ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගත් බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.
ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය වාරණය කරලා විතරයි. මොකටද බයවෙලා? යහපාලනයේ ඉතා සුබ ළකුණක්. (නි)
මෙහෙම තීන්දු ගැසට් කරලා අධිකරණයෙන් අතුරු තහනම් නියෝග පැනවීම කොහොමද යහපාලනය වෙන්නේ? ගැසට් කරනකොට හරිහමන් තීන්දු ගන්න ඕනෑනේ (නි)
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිමට වැටුණා වගේ මට හිතෙන්නේ. අධිකරණය ස්වාධීන බවත් පෙනුණා, ඉඩම් නැවත ලබාදීමත් අත්හිටවුණා. (නි)
දහම් ලාට හරි යන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ නඩු තීන්දු තමයි. (ම)
නඩු හබ හැමතැන -රට නැගුම -කොට උඩ (ම)
මොහොමඩ්ලගේ හිත රිදිලා වගෙයි පෙනෙන්නේ (නි)
මෛත්‍රීපාල මහත්තයා එහෙම ඕනෑවට එපාවට තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. (නි)
මේ යහපාලනේට අධිකරනයෙන්වත් පාඩම් ඉගැන්විය යුතුය(නදී)
අධිකරණයේ ස්වාධීනත්වය තව තවත් තර කෙරුන වගයි (නදී)
තීරණය යුක්ති සහගත විය හැක. එහෙත් මෙය නව සංශෝදනයේ (19) ප්‍රතිපලයකි. මේ තීරණය කෙසේ වෙතත් රටක් ස්ථාවර දැක්මක් සදහා නිශ්චිත තීරණ ගැනීම අවශ්‍ය වේ. එහෙත් නව තත්වය මත කුමක් වෙයිද ? (නදී)
අපේ සමහරක්ට අධිකරණයේ ස්වාධීනත්වය ඕනෑම නෑ. සපත්තුව ලෙවකන්නමයි ඕනෑ. (බ)
දහම්, කොහොමද මහින්දට ඔහොම තීන්දුවක් දුන්නා නම්. ඕක තමයි වෙන්න ඕනේ. ජනාධිපති කියන්නේ සර්ව බලධාරී දෙවියෙක් නෙමේ. වැඩ වසම් යුගයේ රජෙකුත් නෙමේ. ඕක තමා වෙන්න ඕනේ.(නදී)
එතකොට ජනාධිපති තුමා පිස්සු වැඩ කරන්න ඕනද අධිකරණය නිවරැදි කරන්න (නදී)
රුවන් තමාට මනා බුද්ධියක් නැති බව පැහැදිලිය.රටේ නායකයන් තීන්දු තීරණ ගත යුත්තේ ආවට ගියාට නොවන අතර ඒ ඒ කරුණු මනාව නිරීක්ෂනය කිරීමෙන් පසුවයි. පාලකයන්ගේ නොදැනුවත් කම අධිකරණය විසින් මාස හතර ඇතුලත දෙවතාවක්ම පෙන්වා දී ඇත.බුද්ධිමත් නායකත්වයක් රටට අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය (බ)
මෙන්න මේකට තමයි අපි ඡන්දෙ දුන්නේ ඕකට තමයි යහපාලනය කියන්නේ එ්කාධිපතියකුට ඔය තීරණය ලැබුන නම් ඔය තුන් දෙනාම ගෙදර සමහරු නඩු කාරයන්ගේ ගෙවල් වලට ගල් ගැස්සෙව්වා වගේම තව සමහරු එක රැයින් රටේ ප්‍රධානම නඩුකාරයව ගෙදර යැව්වා (බ)
ඉන්දියාව අපේ ප්‍රොජෙක්ට් නවත්තල ඔවුන් චීනය එක්ක මෙගා ඩීල් අත්සන් කරලා. අපේ ලොක්කෝ පරිසරය අල්ලාගෙන දගලනවා.(නදී)
රටේ සංවර්ධනයට ඉවහල් වන රැකියා විශාල ප්‍රමාණයක් ලැබෙන ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ගිය රජයෙන් අරඹපු මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න පවතින විෂමතා ඉවත්කර රටට ඔබින විදිය කරගෙන යන්න ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ මේ ව්‍යාපෘතිය ලංකාවේ ලොකුම ව්‍යාපෘතිය ඉන්දියාව කියන විදියට රටේ සංවර්ධනය අඩාල කරන්න දෙන්න බැහැ. (බ)
පසුගිය රජය කාලයේ වුණා නම්, මෙලහකට දෝෂාභියෝගයක් ඇතුව හෝ නැතුව විනිසුරුගේ රැකියාවත් ඉවරයි.යහපාලනය නිසා, බලතල කපාගත් නිසා සිදුවන දේවල් මේවා (නි)
ලංකාවේ සමහර මෝඩ මිනිස්සු තවමත් බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඕනෑ තීන්දු ලබාගන්න පුළුවන් අධර්මිෂ්ට පාලනයක්. සැබෑම වහල්ලු? (නි)
අද වෙනකල් යහපාලනය කළේ ගිය ආණ්ඩුවේ කළ දේවල් විවෘත කළ එක සහ පටන්ගත් ඒවා වලට අකුල් හෙළීම කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඔන්න මල්ලි නිදහස. ඉස්සර ඔහොම තීන්දුවක් දුන්නා නම් නඩුකාරයා කණපිට ගහලා තමයි නතර වෙන්නේ. යහපාලනෙන් මේ ටික කළ එකම මදිද? (නි)
අධිකරණයේ ස්වාධීනත්වය ගැන සතුටුයි (නි)
දහම්, කලින් දැක්කා නේද අගවිනිසුරුට වුණ දේ? දැන් එහෙම වෙන්නේ නැත්තෙ යහපාලනය නිසා. (නි)
අහෝ උපුල්, රටට ලැබුණ ආයෝජනයක් නවතන එක යහපාලනයද? පසුගිය රජය කළ ව්‍යාපෘති නැවැත්වීම අපට නම් පෙනෙන්නෙ යහපාලනයක් ලෙස නොවෙයි. කොළඹ නගරයත් එන්න එන්නම අවලස්සන වෙනවා. නඩත්තුව නැතුව. ඒත් යහපාලනය වෙන්න ඇති. (නි)
අනේ මන්දා! මෙතන දීලා තියෙන්නේ අතුරු නියෝගයක්. තීන්දුවක් නොවෙයිනේ. කුමක්ද නිවැරදි වියයුත්තේ යන්න තීන්දු කර නැහැ. එකක් පැහැදිලියි. ජනාධිපතිවරයා සහ අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවයි. යහපාලනයේ වරද අධිකරණයෙන් නිවැරදි වන්නේ නම් එය යහපාලනයේ හොඳකි (නි)
සාම්පුර් ඉඩම් නාවික හමුදාවට දියයුතු යැයි මම පවසමි. එම ඉඩම් නැවත රජයට පවරා ගැනීම හරි තීරණයක් (නි)
දහම කොච්චර දැනගෙන හිටියත් යහපාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ. (නි)
අපිට හරිම සතුටුයි (නි)
ආයෝජකයෝ බයවෙනවා. දේශපාලන තීරණ නිසා අධිකරණයට ආයෝජකයන්ට යන්න වීම රටට හොඳ මදි (නි)