වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනපති කථාකරද්දී විදුලිය විසන්ධි විය.
රටේ පවත්නා අයහපත් කාලගුණය නිසා විදුලිය විසන්ධි කිරීමට යෝජිතව තිබුණද එසේ නොකරන බව විදුලි බල අමාත්‍යංශය කියා සිටියත් ජනපති කථාව අරඹා විනාඩි 10කට පසු විදුලිය විසන්ධි විය.
හදිසියකදී ක්‍රියාත්මක කිරීමට තිබූ විදුලි ජනන යන්ත්‍රයද ක්‍රියා විරහිත විය. පැය බාගයක්ම ශ්‍රවණාගාරය අඳුරේ පැවතියේය. විදුලි පන්දම් ආධාරයෙන් තිළිණ ද ප්‍රදානය කළේය. වයඹ පළාත් සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මීට පෙර වතාවකදී මාධ්‍යවේදීනට බැන වැදීම නිසා කුරුණෑගල සියලුම මාධ්‍යවේදීහු මෙම උත්සවය වර්ජනය කළහ.
උත්සවය කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අපහු 90 ගණන්වල 2000 මුල තිබුන තත්වෙට ගිහිල්ල. 2005න් පස්සෙත් මෙහෙම මීටත් වඩා දිග ඉඩෝර තිබුන, එ්ත් මෙහෙම විදුලිය කපපු බවක්වත් විදුලිය බිඳවැටුණු බවක්වත් අපිටනම් මතක නැහැ. කාලයක් කොටි ගහල රටේ තැන තැන වල ට්‍රාන්ස්ෆෝර්මෙර් විනාශ කළා, එත් මුළු රටටමනම් මෙහෙම විදුලිය බිඳ වැටුනේ නැහැ. මොකක්ද මේ රටට 2015න් පස්සේ වෙලා තියන හේනේ? (බ)
නැව්පතියෙකු නැහැ වගේද දැනෙන්නේ ඒකාධිපතියෙකු නැහැ වගේද? (බ)
දූශිත රාජ්‍ය නිලධාරීන් පිරිස ගෙදර යවන්න. (බ)
කුමාරවරුන්ගේ සැප වෙනුවෙන් රස්සා නම් දුන්නා.හොද කමරයකුත් එක්කම.රුපියල් ලක්ෂ 45-50 පඩියකුත් දුන්න.තව මොනවද? (බ)
රට දැන් ගමන් කරන්නේ ජනාධිපති කෙනෙක් නැති ගාණට. (බ)
දූෂණ වලට සම්බන්ධ අයව එෆ්සිඅයිඩි කැදෙව්වා. නමුත් මොනවද කළේ? තාම ඒ අය යහතින් ඒ පුටු වලටම වෙලා ඒ වරප්‍රසාදම විදිමින් ඉන්නවා. කෝ යහපාලනය? කෝ වැරදි කළ අයට දඩුවම්? යහපාලනය කියන්නේ ඕන හොරෙක්ව අනේ පව් කියලා ඇතුලෙම තියාගෙන ඉන්න එකටද කියලා හිතෙනවා . ආයතන ඇතුලෙන් සොයලා බලන්න හොරු කවුද කියලා (බ)
නුවන් ඇයි අගවිනිසුරුතුමිය එලියට දැම්මේ. ඒ කාලෙ කළේ පොඩි ඒවා නෙමෙයි. වැදගත්ම නිලතල දරපු එයාලා කියන දේ නොකරපු අයව තමයි දැම්මෙ (බ)
මිනිස්සුන්ව අන්දනවා . රට ගල් යුගේට යනවා (බ)
නුවන්, අගවිනිසුරුතුමිය සරත් ෆොන්සේකව එලියට දැම්මා අමතකද? (බ)
කවුරු රස්සාවල් දුන්නත් ගෙවන්නෙ මහාභාන්ඩාගාරයෙන්. ඡන්දෙ ළඟනේ බලාගෙන, වැඩක් නැතුුව නිකන් ඉදලා පඩි ගෙව්ව නිසා තමයි මෙහෙම වුනේ. (බ)
