(නාලක සංජීව දහනායක)
බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය.
එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්ෂ සම`ග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය

(ඡායාරූප ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට යම් අලුත් දෙයක් ගැන සිතන්න පුළුවන් වෙයි.
බෙදුම්වාදීන් කියන්නේ දකුණු ඉන්දියාවේ කට්ටියක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හදල තියෙන්නේ.ඒකත් සිංහලයො තමා කෙටුම්පත් කරල තියෙන්නේ. ව්‍යස්ථාවේ සංශෝධන කරනවනම් ඒකට රටේ වැදගත් අය පත්කරන්න.
ජනාධිපතිතුමනි කරුණාකර මේගොල්ලෝ එක්ක කරපු සාකච්චාව අකුරක් නෑර රට හමුවේ කියන්න.
හොදඊ ලගදීම අපිට තව උපවාසයක් බලාගන්න පුළුවන්!
විමලේ වෙනගේමක් ගහන්නේ මේ , නව කතිකාවක් , මෙයාගේරෙද්දේ කතිකාව මෙයාට වුවමනා ඔයවැඩේ කඩාකප්පල් කරන්න
මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන් " දේශපාලන හිඟන්නන්" බවට පත්වෙමින් සිටි. හිඟන්නෝ තමන්ගේ පැවැත්ම ගෙන යන අකාරයටම සමහර දේශපාලකයන් තමන්ගේ පැවැත්ම ගෙනයන බවක් අපට පෙනෙන්නට ඇත. වංශවත් හිඟන්නෙක්ද එහිදී අපි දකින්නෙමු .
අනේ, විමලේ මොකද උනේ ? අන්තිම රැස්වීමෙදීත් අප්පච්චි ඉස්සරහ තියාගෙන කිව්වෙ " අයියෝ, සිරිසේන " කියල නේද ? දැන් රෙදි ඇඳගෙනද හම්බවෙන්න ගියේ ?
සමන් ගේ අදහස හරි
කාලේ නාස්ති කිරීමක් විතරයි.
සිරිසේන........ සිරිසේන ............ කෝ මේ සිරිසේන.........
කවුරු මොනව කිව්වත් එක දෙයක් දැනගන්න ඕන. මේ අලුත් ව්‍යවස්තාවෙන් පොදු ජහමනයාට වෙන සෙත කිම?
මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි.පක්ෂ වලින් තොරව ඇත්ත තත්වය තෝරා නොගත්තොත් ගස්.අරයට මෙයට මද ගහ ගහ ඉන්නේ නැතිව තියෙන භයානක කම තේරුම් ගත යුතු වෙනවා. සමහර විට ජනාධිපති තුමාටත් අප ශක්තියක් දිය යුතුව ඇති බව පෙනෙනවා. වෙන්න යන්නේ මොකද කියල 4 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා.මේ වෙලාවේ යන්තම් හරි රටක් ඕනේ කියල හිතෙන කට්ටිය එක පැත්තකට වෙලා 225 අතරේ බලගතු වෙලා ඡන්දෙ දෙන්න ඕනේ. එහෙම නොකරන අය ගැනයි අපි හොඳට බලාගෙන ඉන්නේ.