මහ මැතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ තීරණය ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරි දින දෙක තුන තුළ කටයුතු කරන ආකාරය දෙස බලාසිට යැයි එහි කැදවුම්කරු අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරණයේ දී තමන්ට සහය දුන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් පෙරමුණක් ලෙස එක් කරගෙන මහ මැතිවරණයට මුහුණ දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි ද රතන හිමියෝ සඳහන් කළහ.
එසේ නොකළහොත් එම පෙරමුණ ගොඩනගා ජනවාරි අට වැනිදා ලැබුණු ජනවරම රැක ගැනීමේ අභියෝගය භාරගන්නා බව ද උන් වහන්සේ කීහ.
ජනතාව සහය දෙන්නේ නම් රටේ මීළඟ අගමැතිවරයා බිහි කිරීමට පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සූදානම් යැයි කී රතන හිමියෝ ඡන්ද ලක්ෂ 10ක් ලබාගතහොත් අගමැතිවරයා තීරණය කිරීමේ බලවේගය විය හැකි බව ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහරුන්ට බුද්ධ වචනය මතක්වෙලා. පහුගිය කාලේ සමහර පැවිදි අය ක්‍රියාකළ ආකාරය ගැන කතාකරන්න ලැජ්ජයි අපිට. කුඩාපොළ හාමුදුරුවෝ ගැන කියවලා බලන්න. ඔය කියන විදියට හාමුදුරුවෝ හිටියා නම් මොකද වෙන්නේ කියලා. ලංකාවේ ඉතිහාසය අරගෙන බැලුවොත් ඔය කාට කාටත් පෙනේවි හාමුදුරුවෝ කියන්නේ රාජ්‍ය පාලනයේ කැපී පෙනෙන චරිතයක් කියලා (නි)
අපේ හාමුදුරුවනේ, ඔබට ජන වරමක් ඇත්තටම තිබෙනවා නම් ඉල්ලන්නකෝ තනි පක්ෂයක් හැටියට. ඇයි අනුන්ගේ පහනෙන් එළිය බලන්නේ? කරුණාකරලා ඔබ සැම දේශපාලනෙන් ඉවත්වෙලා ගිහියන්ට රට බාරදෙන්න (නි)
හපොයි සුරනිමල පරාර්තකාමියෝ කොහෙද දේශපාලනයේ දැන්? ඔක්කොම සල්ලි වලට තමයි එලියට නොපෙන්නුවට. මේ වෙලාවේ රටට ඕන නිර්භීත, එඩිතර නායකයෙක්. නැත්නම් ආයේ ඡන්ද තියන්න වෙන්නේ රටෙන් බාගේටයි (නදී)
සිරිවිකුම්, ජාතික හෙළ උරුමයයි, අර ගම්මන්පිල මහත්තයාගේ පක්ෂයයි එකට එකතුවුණා නම් ඒ ගැන ඔයා මොකද කියන්නේ? (නි)
අපේ තීරණය අපි වෙලාවට දෙන්නම් (නි)
රට ජාතිය ගැන කැක්කුමක් ඇති අය දැන් ඉන්නේ අතළොස්සයි (නි)
රතන හිමියනේ, ඔබයි අපේ ශක්තිය
රතන ස්වාමින් වහන්සේගේ නායකත්වය පසුගිය කාලේ රටේ හොරු ටික එළවාගන්න උපකාර වුණ බව දැන් සමහරුන්ට අමතකවෙලා වගෙයි කතාකරන්නේ. උන්වහන්සේ කියන අදහස් වල ප්‍රතිඵල අගෝස්තු 18 ඡන්ද ප්‍රතිඵලය අනුව සිදුවේවි.කරුමෙට හරි ජයග්‍රහණය වැරදි පැත්තට ගියොත් කාට කාටත් තේරෙයි උන්වහන්සේ නිවැරදියි කියලා. ඒක නිසා මෙම තත්වය සරලව නොසිතා, බුද්ධිමත්ව අනාගතය දෙස බලා සිතන්න. මීළඟ මැතිවරණයේදී නැවත රට දුෂණයට වංචාවට පීඩනයට යටනොවන පාලනයක් උදෙසා හරි තීරණයක් ගන්න. (නි)
