පැරීසියේ පිහිටි බැස්ටිල් ස්මාරකය ස්ථාපිත කර ඇති ස්ථානය අසල ශාලාවකදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන උත්සව සභාවක් පැවැත්විණි. පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛා, ශ්‍රීලනීප ශාඛා, හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය, සමග විවිධ සමාජ සංවිධාන හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ එකතුවෙන් පැවැති මෙම සභාවට පැරීසියේ විශාල ජනතා සහභාගිත්වයක් ලැබුණි.
පැරීසියේ එජාප හා ශ්‍රීලනීපය එකම වේදිකාවේ අසුන් ගත් ප‍්‍රථම අවස්ථාව එය විය. එජාපය, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය, ශ්‍රීලනීපය සාමාජිකයන් හා විවිධ සමාජ ක‍්‍රියාකාරින් වන අජන්ත කල්දේරා, නිහාල් මැණික්බෝව , ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, පුෂ්පසිරිද අල්විස්, අජිත් රණසිංහ, ආනන්ද ධර්මසේන මහත්වරුන් සභාව ඇමතීය.
‘යුද ජයග‍්‍රහණයට පෙරමුණ ගැනීමට මුල් වුයේ ජාතික හෙළ උරුමයයි. එදා අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප‍්‍රමුඛ හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුණත් නිර්භයව පෙරමුණ ගත් බවත් මෙදා එම රතන ස්වාමීන්වහන්සේ අද පවතින ආඥාදායක පාලනයට එරෙහිව පලමු වෙඩි මුරය එල්ල කල බවත් රතන සුත‍්‍රය ඉතාමත් බලගතු සුත‍්‍රයක් බැවින් එදා මෙන් අදත් අවසාන ජයග‍්‍රහානය දක්වා සටන් වදිනවා‘ යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රංශ ශාඛා සභාපති සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ පැවැසීය.
ඉන් අනතුරුව වසර 13ක් පැරීසියේ ශ්‍රීලනීප සභාපති තනතුර දරන ඩේමියන් පීරිස් මහතා විසින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට පාදකවූ කරුනු ඇතුළත් ජනාධිපතිවරයාට යොමු කළ සංදේශයක් සභාවට ඉදිරිපත් කළේය.
‘‘මහින්ද චින්තනයේ ලේඛන ගත කළ පරිදි තිරසාර සෙනෙහසින් පිරුණු රටක් ගොඩ නැගීම වෙනුවෙන් ඈත දේශ දේශාන්තරයන්හී සිට ඇප කැපවුවෝ අපි වෙමු. යුද්ධය ජයග‍්‍රහාණය කිරීමේ අවසන් මෙහොතේ ජාත්‍යයන්තරව නැඟුණු මහා විරෝධයට ජාත්‍යයන්තරව සිටිමින්ම දැඩි ශීතල විඳිමින් මුහුණ දුන්නෝ අපි වෙමු. මහා චින්තකයන් රාශියක් පහළ වුණු ප‍්‍රංශය වැනි දේශයක ජීවත් වෙමින් උපන් බිමට මහත් පේ‍්‍රම කරන්නන් වන අපට මහින්ද චින්තනය දැනුනේ සැබෑ චින්තනයක් ලෙසිනි. නමුත් එසේ සිතමින් සතුටු වීමට ඔබ , ඔබේ පවුලේ අය හා ඔබ වටේ සිටිනා අප පක්ෂය විනාශ කිරීමට උත්සහ දරන්නන් අපට වැඩි කාලයක් ඉඩ දුන්නේ නැත. ක‍්‍රමයෙන් විරුද්ධ පාක්ෂිකයින්, සෙසු ලෝකයා පමණක් නොව රටේ සුබ අනාගතය මුළු හදින් ප‍්‍රාර්ථනා කළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපටද දැනෙන්නට වුයේ රටේ ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ පෙර කියූ ඔබේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව”එක පවුලක බල පරාක‍්‍රමයක්” රැක ගැනීමේ හා තහවුරු කර ගැනීමේ ක‍්‍රියාවලියක් ලෙසය.‘‘
‘‘රට යුද්ධයෙන් මුදා ගැනීමට ඔබ නායකත්වය දුන්නද ඒ රට අයිති ඔබට පමණක් නොව, එහි අයිතිය ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් මැලේ ආදි සියලූ ජාතින්ට මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි ආදි සියලූම ආගම් නියෝජනය කරන රට වැසියාටය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් ඇති අසීමිත ආදරය නිසාම ඔබේ මෙම දුෂිත පාලනයට එරෙහිව නැගී සිටි හතලිස් හත් වසරක් අඛන්ඩව අපේ ආදරණීය පක්ෂය නියෝජනය කළ එහි ප‍්‍රධාන ලේකම් වරයාවූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට අපි තීන්දු කිරීම මේ මෙහොතේ අසාධාරණ තීන්දුවක් විය නොහැකිය.‘‘
අවසානයේ හොර බොරු වංචා දුෂණ වලින් තොර පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණයක් පැවැත්වීම සදහා බල කෙරෙන උද්ඝෝෂණයක් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීම හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් පැමිණි සියල්ලෝ කැමැත්ත ප‍්‍රකාශ කරමින් යෝජනා ස්ථීර කර ගන්නා ලදී.
ඒ සදහා ක‍්‍රියාකාරි කමිටුවට අජන්ත කල්දේරා, නාලක දේවේන්ද්‍ර, අජිත් පෙරේරා, අජිත් රණසිංහ, රෙක්සි, ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, සම්පත් වර්ණකුලසූරිය, රොහාන් දයාදර, සුනිල් හෙට්ටිආරච්චි, නිහාල්, පුෂ්පසිරිද අල්විස් ,සුනිල් ගාමිණි යන මහත්වරුන් ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර ගත්තේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කෙළෙහිගුණ යන වචනයේ තේරුම හොඳට දන්නවා (නි)
කාට නැතත් ලියනගේට නම් වැරදිලා කියලා පේනවා! (නි)
ලෙස්ලි හර්බට් විජේසිංහ මහත්මයා, අනුවණයෝ කියන කතා ගැන ඒතරම් හිතන්න එපා. (නි)
සබුද්ධික ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කොහේ හිටියත් රටට යහපතක් වෙන්න යනකොට ආශිර්වාද කරන එක කවදත් තිබුණු උදාර ගතියක්.හෙට උදාවීමට නියමිත ඒ ගෞරවනීය අනාගතයට සුබ පතන ප්‍රංශයේ දිවිගෙවන ඔබට මගේ හදපිරි ආචාරය! (නි)
ජයවේවා! (නදී)
බුද්ධිමත් මිනිස්සුනේ. සත්‍යය තේරුම් අරගෙන. ජයවේවා!(හේ)
