රංජන් කස්තුරි
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙන බව එජාපයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එහිදී කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ඉල්ලනේ ඕවා නෙවෙයි ජිවන වියදම අඩු කරන්න.
නිමක් නැති කැබිනට් සංශෝධන වලින් අපට ඇති වැඩක් නැත. රටේ ආර්ථිකය හොඳ අතට සංශෝධනය කිරීමට හැකි දෙයක් කරන්න.
අර අගමැතිතුමා පසුගිය සතියේ නුවර ගියවෙලාවේ කිව්වනේ ඔබතුමාගේ විශේෂ වැඩ පිළිවෙලක් තිබෙනවා රට සීඝ්‍රයෙන් දියුණු කරන්න ජනාධිපතිතුමා ලංකාවට අාවගමන් එ්ක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා, කරුණාකරලා ඉක්මනට එ්ක පටන්ගන්න. ඔය ඇමතිලා ටික නම් පත් නොකළත් කමක් නැත. එහෙම නැත්නම් ඔය ඉන්න ඇමතිලා ටිකට ඔය විෂය ටිකත් බෙදලා දෙන්න අලුත් කට්ටිය... පත්කළොත් වෙන්නේ පැට්‍රල් ඩීසල්වලට විශාල වියදමක් යන එකත්, ඇමැති වාහන සහ බැකප් රථ නිසා පාරවල් ඇහිරෙන එකත්ය. නැතුව රටට වෙන සුගතියක් නම් නැත.
පුරවැසියන් හැටියට අපට තිබෙන ප්‍රශ්නය තමා මේ අය සැමවිටම තිබ්බේ විශේෂ සාකච්ඡා හැර කිසිදින සාමාන්‍ය සාකච්ඡා තිබ්බේ නැහැ. නමුත් මෙතෙක් තිබුණු විශේෂ සාකච්ඡාවලින් ලක්මවට, අපට, ඔබට කුමක් ලැබුනේද?
කැබිනෙට් වෙනසක් සිදුවෙනවානම් කැබිනෙට් ප්‍රකාශක තනතුරට එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පත් කරන්න ජාතික රජට පක්ෂ කොපමණ සිටියත් තීරණ ගන්නා ආයතනය කැබිනට් එකය. කැබිනෙට් ප්‍රකාශක මාධ්‍යයට වලට කතා කරන්නේ දේශපාලනය නොව කැබිනෙට්ටුවේ දී ගත් තීරණය. එම නිසා එක ඇමතිවරයකු මේ සදහා පත් කරන්න.
කාලය වේගයෙන් යයි. විශේෂ සාකච්ඡා හොදටම ඇති. මේ ඔබදෙපලට ලබාදෙන අන්තිම අවස්ථාව. රටට දැනෙන වැඩක් කරන්න. ජනතාවට සහනයක් දෙන්න. මැති ඇමතිවරුන්ගේ සැප විහරණය ගැන සිතන්න එපා.
මේ ගොල්ලෝ තමන්ගේ බලේ රැකගන්න කරන දේවල්.
මේ සාකචිඡා වල මහජනයාටනම් කිසිම විශේෂත්වයක් නෑ. මාධ්‍ය වලටත් මේවගේ ඇති විශේෂත්වය මොකක්ද කියන එක තමයි ගැටලුව. මෙතෙක් කල් සාච්ඡා කර කර හිටියා ඇති දැන්වත් රටට වැඩක් කරන්න. පොරොන්දු ඉටු කරන්න. එහෙම නොවුණොත් ඔය දේශපාලකයින් සමූහය කල්ලතෝණින් විධියට සලකන එක නවත්වන්න බෑ. මහජන මුදල් කාබාසිනියා කරන එක නවත්වලා, ජනතාවට ආදර්ශයක් දෙන්න බැරි දේශපාලකයින් රොත්තකගෙන් ඇති වැඩේ මොකක්ද? මහජන අදහස්, මතයන් කුමක්ද කියලා නොතේරෙන අන්දයෝ, ගොලුවේා, බිහිරෝ ටිකක්.
කැබිනට් නැතිනම් අල්මාරිය සංශෝදනය කලත් අපිට වැඩක් නෑ, රටේ මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නේ ඒකට පිලියම් හොයන්න, බොරු වැඩ නොකර.
මෙච්චර කල් වාසියට අත උස්සපු අයව කොච්චර පත් කෙරුවත් ගසා කෑමේ පුරුද්ද සහ පනින්න බලාගෙන ඉන්න සහජ හැකියාව නැති කරන්න බැහැ මහතුනි . නාස්ති කරන්නේ මහජනයාගේ කාලයයි. එමගින් රට අගාදයට ඇදල දානවා, දැනුවත්ව හෝ නොදැනුවත්ම. තේරෙනවානම් මෙච්චර රටේ වටිනා කාලයක් නාස්ති කරන්නේ නැහැ , පක්ෂය විතරයි ඔලුවේ තියෙන්නේ.
ඔය සාකච්චා වලින් අපිට සෙතක් නෑ ?
වැඩ බැරී අය දන්න එකමදේ තමයි කථාව. මේ නායකයෝ දෙන්නම තමන්ට වැඩබැරී බව හොදටම ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා වෙන්න ඕන දෙන්න සැරින් සැරේ හමුවෙලා කථා කර කර ඉන්නේ.
අර මෛත්‍රී පාලනයේ පොරොන්දු වල පරිදි රටේ ඇමති මණ්ඩලය අඩු කරන්න නිකන්ම අවස්ථාව උදාවෙලා තිබෙනවා