මම අදහස් කළේ ඒකම තමයි. මෙදා සන්ධානය සමඟ එකතු නොවුණොත්, හෙළ උරුමය ගැන අපිට මොකුත් කියන්න නම් බැරිවෙයි (නි)
අපි නම් සියල්ලෝම එක්ව කරන විගඩම දෙස නිහඬව බලාසිටිනවා. තීන්දුව ගන්නේ නාමයෝජනා බලලයි. මිනිසුනි, අවදියෙන් ඉඳිමු. රට මුලට. (නි)
දවල් හීන දකිනවා වගෙයි. හොඳම වැඩේ තමයි හාමුදුරුවරු දේශපාලනයට නෑවිත්, එය ගිහියන්ට කරගන්න ඉඩදීලා පන්සල් වලට වෙලා බණ දහම් කියාදෙමින් ඉන්න එක. (නි)
ඇත්තෙන්ම අපිත් විමසිල්ලෙන් බලාඉන්නේ මේ තීරණය ගැන. යහපාලනයක් උදෙසා නිවැරදි තීරණයක් ගනු ඇතැයි අපේ විශ්වාසයයි. මෙතෙක් සුබ දිශානතියක් දෙසට ගමන් කළ, පැවති ජරාජීර්ණ පක්ෂ දේශපාලනය, ඉදිරියටත් යහපත් දිසාවෙන්ම ඉදිරියට ගමන් කරනු දැක්ම අපේ අපේක්ෂාවයි. (නි)
හාමුදුරුවරු ඡන්ද කරනවට මම නම් අකමැතියි (නි)
අද මේ හාමුදුරුවරු දේශපාලනයට ආ නිසා තමයි රටේ මෙච්චර ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. (නි)
අගමැති කෙනෙක් එපා. (හේ)
මේගොල්ලන්ගේ ගැට වලට අපි අහුවෙන්නේ නැහැ ආයෙමත්. අපි මහින්දට කවුරු මොනවා කිවුවත්. (නි)
රතන හාමුදුරුවනේ,දේශපාලනය අත්හැරලා ඔබවහන්සේලා ආගමික කටයුතු වලට පමණක් නැඹුරු වුණොත් හොඳ නැද්ද? (නි)
ඔච්චර බයවෙන්නේ මොකටද? හෙළ උරුමයෙන්ම ඡන්දය ඉල්ලන්නකෝ. මිනිස්සු තීරණය කරයි ඡන්දය දෙනවද නැද්ද කියලා (නි)
අපිත් බොහොම අවධානයෙන් තමා ඉන්නේ (නි)
අනේ මන්දා කවුරු කියන එක පිළිගන්නද කියලා (නි)
ඔබවහන්සේ ගන්නා තීරණ ඉතාමත් වැදගත්. මේ රටේ බුද්ධිමත් ජනතාව මේ ගැන අවධානයෙන් ඉන්නේ (නි)
මේ රටේ ඉදිරි අනාගතය කිනම් මඟක යායුතුදැයි තීරණය කරනුයේ ගිහි පැවිදි දෙපක්ෂයෙන් කුමන කොටසද? (නි)
කරුණාකරලා මේ කාරණය ගැන බරපතල විදිහට හිතලා තේරුම් අරගෙන මේ සැරේ විතරක් මහින්දට ඡන්දය දීලා රටට විරුද්ධ බලවේග පරදවන්න. (නි)
රතන හිමි තමයි අපේ බලාපෙරොත්තුව! (නි)
මුළු රටම දැඩි අවධානයෙන් ඉන්නේ (නි)
අපේ හාමුදුරුවනේ, රටේ යුක්තිය වෙනුවෙන් පෙරමුණ ගැනීම සතුටට කරුණක්. ඔබ වහන්සේලාට දළදා සමිඳු පිහිටයි! (නි)
මගේ නමින් තවත් පුද්ගලයෙක් පැවිදි දේශපාලනය ගැන කියා තිබෙනවා. මම හිතන්නේ හැමදාම එකම පුද්ගලයෙකුට කඩේ යන කෙනෙක්ගේ වැඩක්. රතන හාමුදුරුවන්ගෙන් රටට සමාජයට වුණ අපමණ මෙහෙවර කවුරු නැතත් පරාජය වුණ දේශපාලන නායකයෝ හොඳින් දන්නවා. ඔබවහන්සේට තවත් කාලයක් මේ සමාජ මෙහෙවරට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා. (නි)
