින්දුවට බස්සපු නිසා