
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ.
රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බව ද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්තා පවර්ලා එහෙම ලංකාව නැසීමට තැත්කළ අය... බලාගෙන...
අනුර සමන්තගේ පවර් එක ගැන වැටහුණාද? ඇමරිකාව ඔබ සමග සාකච්ඡාවට නිලධාරීන් ලෙස එවන්නේ, වලපය ගොඩපය සිටින නිලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ වැනි විෂය පිළිබඳ කිසිම දෙයක් නොදන්නා වයෝවෘද්ධ පුද්ගලයින් නොව විෂය පිළිබඳ පුර්ණ දැනීමක් ඇති අවම වශයෙන් විෂය පිළිබඳ ආචාර්ය උපාධි දරන පළපුරුදු පුද්ගලයින්, ඔබටත් පුළුවන් අනාගතේ ශ්‍රී ලංකාවට මෙවැනි විදේශ දුත නිලධාරීන් බිහිකිරීමට අඩිතාලම දමන්න... අනාගතේ ලංකාවේ විදේශ සේවය විෂයක් ලෙස විශ්ව විද්‍යාලවල උගන්වන්න.. ඉන්පසු පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න විදේශවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල නිලධාරීන් ලෙස යන පුද්ගලයින්ට විදේශ සේවයට අදාල උපාධියක් තිබිය යුතුයි කියලා, එහෙම කලොත් ලංකාවට හොඳ කාලයක් උදා වේවි..!
ගූගල් ට්‍රාන්ස්ලේටර් තිබුන හින්දා හොඳයි - නැද්ද සහෝ !
විදේශවල දැනට සේවය කරන ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගෙන් 75% පමණ අදාල විෂය ගැන දැනුමක් නැහැ. එමනිසා විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ දුක් විඳිනවා. රටට ලබාගන්න පුළුවන් අනෙක් ප්‍රතිලාභ ලබාගන්නත් බැහැ. විශ්‍රාමික හමුදා නිලධාරීන්, වෛද්‍යවරු, කලාකාරයෝ මෙහේ එවීමෙන් වැඩක් නැහැ... යුරෝපේ රටවල කරන විදිහට විදේශ සේවය අනිවාර්යයෙන්ම විෂයක් ලෙස විශ්ව විද්‍යාලල උගන්වලා, උපාධිය සම්පූර්ණ කරපු පුද්ගලයින් පමණක් මෙහේ එවන්න. නිලධාරීන්ගේ පළපුරුද්ද, කැපවීම සහ විෂය පිළිබඳ ඇති දැනුම පාදක කරගෙන ඔවුන් ශ්‍රේණිගත කරන්න තානාපතිවරු පත්කරන කොට විදේශ සේවයේ අනිවාර්යයෙන් වසර 10වත් සම්පුර්ණ කරපු අය පත්කරන්න..