අපි බලා ඉන්නවා ජනාධිපතිතුමා මේ ගැන කරන්නේ මොකක්ද කියල. ඉස්සර නම් මෙලහට කීප දෙනෙක් ජොබ් නැතුව ගෙදර ගිහින්. (බ)
ජනාධිපතිතුමා ලොකු කතා කියනව එ්ත් ඒවා සිදුවෙන බවක් පෙනෙන්න නැහැ. කටින් බතල කොළ හිටවන පුද්ගලන්ගෙන් රටට කිසි පලක් නැහැ (බ)
ආටක නාටක සෙට් එකක් වෙන්න බැරිද (බ)
රටක් වුණාම පාලකයෙක් ඉන්න අපේ රටේ දැන් පාලකයෙක් නෑ (බ)
තිලක් ඩුබායි, ඔබට තියෙන්නේ මහින්ද භීතිකාව. පරීක්ෂා කරගත්තොත් හොඳයි නේද? (නි)
ජනාධිපති වෙන්න කලින් මම බොහොම ගරු කරපු චරිතයක්. නමුත් තමුන්ට තිබුන තරහවල් පිරි මහන්න මහින්දව ගෙදර යවල එක්සත් ජාතික පක්ෂෙට රට අරන් දීල අපේ රට ආපස්සට යවපු එකේ පල විපාක තමා මේ ගෙවන්නේ. (බ)
අනේ ඉතින් වෙනසකට කියලා ඡන්දේ දීපු අපටවුණු දෙයක්. වෙනස කෙසේ වෙතත් රට ආපස්සට (බ)
හොඳ වැඩේ, ඔහොම වෙලා තව මදි කියනවා ඇරෙන්නෙ තව අපිට දෙයක් ඉතුරු වෙලා නෑ. (බ)
අපි කළ මෝඩකම කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කිව්වලු (බ)
මේවා දකිද්දී යසලාලක තිස්ස රජ්ජුරුවෝ තමා මතකයට එන්නේ. (බ)
නියමයි නියමයි ඔහොම යං (බ)
ඉතිහාස ගත වෙනවා ඔබේ නාමය (බ)
දැන්වත් ජනාධිපතිතුමනි පරක්කු නොවී ඔය ඉන්න දූශිත රාජ්‍ය නිලධාරීන් පිරිසක් ගෙදර යවන්න. මේ අය දැන් අවුරුදු ගාණක් තිස්සේ තමන්ගෙ තනතුරු රැකගෙන, එන හැම ආණ්ඩුවටම කත් ඇදලා, යටිකූට්ටු වැඩ කරලා බඩ වියත රැක ගන්න අය. ඉතින් කොහොමද රට ඉදිරියට ගෙන යන්නේ. (බ)
බලාපොරොත්තු සියල්ල බිඳලමින් රට ආපස්සට යනවා නමුත් තවමත් බත් නොකන අය නිදි (බ)
නයෙක් වුනහම අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියල.නැතිනම් හිතන්නේ පන බයේ පන කඩාගෙන දුවන ගැරඩියෙක් කියලයි.(බ)
හිටපු ඒකාධිපතියාගේ යුගයේදී මෙහෙම දෙයක් වුනානම් ඒ සදහා වැරදි කරු වන කෙනාට පමණක් නෙමෙයි ගෙදර ඉන්න බල්ලට පවා ජිවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.(බ)
මෙතනින් අදහස් වෙන්නේ දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව සියලුම ආයතන වැඩකරන බව. (බ)
මට නම් හිතෙන්නේ කියල කරවපු දෙයක් වගේ ..ඔහොම යන්කො...(බ)
අනේ මේ රටට යන කල! අපිට වැරදුනා (නි)