අපේ දරුවන්ට කුඩු, එතනෝල් කැසිනෝ වලින් විනාශ වෙන්න දෙන්න බෑ. අපේ සංස්කෘතිය සමාජ ශාලා සංස්කෘතියෙන් විනාස වෙනවා බලන් ඉන්න බෑ. අපේ වනෝද්‍යාන හෝටල් කරනවා බලන් ඉන්න බෑ. අපේ බදු මුදල් චීනෙට ගලාගෙන යනවා බලන් ඉන්න බෑ. බහු ජාතික සමාගම් අපේ සරු බිම් වස විසෙන් පුරවනවා බලන් ඉන්න බෑ.. අපි අපේ රටට රටේ මිනිස්සුන්ට ආදරෙයි (නදී)
අපරාදේ ඔයාලගේ කාලය සහ මුදල්. බලන්නකෝ ජනවාරි 9 වෙනිදාට හැමෝටම සිදුවන දේ. අපොයි වෙච්ච දේ අපි රට හිටියට ලංකාවේ මිනිස්සු තාමත් කැමති කාටද කියලා දන්නේ නැහැනේ, කියලා සියල්ලන්ටම සිතේවි. (ර)
පැරීසියේ විතරක් නොවේ මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකිකයින් මෛත්‍රීටයි. අනාගත ජනාධිපතිතුමාට ජයවේවා.! (ර)
බොරු සෝබන වැඩ. කොටි ප‍්‍රංශයේ වැඩ පෙන්වද්දී මෙයාල කොහෙද හිටියේ? (ර)
පැරිස් ශ්‍රී ලංකා ජනයට ජය. (ර)
සිරීසේන මහත්මයට ජය.! (ර)
ලියනගේට තමා ලොකුම වැරදීම මෙතන වෙලා තියෙන්නේ. මහින්ද පාලනයට කලින් ඔයා ලංකාවේ වුණ දේවල් දන්නවද?හිතට එන එන දේ දාන්නේ නැතුව,හිතට එකඟව තීරණ ගන්න. (නි)
මෙන්න සබැ ශ්‍රී ලංකා නිදහස් පක්සිකයෝ. මමත් නියම ඒ ජාතියේ කෙනෙක් කවදාවත් කොලපාට නොවෙන නමුත් මේ අවස්ථාවේ වෙන කළහැක දෙයක් නැත. (ර)
මේ එකතුවීම ඓතිහාසිකයි. මෛත්‍රී අපි ඔබ සමග පෙරට එන්නෙමු. (ර)
පැරිසිය එක්වුණා කියන්නේ, හෙට මෛත්‍රී පාලනයක් බිහිවෙන වගයි. (ර)
මේගොල්ල කවුද ? දැන් තමයි මේගොල්ලන්ට රට මතක් වෙන්නේ. මීට කලින් කොහෙද හිටියේ ? (නදී)
අපේ සුභ පැතුම්.! (ර)
මම මේකේ තියන ප්‍රතිචාර ඔක්කොම කියෙව්වා. අපි ඔක්කෝටම ලොකු වැරදීමක් වෙලා නේද ? මේ සියලුම දෙනා විදේශ රටවල ඉන්න නිසා මන් හිතනවා මේක තේරුම් ගැනීම ලේසියි කියලා. පොඩ්ඩක් හිතල බලන්න දැන් රටේ පවතින ක්‍රමය ඔබලා අනුමත කරනවද ? අද අපේ රටට වෙලා තියෙන දේ පොඩ්ඩක් හිතන්න . ආර්ථිකය විදේශ තානාපති සේවය, එවැනි තැන්වල පාලනය කරන අය අනුකුත් දුෂිත ගනුදෙනු. ඔබලා උගත් සමාජයක ඉන්න අය හැටියට මේවා අනුමත කරනවද ? පොඩ්ඩක් හිතන්න මේ රටේ පවතින ක්‍රමය ඔබලා අනුමත කරනවද ? එහෙනම් අපි මේ පවතින ක්‍රමය වෙනසකට යායුතු තැනකට නේද ඇවිත් තියෙන්නේ. පොඩ්ඩක් නිදහසේ කල්පනා කරන්න පාට පක්ෂ ගැන හිතන්නේ නැතිව රට ගැන. රටේ ඉදිරිය ගැන හිතන්න. මේ ඡන්දෙ එහෙම හිතන්න ඕන දෙයක් නේද ? තව අවුරුදු 8ක් මේ පාලනයම තිබ්බොත් රටක් තියේවිද ? පොඩ්ඩක් හිතන්න මේ ගැන පිල්වලට බෙදෙන්න ඕන කාලය නොවේ නේද. (නදී)
නිදහස්, නිවහල්, යහපාලනයක් සදහා අපේ ආචාරය. (ර)
