අන්තර්ජාතික යුද අධිකරණයක් හමුවට ලංකාවේ හමුදා සෙබළු මෙන්ම වත්මන් ජනපති ද ගෙන යෑමට කිසිම ඉඩක් නොතබන බවත්, උගත් පාඩම් කොමිසමේ සඳහන් පරිදි යුද අපරාධ සිදුවීදැයි සෙවිය යුත්තේ රට තුළ බවත් අතුරලියේ රතන හිමියෝ අද (22) තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී පැවසූහ.
පොදු අපේක්ෂක සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රජය ගෙන යතියි කියන බොරු ප්‍රචාර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
‘මුලින්ම ආණ්ඩුව කිව්වා ජනාධිපතිවරණය විශාල ජයග්‍රහණයක් ලබන බව. ඊළඟට කිව්වා කොහොම හරි දිනනවා කියා. දැන් කියනවා පැරදුනත් ඉන්න බව. අදියරෙන් අදියර කියපු දේ වෙනස් වුණා. ‘ යැයි ද ඒ හිමියෝ පැවසූහ.
ඡන්දය මෙතරම් ගණනකින් දිනන බවට ඩලස් අලහප් පෙරුම මහතා පසුගිය පළාත් සභා මැතිවරණ කිහිපයක දී ම ප්‍රකාශ කළත් ඒ සියල්ල බොරු වූවා සේම මෙවර මැතිවරණයේ දී ද අලහප්පෙරුම මහතාගේ සංඛ්‍යාලේඛන බොරු වන බව හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
රතන හිමියන් හා සේනාරත්න මහත්වරුන්ගේ කතා පහත වීඩියෝවලින්.
(වීඩියෝ සනත් ඩෙස්මන්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන විදිහට කව්රුවත් අද අධිකරණ වලට ගෙනියන්න බැහැ. එහෙනම් සරත් ෆොන්සේකා මැතිතුමාත් ගෙනියන්න ඕන, දිනන්න බැරි තැන, නිකමටවත් රටකට ගිහින් තියනවා නම් දැනගනී මහින්ද කරන්නේ මොනවද කියල. (ස)
එතුමාව හේග් ගෙනියන්න අපි දෙන්නෙ නැහැ. ඒක මොන ගුණමකු වැඩක්ද? (නි)
අපි මෙයට එරෙහිව නැගී සිටිය යුතුයි (නදී)
කෝ අර සෝබිත හිමි. කැපිලද? නැතිනම් කළේ අපරාධයක් කියා පසු තැවෙනවාද? (නදී)
ඔබතුමාට එහෙම වුණොත් අපි ඔක්කොම පාරට බහිනවා (නි)
ජනපතිතුමනි. ඔබයි අපේ ජාතිය බේරාගත් නියම පියා! (නි)
මේ කතා අහනකොට හිතාගන්න පුලුවන් අපිට ගොඩක් දේවල් (නි)
අධ්‍යාත්මවේදී බන්දුල පෙරේරා , තත් කාලය බලා පරිගණකයේ ජිල්මාට් ග්‍රහයන් නිමිති කොට ගෙන අනාවැකි කියනවා. (නදී)
බොහොම ස්තුති ලංකාදීප මෙවන් කලෙක මෙහෙම ඇත්ත අදහස් නොබියව පල කිරීම ගැන (අ)
ගෙනියන්න හැදුවොත් ඉතින් මොකද කරන්නේ? (නි)
බන්දුල නව වෙනිදා වෙනකම් ඉන්න ඕනේ නැහැ දැන්මම ඔය කඩේ යන එක නවත්ටල වැඩක් බලා ගන්න.(නදී)
බලන් යනකොට සමහරු යුද්දේ දිනලා තියෙන්නේ තනියම. මුළු රටේම අනිත් මිනිස්සු බුදියගෙන ඉඳල තියෙන්නේ. (නදී)