බොරුවට ප්ලෑන් කරලා ජනතා ප්‍රසාදය ගන්න කරන වැඩ, අර සීට් තියෙද්දී ගයන්ත හිටගෙන පත්තරේ බලනව වගේ. (බ)
තිලක්-ඩුබායි, ඉස්සර ඔය කියන පාලකයාගේ කාලේදී එහෙම ගෙදර බල්ලන්ගේ පවා ජීවිත නැතිවුණා කීප දෙනෙක්ගේ නම් කියන්නකෝ. (බ)
බොරුවන් වංචාවෙන් රවටා බලය ගත් පාලකයෝ අනාගෙන ඉවරයි (නි)
මුළු ලංකාවම අරාජික වෙලා. නීතියක් නැහැ. කොටස් වෙළඳපළ වැටිලා. ඉන්දියාවේ තද බලපෑම් වලට යටවෙලා. හරිම කණගාටුදායක තත්වයක් (නි)
ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ මේ දේවල් ගැන. (නි)
තිලක් ඩුබායි ඔබ තුමා ඇදුම් ඇදගෙනද කතා කරන්නේ . ඔබට තියෙන්නේ මහින්ද භීතිකාව නමැති රෝගය මෙය ජලභිතිකවටත් වඩා භයානකයි. (බ)
මේවා ජනපතිව ධූරයෙන් පන්නන්න එජාපය කරන වැඩ .. දැන් මහින්දට බලය නැති හින්ද මහින්දට මේවා කරන්න බැහැ..මොලේ තමයි මොලේ කෙලින් ඉස්සරහට ඇවිත් කිසි වැඩක් කරන්න දන්නේ නැහැ (බ)
ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගෙන බණ භාවනා කරලා රටක් පාලනය කරන්න බැහැ.(ම)
ඕක තමයි අපි හැමතිස්සෙම කිව්වේ පරණ මහින්දවාදි නිලධාරින් එක්ක රට කරන්න බැහැ කියලා. අපි කියන්නේ මහින්ද කාලේ කළා වගේ එකපාරට රස්සාවෙන් එළියට දාන්න නෙමෙයි. හැකි ඉක්මනින් පරික්ෂණ කරලා තමන්ගේ රස්සාව නොකර ආයතන වලට වෙලා දේශපාලනය කරන, කඩාකප්පලකාරී වැඩ කරන ඉහළ පුටුවල ඉඳලා අදටත් වරප්‍රසාද ලබන අයට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න කියලයි. මොනවාහරි කරලා රට විනාශ කරලා හරි නැවත බලය ගෙනදෙන්නයි දඟලන්නේ. (නි)
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? විධායක බලතල තියාගෙන මෙහෙම කරගන්නේ ඇයි? දැන් වෙලාව ඇවිල්ලා. පරණ අය නැලෙව්වා ඇති. දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න. හොරුන් එළවන්න. ආයතන විනාශකළ, බලය අයුතු ලෙස පාවිචචි කළ නඩය පන්නන්න. නැත්නම් රට ඉවරයි. මොකද මොවුන් තමයි අඟේ ඉඳන් කණ කන්නේ. (නි)
ඒක එහෙම වෙන්න ඕනෑ තමයි. මොකද යම් නීතියක් ඇත්නම් එය කාටත් පොදු වියයුතුයි (නි)
ඔය දේවල් ගැන අපි නම් එච්චර බරපතළ විදියට හිතන්නේ නැහැ (නි)
ජනාධිපති තුමාගේ ජිවිත ආරක්ෂාවත් අවදානම් බවයි මේ වැඩ වලින් පෙනෙන්නේ. (බ)
