මහ මැතිවරණයේදී කිසිම සන්ධානගතවීමකට නොයන බවත් මහින්ද රාජපක්ෂ මහතා එන විදිය කොයි ආකාරයෙන් දැයි බලා සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමන් වහන්සේ නොදන්නා බවත් එය නිදහස් පාක්ෂිකයන් හා එහි නායකයන් පවතින තත්ත්වය අනුව තීරණය කරනු ඇතැයිද ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමන මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ ඉදිරියට යන බවත් රතන හිමියෝ කීහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේ පසුපස ගිහින් අද අනාථ වී ඇති අය කොතරම්ද?නේද අපේ හාමුදුරුවනේ? දැන්වත් රට පෙරට තබා සිතන්න අපේ හාමුදුරුවනේ. මහින්ද , මෛත්‍රී , රනිල් මේ ඔක්කොම ගැන පස්සේ හිතන්න. එදා ඔබවහන්සේලා ජන 8 වෙනිදා රට ගැන හිතුවා නම් අද ඔබවහන්සේ මේ කතා අහන්නේ නැහැ. මම පුද්ගලිකව දන්නවා ඔබ වහන්සේ අතිදක්ෂ, පේරාදෙණිය පළමු පෙළ උපාධිධාරී , චතුර ලෙස සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරවන හිමිනමකි. ඔබවහන්සේ ජාතික සම්පතක්. රටට ඒ සම්පත නැතිකරන්න එපා (නි)
මා අසා ඇති පරිදි මා දන්නා පරිදි, මේ රටේ මෑත යුගයේ දේශපාලනයට සම්බන්ද වුනු කීර්ති මත් හිමි දෙනම වන්නේ කෝට්ටේ නාග විහාරයේ සෝබිත නායක හාමුදුරුවෝ හා මුරුත්තුටුවේ ආනන්ද නායක හිමිවරුන්ය. මේ දෙහිමියන් කිසිම දවසක මුදලට හෝ වෙන යම් ප්‍රතිලාබ වෙනුවෙන් කතා කර හෝ වැඩ කර ඇති බව මා අසා නැත. අද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මහින්ද මහතා දේශපාලනය ට ගෙන ඒම සදහා ප්‍රබල උත්සාහයක් ගන්නා අතර, මෛත්‍රී මහතා ජනාධිපති කිරීමට අනුපමේය සේවයක් කල සෝබිත නායක හාමුදුරුවෝ අද කල කිරී දේශපාලන භූමිකාවෙන් සමු ගන්නට සැරසෙන බව උන්වහ්සන්සේ ප්‍රකාශ කළා. අතුරලියේ රතන හාමුදුරුවෝ තාම දේශපාලනයට තරුණ වැඩියි මේ දෙනමත් එක්ක බලද්දී. දේශපාලනය හා බෞද්ධ පසුබිම හොඳින් දන්නා බුද්දීමත්තු මෙහි ඉන්න නිසා මේ ගැන පැහැදිලි කරන මෙන් ඉල්ලමි. (නදී)
ඩයස්පොරාවත් හවුල් කරගන්න අපේ හාමුදුරුවනේ. කොහොම හරි දිනන්න නේ ඕනේ.(ම)
මෙදා සැරේ ජනතාව නිසි පිළිතුරක් ලබාදේවි .(ම)
දේශපාලනයෙන් සමුගැනීම වඩාත් සුදුසුය. (බ)
වෙන කොහේ යන්නද? කාගෙන් ඡන්ද ගන්නද? (බ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අනිත් ගිහි පැවිදි අය මෙන්ම 2015 ජනවාරි 08 වැනිදාට පෙර සිදුවු වූ වායි කියන දුෂණ, වංචා, තක්කඩි, මැරකම් ආදිය ගැන නොදන්නවා යයි කියන්න අමාරුයි නේද ? මෙවැනි උගත් අය රට ආපසු ගෙන යාමට පාර හදන අයට සහාය දීම රට අගතියට ගෙන යාමට උදව් කිරීමක්. (බ)
අපි මෙයාලගේ මාධ්‍ය සංදර්ශන ගණන් නොගෙන ඉන්න ඕන .මෙයාලට ජන පදනමක් නැහැ .අනාථ පිරිසක් (බ)