කරුණාකරලා අන්තර්ජාලයේ තිබෙන චම්පික මහතාගේ ඉතිහාසික කතාව පල කරන්න. (නදී)
ජනාදිපති තුමාට තවත් අවුරුදු තුනක් රට ගෙනියන්න බලය තිබෙද්දී එතුමා හදිසිවීම නිසා නේද මෙහෙම උනේ (නදී)
වෛරී අදහස් වපුරන්න එපා (නි)
කොළඹ ඉන්න උගතුන් කෙසේවෙතත් ගමේ ඉන්න සාමාන්‍ය දැනුමින් පිරිපුන් මිනිසුන්ට හැඟෙනවා දැනෙනවා මේ රට තිබුණෙ කොතැනද අද තිබෙන්නෙ කොතැනද කියලා. (නි)
යුධ අධිකරණ කතාව හැමදාම ඡන්දයක් එනකොට අපිට ඇහෙනවා. (නි)
බදුර්දීන් ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා ඉන්නකොට මොන දේ කලත් හරි. අනෙක් පැත්තට ගියොත් මොන දේ කලත් වැරදියි. රටට වින කරනවා නම් ඇමති කෙනෙක් කරලා නලවපු අය තමා වැරදි. කරුණ අම්මාන් මෛත්‍රීට සහය දෙනවා කිව්වොත් කොහොමද? දැන්නම් කරුණා ඇමතිතුමා හරිම ශෝක්. කිසි වරදක් කරලා නැහැ. එතකොට කෝ ප්‍රභාකරන්ගේ ඊලඟ අනුප්‍රාප්තික උන කේ.පී (නදී)
ඔබ වහන්සේ මොනවා කීවත් විදායක ජනපති මොනවා කරයිදැයි අපි නොදනිමු (නදී)
ඔබ වැනි නිර්භීත හිමිවරු ලංකා ඉතිහාසය පුරා අපි දැක තිබෙනවා. ඔබට අපේ ප්‍රණාමය (නදී)
හේග් අධිකරණයත් අපේ අධිකරණය වගේ ස්වාධීනයි කියල මන් අහල තියනවා. (නදී)
මම කිසිම දවසක සිහල උරුමය මේ දේ කරයි කියා. අනාගකය විසින් ඔබලාව ඉතිහාසයේ තිබිය යුතු තැන තියාවි (නදී)
මුළු රටම විශ්වාස කරන්නේ යුඑන්පි එක අහරි අනික් එකක් හරි නෙවෙයි මේකෙදි. මිනිස්සු හිතන්නේ හෙළ උරුමේ හරි මිනිස්සුන්ගේ සාධාරණය වෙනුවෙන් පෙනී ඉඳගෙන වැඩ කරාවි කියලා.(නදී)
ඔය වැදි බන නවත්තන්න දැන්වත්. ජනාධිපති ඇතුළු ත්‍රිවිද හමුදාවේ කවුරුවත් කොහෙවත් ගෙනියන්න දෙන්නේ නෑ. (නදී)
අපේ හාමුදුරුවනේ ඔබලගේ අලුත් ආණ්ඩුවේ මෙතරම් දරදිය අදිනා රාජිතට හිමිවන තැන මොකක්ද ? (නදී)
අපේ හාමුදුරුවනේ කෝ සෝබිත හිමි. (නදී)
කඩේ යන කාට කාටත් උත්සාහයෙන් වැඩක් වුනේ නැහැ කියල අට වෙනිදට තේරෙයි. (නදී)
රටේ අභ්‍යන්තරික ගැටලු අභ්‍යන්තරවම විසඳීම මිස රට පාවාදීම එයට පිළිතුර නොවේ. (නි)
ඔව් ඔව්... පිටරටවල් අවශ්‍ය නැහැ. ඉරාකය, ලිබියාවේ කළා වගේ රටේ ප්‍රශ්න රට ඇතුළේදීම විසඳාගනිමු. (නි)
ඔබ වහන්සේලා ඕකේ එක පාර්ශවයක් පමණි. සියලුම දේ ඔබ වහන්සේලාට ඕන විදියට නම් වෙන්නේ මොකටද අනිත් අය ගන්නේ. (නදී)
එයාව හේග් ගෙනියන්න කිසිම කෙනෙක් නැහැ. අපේ රටේ කව්රුවත් එහෙම කරන්නේ නැහැ. (නදී)