ලී කුවන් යු සිංගප්පූරුව ගොඩනැගු නායකයා, ආදර්ශයට ගත්තේ ලංකාව. මැතිවරණයේදී ඔහු කිවුවේ රටේ යහපාලනයක් ඇතිකරනවා කියලා. ප්‍රධාන බාධක ඉවත් කරලා තමා රට දියුණු කළේ. මෙයාලට වැරදුනේ අන්න එය නොකළ නිසා. (නි)
අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
මේ රටෙත් නැති ඩුබායි වල ඉන්න සමහරුන්ට මොළය නැහැ කියන එක හොඳටම ඔප්පු වෙනවා අදහස් කියෙවුවහම (නි)
සමහරු අපේ රට කනවා. මේක රටට මහා නරක කාලයක් (නි)
කෝනාර, උපාලි, මහින්දගෙ කාලේ අසාධාරණ ලෙස රස්සාවෙන් එකපාරට එළියට දාපු අය ඉන්නවා නම් කියන්න අපිටත් දැන ගන්න. එළියට දැම්මා නෙමෙයි දහස් ගානකට උපාධි ඇති සහ නැති කාටත් රස්සා නම් දුන්නා. ජනතා මනස විකාර කරන්න උත්සාහ කරන්න එපා. (නි)
අපිට දැනෙන්නේ දැන් මේ රට නැව්පතියෙකු නැති නැවක් වගෙයි කියායි (නි)
මේකත් මහින්ද පාර්ශවයෙ වැඩක් කියලා කියයි දැන්.....(බ)
ආණ්ඩුවේ හොදක් කියන්න තියෙනවා නම් මේවගේ දේවල් තමයි ඉතින් . වෙන මුකුත් නැහැ. (ම)
ජනාධිපති ඉන්න උත්සවයක් වර්ජනය කලා කියන්නේ ජනධිපතිගේ පාලනයේ තිබෙන දුර්වල කමක් . ජනාදිපති ඉන්න තැන විදුලිය කපනෙක හොදයි. රටේ තත්වේ මහජනයා ඉදිරියේ ම පෙනෙනවා නේ.(ම)
ගියවරත් අපේ මාධ්‍ය සගයෝ වයඹ වැඩ වලදී එළියේ හිටියේ. අපි එතනට යන්නේ ආරාධනයක් සහිතව. ගිහාම සලකන්නේ හිඟන්නට වගේ. පසුගිය කාලේ කරපු හැම වැඩක්ම අන්තිම අසාර්ථකයි. ජනාධිපති කෙනෙක් එනකොට කළයුතු කිසිම සුදානමක් මේ කට්ටිය කරන්නේ නැහැ. ඒ වගේම ජනපතිගේ සම්බන්ධීකරණය කරන අය බලන්නෙත් නැහැ.අවසානයේ ඔක්කොම මිනිස්සු පිඩාවට පත්වෙනවා. (බ)
හිතා මතාම කරමු දෙයක් තමයි මේ වැඩේ. දේශපාලන පක්ෂග්‍රාහී කම හින්ද වෙන දේවල් මේවා (ම)
මේකට ජනාදිපති කාර්ය මණ්ඩලය වගකිව යුතුයි. ජනාධිපති යන තැන්වල එයාල නොකරන නොසොයන දෙයක් නැහැ.(ම)
පහුලිය කාලේ හිටපු කටු ලෙවකාපු අය ඇතුලේ ලොකු පුටු වල වාඩි කරවාගෙන මේ රට හදන්න බැහැ. ඔවුන් දැනට නිහඩව සිටිමින් යටින් යටිකුට්ටු වැඩ කරනවා. රස්සාව නොකර දේශපාලනය කර බලය අයුතු ලෙස පාවිච්චි කළ දුෂන වලට උදව් දුන් නිලධාරින් වහාම ගෙදර යැවියයුතුයි. (බ)
ටියුනිසියාවේ බෙන් අලි සහ පවුලේ 107 දෙනා රටින් පැන ගත්තේ මහා භාණ්ඩාගාරයේ තිබුන රත්තරන් කිලෝ දහස් ගානක් /ඩොලර් කොටි ගානක් මුදල් ටිකත් අරගෙනයි. අපේ රටේ කම්බා හොරු තවමත් යහතින් ඉන්නවා.හරිම සතුටුයි. (බ)