පැරිසියේ කොටි ඉන්නකොට නම් පස් දෙනෙක් වත් හොයා ගන්න බැරිවුනා. (ර)
මුදිත, ඔයා කොහොමද කොටි ඉන්න කොට පස් දෙනෙක් වත් සොයා ගන්න බැරි උනා කියන්නේ.? මාත් සහභාගි වෙලා තියනවා පැරිස් නුවර උද්ගෝෂන වලට නිකම් නොවේ, සිංහ කොඩි 2 ක්ම අතේ ඇතිව. හැබැයි ඔයා නම් බයේ හැංගිලා ඉන්න ඇති. (ර)
එක්වෙලා මොකද කරන්නේ. ඊ මේල් වලින් ඡන්ද එවනවාද.? (ර)
කපිලට අමු කැවිලද මන්දා. 9 වෙනිදට අලුත් ජනාධිපති කෙනෙක්. ඒ අපේ මෛත්‍රිපාල මහතා (නදී)
ලක්ෂාන් දුකට කවි කියයි. මෛත්‍රී මැතිතුමාට ජයවේවා! අනාගත ජනාධිපතිතුමා දිනේවා! (නි)
සුභ පැතුම්! යහපාලනයක් සඳහා මෛත්‍රී . (නි)
මට කනගාටු 9 වෙනිදායින් පස්සේ බන්දුල මල්ලිගේ අදහස් අපිට දැකීමට නොලැබෙන එකටයි. (නි)
මේ ටික දෙනා එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ. (නි)
ලෙස්ලි, කොඞි දෙකත් අතේ තියාගෙන ගෙදරද හිටයේ ? (ර)
ලක්ෂාන්, මෙයාලගේ පවුල් ඉන්නවා ලංකාවේ, මේ මගින් ඒ හැමදෙනාම දැනුවත් කර එම ඡන්ද ලබා දෙනවා. (ර)
එදා පැරිසියෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි ජිනිවා ගියෙත් ප්‍රජාතන්ත්‍රවාදය අපේ මාතෘ භූමියට අත් කර දෙන්නයි. අද පැරිසියේ ජිවත් වන ශ්‍රී ලංකික අපි එකතු උනේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ මාතෘ භූමියට අත්පත් කර දෙන්නයි. මගේ ආගම, මගේ ජාතිය, මගේ භාශය, මගේ දේශය මට ලබාදුන් ද්‍යනයයි. චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්. (නදී)
ජනවාරි 5 දා මම ලංකාවට යනවා ඡන්දය වෙනුවෙන්. කටින් බතල කොළ හිටවන්නේ නැතිව පුලුවන්නම් ඔයාලත් එහෙම කරන්න.(නදී)
ඔබට රටක් ඇත පුතුනේ, ඔබට දැයක් ඇත පුතුනේ, මතු උපදින දරුවන්ට එය රැකදීම වැඩිහිටි අපේ යුතුකම වේ මගේ පුතුනේ. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කිරට හඬන බිලිඳුන්ලා හට කරුණාකර මෛත‍්‍රීයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දුනමැන.(අ)
එදා පත් කළ කමිටුවට : ප්‍රීති කුරේ මහතා, කේ රන්ජිත් මහතා, ආනන්ද ධර්මසේන මහතා, ජේ වී පි සරත් මහතා, කොඩිතුවක්කු මහතා, මිගමු රන්ජිත් ප්‍රනාන්දු මහතාලාගේ නම් ඇතුලත්වී නැත. (අ)
ජයවේආ මෛත්‍රි (අ)
ලන්ඩනයේ සහයත් මෛත්‍රිටයි. කොමිස්, පාගාවෙන් පිරිණු දුෂණයට, භීෂණයට එරෙහි සටනක්. පොදු අපේක්ෂකයාට ජයවේවා! (නදී)
දැන් ඔක්කොටම තේරෙන්නේ. රාජපක්ෂට යුද්දෙ ඉවර කරන්න ලැබු නේ හිටපු අපේ ජනාධිපති තුමිය නිසා කියල .ඔය ගොල්ලන් ඔක්කොම මෙච්චර කාලයක් කොඩි උස්සගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂට කඩේ ගියේ . (අ)