වරදක් කලත් සිතකින් නොවේ නම් ගෙනියන්ඩ දෙන්ඩ බෑ (නදී)
නිමල්, නීතිය අවනීතිය වූ පාලනයක් දිගටම තිබුනොත් රටක් ලිබියාවක් හරි ඉරාකයක් හරි වෙන එක නවත්වන්න බැහැ. (නි)
මේවා ගැන මෙහෙම කිව්වට සමහරු කරන්න යන තවත් වැඩ ගැනත් අපිට ආරංචි වුණා (නි)
එතුමා ජාතික වීරයෙක්. කාටවත් එතුමා ගැන වැරැද්දක් කියන්න බැහැ (නි)
ජනාධිපතිතුමා යුද අධිකරණයකට ගෙනයනවාට මේ රටේ සියලු පුරවැසියන් විරුද්ද විය යුතුයි. ඒ වගේම එතුමා හේග් ගෙනයනවා කියලා ඡන්ද ගරාගන්න හදනවා නම් එ්කත් වැරදියි. (නදී)
මෛත්‍රී නෙමෙයි ඇමරිකාවේ බැරක් ඔබාමා ගෙනත් ලංකාව ඇමරිකාව වගේ කරනවා කිව්වත් මහින්ද තමයි දිනන්නේ (නදී)
ජයවේවා. අපේ ජනපති ඔබයි (නදී)
ඔබ වහන්සේ මොනවා කිව්වත් වටේ ඉන්න කට්ටිය එ්ක දැනටමත් සැලසුම් කරලා ඒ කට්ටිය අපේ රට ආසියාවේ ලිබියාව හරි සිරියාව හරි කරලා තමා පස්ස බලන්නේ. එ්ක තේරෙනකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි (නදී)
හාමුදුරුවනේ ඔබ වහන්සේ හිතන්නේ මොකක්ද චම්පිකල මීට මාස කීපයටකට කලින් නෝර්වේ ගියයි කියන එක ගැන. (නදී)
අර දරුවන්ට ගහන්නේ හරියට බල්ලෝ බලල්ලුන්ට ගහනවා වගේ. මොකද ඒ දරුවන් ඉල්ලන්නේ ගුවනින් ලම්බෝගිනියක් ගෙනත් දෙන්න කියල නෙමෙයි නේද? (නදී)
ඔන්න හාමදුරුවනේ බදුර්දීන් ඇමැතිතුමාත් ඇවිත් පිවිතුරු හෙටක් හදන්න. හෙට අනිද්දා හැකිම්ලත් ඒවි..සම්බන්දන්ලා දැනටම ඇවිත්. පරිස්සමින් හොඳේ. (නදී)
යහ පාලනය කියන ලස්සන වචනය උඩින් තිබුනට මේකේ යට තියෙන උගුල තේරුම් කර ගන්න බැරි තරම් මෝඩ ජාතියක්ද අපි? ඇස් ඇරලා බලපල්ලා කවුද අනිත් පැත්තේ එකතුවෙලා ඉන්නේ කියලා...(නදී)
මහින්දගේ හොඳ දේවල් සහ නරක දේවල් ටිකක් කියන්නම්. යුද්දේ නැති කලා. පිටරටට ඔලුව නමන්නේ නෑ. රාජ්‍ය සේවය ශක්තිමත් කලා. සියලු උපාධිදාරීන්ට රස්සා දුන්නා. කිසිම රාජ්‍ය ආයතනයක් විකුණුවේ නෑ. ආර්ථිකය ශක්තිමත් කලා. පාරවල් හැදුවා රුපියල අවුරුදු ගානක ඉඳල ස්ථාවරයි. නරක ටිකකුත් කියන්නම් මුළු කැබිනට් මණ්ඩලයම බැසිල්ට පාලනය කරන්න දීලා ඇමතිවරු පඹයෝ ගානට දැම්මා. කුඩු මන්ත්‍රීලා රජකරනවා. වැරදිවලට දඬුවම් නෑ. දුෂණ ගැන විපක්ෂයේ චෝදනා වලට ආණ්ඩුවට උත්තර නෑ. පරණ ශ්‍රී ලංකා කාරයට තැනක් නෑ. අද යු.එන්.පී එකෙන් ආව කෙනාට ඇමති පට්ටම්. මහින්ද මහත්තයෝ මේ සැරේ විතරක් ඡන්දෙ දෙන්නම්. ගමන වෙනස් නොවුනොත් අපි දෙන්නෙත් විරුද්දව. (නදී) .