මේක එතරම් සෘජු ප්‍රකාශයක් නෙමෙයි නේද හාමුදුරුවනේ ? ඇයි කෙලින් කියන්නේ නැත්තේ නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඡන්දයට එනවා කියල ? එහෙම නැතිනම් කියන්න ඕන අපි ඡන්දයට එන්නේ තනියමයි , ඡන්දෙන් පස්සේ අපි ජනාධිපතිතුමා එක්ක ගමනක් යනවා කියල. දේශපාලනයට ගියහම හාමුදුරුවරු ගිහියන්ට වඩා හතරවෙනි සිල්පදේ කඩනවනේ බලාගෙන යනකොට. (බ)
එතකොට ඔබේ ලේකම්? (නදී)
අනේ අපිට මොකෝ. (නදී)
අනේ ඔබ වහන්සේ හදිස්සි වෙලා ගත්තු වැරදි තීරණ දැන්වත් හරි ගස්වන්න. (ම)
මෙදා සැරේ ජනතාව නිසි පිළිතුරක් ලබාදේවි ඔබ සැමටම (ම)
ජයවේවා අපේ මහින්ද ජනපතිට (ම)
යම රජ්ජුරුවොත් තැමති වෙයි සාධාරණයට (ම)
අපගේ ප්‍රණාමය සහ සහයෝගය, හැමවිටම හොඳ දේ අගය කරන ඔබට (ම)
අනේ අපේ හාමුදුරුවනේ අපිට නම් පේන්නේ නන්නත්තාර වෙච්ච ගතියක් ඔබ වහන්සේලාගේ මුහුණු වලින්. ජනපතිටත් එච්චර තමයි නේද? නිදහස් පක්ෂයේ තේරීම් කමිටුව දැක්කම හිනත් යනවා. ජනපතිට ඉතිරි වෙලා ඉන්න පිරිස දැක්කම. දැන් ඔබ වහන්සේගේ සාකච්චාව දැක්කමත් අපිට දුක හිතෙනවා... (බ)
කෝ කට්ටියගේ මුහුණුවල කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැනේ .මොකද මෙයාලා දන්නවනේ මෙයාලට අත්වෙන ඉරණම .(ම)
ඔබ වහන්සේ පසු පස ගිහින් මා මිතුර චම්පික රණවක අැමතිතුමාත් අද අනාත වෙලා , අසරණ වෙලා නේද අපේ හාමුදුරුවනේ ? දැන් වත් රට පෙරට තබා සිතන්න අපේ හාමුදුරුවනේ , මහින්ද , මෛත්‍රී , රනිල් මේ ඔක්කොම ගැන පස්සේ හිතන්න , පළමුව රට ගැන හිතන්න , එදා රට ජනවාරි 8 වෙනිදා රට ගැන හිතුවා නම් අද ඔබවහන්සේ මේ නව නින්ගිරා අහන්නේ නැහැ , මම පුද්ගලිකව දන්නවා ඔබ වහන්සේ අති දක්ෂ , පේරාදෙණිය පළමු පෙළ උපාධිදාරී , හිරේ විලංගුවේ වැටුණු , චතුර ලෙස සිංහල මෙන ඉංග්‍රීසි භාෂාව හසුරවන හිමි නමකි , ඔබවහන්සේ ජාතික සම්පතකි , රට ට ඒ සම්පත නැති කරන්න එපා (බ)
දැන් මොනවා කරන්නද? දැන් ඇඩ්රස් නැති බවට හොදම සාක්ෂිය. (ම)
රටට ජාතියට ආදරයෙන් ගත්ත තීරණයට මගේ ආචාරය (ම)
දැන් නන්නත්තාරයි නේද, මුනත් සුදුමැලි වෙලා .(හේ)
ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කළ යුතුය . (හේ)
ඔබ වහන්සේ යන මාර්ගයේ අපිත් එනවා.(හේ)
අපේ හාමුදුරුවනේ දැන් අර කළැයි කියපු හොර මැර දුෂණ ආදිය ගැන සද්දයක් නැත්තේ මොකද . අපිට නම් ඒවා අමතක නැහැ , හැබැයි අපි තවම ඒවා දැක්කේ නම් නැහැ .(හේ)
ඒ ගමන සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරනවා.(හේ)
ඔබ වහන්සේට අපි ගරු කරනවා රට ගැන හිතන්න දැන් රටට වෙලා තියනදේ හිතන්න (බ)
උඩ පැනල කෑ ගහල ආණ්ඩු පෙරලුවලු. ස්ථාවරව තිබූ රට විනාශ කළ පාපේ. දැන් අනාථ වෙලා ඉන්නේ. මෙයාටයි රණවක උන්නැහෙටයි වදින්න අතක් නෑ දැන්.මහින්ද පස්සේ යන්න වෙනවා දැන්. පව්.කළ පව් පල දෙනවා කියන්නේ ඕකට තමා (බ)