මෙය සැබෑ ජාත්‍යාලයද ? මහින්දව පරද්දන්න ඕන පලියට මෙසේ කිරීමෙන් කාගේ උවමනා ද ඉටු වෙන්නේ ?(හේ)
මෛත්‍රී පාලනයක් උදෙසා අපගේ උණුසුම් සුබ පැතුම්, ජයෙන් ජය ලොයිඩ් විදානාරච්චි හා චමින්ද රාමනායක පැරිසිය (අ)
මෙතැන සිටින බොහෝ දෙනා නිල් රෙද්දෙන් කොලපාට වසා ගත්අය වෙති පැරිසියේ හෙළ උරුමයක් නැත වසර 2පෙර සිට එය විසිරුවා ඇත නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ සහ හෙළ උරුම පාක්ෂිකයෝ මෙතැන නැත සුනිල් ආනන්ද කරුණ කර මෙය පල කරන්න මාධ්‍ය නිදහසට ඔබත් ගරු කරන කෙනෙක් යයි සිතමි (අ)
කාට කාටත් තේරේවි මහින්ද මහත්තයා පැරදුනොත් කල මෝඩකම්. (නදී)
මේකට ගොඩක් ප්‍රතිචාර දාන අය රටට ආදරයක් තියෙන අය නෙමෙයි (නදී)
අද ලංකාවේ ජීවත්වෙන සිංහලයන්ගෙන් වැඩි ප්‍රතිශතයකට ජාතිමාමකත්වය, සහෝදරත්වය, කෙළෙහිගුණ යන වචනවල තේරුමවත් තේරෙන්නේ නැහැ (නි)
එදා කොටි වැඩ දානකොට ඔයාලා කොහෙද හිටියේ? (නි)
ජනවාරි 8 තියෙන්නේ පැරිස් මැතිවරණයක් නොවේ.රටට ආදරය කරන ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් නැවත පත්කර ගන්න ලංකාවේ තිබෙන මැතිවරණයක්. ඒක හැමෝම දැනගත්තොත් හොඳයි (නි)
මුදිත, ලෙස්ලිගේ මොළය නරක් වෙලාද කොහෙද? අපිට මතකයි කොටි මෙහෙ දාපු සෙල්ලම්. එදා විතරක් නොවෙයි අදත් යම් තරමක් එහෙමනේ. මෙහෙ ඔය පොඩි පොඩි නමට සමිති සමාගම් හදාගෙන ලංකාවට ගොස් තනතුරු බලාපොරොත්තුවෙන් සමහරු කළ දේවල් වල ඉතිහාසය අපි දන්නවා. මොකද අපි ඉතිහාසයේ ජීවත්වුණ අයනේ. (නි)
දකුණේ අපි නම් මෙදා සැරෙත් මහින්ද පාලනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ (නි)
පැරිසියේ සිටින අය මුල අමතක කිරීම ගැන කණගාටුයි (නි)
මෛත්‍රීගේ ජය නියතයි. (නි)
කපිල, ඔබ හරි. 9 වෙනිදාට පසුව ඔවුන්ට වැටහේවි (නි)
විජාතික බලවේග වලට හුලං ගහලා පුම්බලා පෙන්වන ජාතිදොු්භියෝ වැඩියෙන් ඉන්නේ එංගලන්තේ කියල මම භිතාභිටියෙ බලාගෙන ගියාම මෙභේත් ඉන්නවා අම්බරු රැලක්ම. (අ)
මුදිත - පැරිස්, මං කොහෙද හිටියේ කියලා බලන්න පෙර ඔයා පරණ පත්තර අරගෙන බලන්න. ඒ වගේම පැරිසියේ සිංහල සංවිධාන හෝ පන්සලට ගියා නම් අයිෆල් කුළුණ ළඟ තිබුණ උද්ඝෝෂන වල විස්තර දැනගන්න තිබුණා. මම හිතන්නේ ඔයා නම් පැරිසියේ ගෙයක් තියා මුකුත් නැති අනාථයෙක් වගේ. මීට වඩා මම ඔයාට උත්තර දෙන්න එන්නෙ නැහැ, ඔයාට අනුකම්පා කරන නිසා (නි)
නාමල්,පිටරට ඉන්න අපිත් අපේ පවුල්වල සියල්ලන්ම දැනුවත් කරගෙන යනවා මේ දවස්වල. හැබැයි ඒ කවුරු දිනවන්නද කියලා දැන්ම කියන්නේ නැහැ. (නි)