අපි ඔබ වහන්සේ ගැන විශ්වාසය තබා ඇත්තෙමු. ඔබ ගන්නා තීරණ නිවැරදි බව දන්නෙමු (නි)
අපි දෙන්නම්කෝ නියම තීරණයක් (නි)
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට අපේ රටේ මේ දේශපාලන ක්‍රමය අකැපයි. (ර)
මට හිතෙන්නේ ඔබ වහන්සේ තනියම ඉල්ලලා ඔබ වහන්සේගේ වැදගත් කම පෙන්වයි කියලා. (ර)
අපිට මේ සැරේ වරදින්නේ නැහැ .අපි කතිරය ගහන්නේ උගත් තරුණ පරාර්ථකාමී තරුණ නායකයන් ඉන්න පක්ෂයටයි . (ර)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
අනේ අපේ හාමුදුරුවනේ, පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන සිවුපසයෙන් උපස්ථාන කරන දායක කාරකාදීන්ට නිවන් මාර්ගය පහදා දෙමින් යහපත් සමාජයක් වෙනුවෙන් යමක් කරන්න. භික්ෂුත්වයට අකැප දේවලින් ඉවත් වෙන්න. ගිහි අපි රටෙහි නායකයන් නිර්මාණය කිරීමේ කාර්ය ඉෂ්ට කරන්නම්. බුදු සරණයි.. (නි)
අපිත් බලාගෙන තමා ඉන්නේ. ඒත් හොඳ විකල්පයක් අපට තියෙනවා. ඒ තමයි බුද්ධිමත් පිරිසක් ඉන්න ජවිපේ. (ස)
අපේ හාමුදුරුවනේ,අපි ඔබවහන්සේලාගේ කීමට වෙනස කරගහගත්තා. දැන් අපිට තේරිලයි තියෙන්නේ (නි)
හාමුදුරුවනේ, අපි නම් තීරණයක් අරගෙන ඉවරයි. රටේ තරුණ පරපුර නොමඟ යවමින් ක්‍රියාකළ අය ගැන ඉදිරියේදී මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරාවි. (නි)
ජනතාව රැවටුණා.අපිට දැන් එකම විශ්වාසය රනිල් පමණයි. (නි)
අගමැති පොරය පැත්තකට දමා රට ගැන හිතන්න හාමුදුරුවනේ (නි)
අනේ අපොයි! බලාගෙන ගියාම අපිත් එල්ලිලා තියෙන්නේ දිරච්ච අත්තකනේ? හොඳ වැඩේ අපි වගේ මෝඩයින්ට ගහගන්න ඕනෑ බුවල්ලෙන්. (නි)
අනේ හාමුදුරුවනේ, මේ පාර ඡන්දෙන් පස්සේ ඔබ වහන්සේට මහජනයා නිවැරදි තීන්දුවක් ලබාදේවි (නි)
මහින්ද මැතිතුමා දිනවමු!! (නි)
මේ මැතිවරණයට ඉදිරිපත් වන අයගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසු කම් හෙළිදරව් කිරීමට සියලු පක්ෂ වලට ජනතාව බලකළ යුතුය. තාක්‍ෂණය අතින් දියුණු මේ යුගයේ අඩු තරමින් ප්‍රථම උපාධිය හා පරිගණක දැනුමද, ඉංග්‍රීසි හා දෙමළ දැණුම වැදගත්. එසේම අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමට පක්ෂ පියවර ගන්න. (ර)
ජාතික හෙළ උරුමයට තිබෙන හොඳම විකල්පය සන්ධානය සමඟ එක්වීමයි. (නි)
බුදුන් වහන්සේගේ බුද්ධ වචනය අනුව කටයුතු කළා නම් හොඳයි නේද? (නි)
රතන හිමියන් වැනි අය රටට වාසනාවන්! (නි)
රතන හිමියන්ට බණින සමහරු හොරුන්ට ජාතික වීරයෝ මට්ටමින් ගරුකරලා කතාකරනවා.... (නි)