මගේ අනාවැකිය මහින්ද 56%..මයිත්‍රී 41%. අනෙක් 3%යි ..මේ ප්‍රතිශතයට වඩා මහින්ද මහත්තයට වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නැහැ. එකක්වත් අඩු වුනොත් මේ ඔර්ජිනල් බන්දුල පෙරේරාවත් ලංකා තිලක්වත් 9 ඉදල එසැන පුවත්වල නැහැ. (නදී)
නමුත් රට බේරගන්න විශාල කැපවීමක් කළ ජනරාල් ෆොන්සේකාව හිරේ දානකොට, මේ රජයට කිසිම අනුකම්පාවක් තිබුනේ නැහැ (නදී)
රතන හාමුදුරුවනේ නිවනට යොමුවන්න, දේශපාලනයෙන් අයින්වෙන්න (නදී)
නිමල්,ලිබියාව,සිරියාව කෙසේ වෙතත් දැන් රට යන විදිහිට ඉස්සරහට ගියොත් උගන්ඩාව වෙන්න පුළුවන් (නදී)
මිනිස්සුන්ට ඕව වැඩක් නැහැ. දැන් හිතන්නේ මැරයෝ රොත්ත පිටින්ම හේග් ගෙනියලා හරි රටට නිදහස ලබා ගන්නයි (නදී)
බුදු දහම සත්‍යනම් වෛරය පරදිනවාමයි. (නදී)
කේ.පී, තොන්ඩා, බදුර්දීන්, හකීම්, සම්බන්දන්, කට්ටියම තමන් එක්ක ඉන්න කොට ඒ කට්ටියම වීරයෝ මාරු උනොත් හොරු. (නදී)
මිතුරනි, මේ පාර කිසිම වංචාවක් සිදු උනේ නැති උනොත් මෛත‍්‍රීයෙන් (නදී)
කෙනෙකුගේ කටින් පිටවන වචන සහ අභ්‍යන්තරයේ ඇති අරමුණු එක සමානද යන්න හිතාගත නොහැකිය (නි)
ඔය කියන කට්ටිය එකට හිටියත් රජය කොන්දේසිවලට යටත් වුනේ නැහැ. එ්කයි ඔය කියන අය රජයට සහය දෙන්න තවදුරටත් අකමැති. තමන්ගේ ඉල්ලීම් ලැබෙන තැනට යනවා. (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර එතකොට ඒ සෙන්පතියාට යුද්ධය ජය ගන්න උදව කල හමුදාපති හිරේට යවපු එක ගැන මොකද ඔබතුමාගේ අදහස ? යුද්ධයක් කියන්නේ තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එ්ක හැබැයි දැන් තනියම කල දෙයක් වෙලා. අපිට දුක අන්න ඒකයි. (නදී)
ඔය කහ සිවුරට අගෞරව කරන්න එපා. අපේ රට එදා දුටුගැමුණු යුද කල බේරාගත්තා හා සමානව ඊට දෙවැනි නොවන යුද්ධයක් කර බේරාගත් ඒ නිර්භීත සෙන්පතියා අවමානයට පත්වන විදියේ කතාකියන අයත් එක්ක එකම වේදිකාවේ වාඩිවෙන එක නවත්වන්න. කවුරු මොන කතා කිවුවත් බහුතරයක් වූ රටේ මහා ජනතාව මහින්ද රාජපක්ෂ වූ ඒ නිර්භීත සෙන්පතියා සමඟය. (නි)