IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති වංචා කොමිසමේ කාලය දික් කරයි

දේශපාලන පදවි   දැරූ හෝ දරණ රජයේ සේවකයින්   සහ   ව්‍යවස්ථාපිත  මණ්ඩලයන්හි  සේවය කළ හා  කරන්නවුන්ගේ දුෂණ ක්‍රියා , වංචා , සාපරාධී විශ්වාසය  කඩකිරිම්  දේපළ සාපරාධී  ලෙස  භාවිතා   කිරිම හෝ   අවභාවිතය සම්බන්ධ     පැමිණිලි  ජනාධිපති   කොමිෂන්  සභාවට   ඉදිරිපත්  කළ හැකි බව  එහි ලේකම්   ලැසිල්  ද සිල්වා   මහතා   අවධාරණය  කරයි.

එම නිසා  රජයට   සිදු කරන  පාඩු  දේපළ  හානි  යන  සියල්ලම  සම්බන්ධයෙන්  පැමිණිලි  ඉදිරිපත්  කිරිමට   පිළිවන් බවද  ඔහු  කියයි.

ඉහත  සඳහන් පුද්ගලයාට එරෙහි බරපතල චෝදනා   සම්බන්ධ   පැමිණිලි ඉදිරිපත්   කිරිමට ජනතාවට දි   තිබුණ අවස්ථාව පසුගිය අප්‍රේල් 10 වැනිදා අවසන්  විය දින නියමයකින් තොරව එම දිනය තවදුරටත්  දීර්ඝ කීරිමට  කොමිෂන්   සභාව  තිරණය කර  ඇත. “2010 ජනවාරි   10 වැනිදා   සිට 2015 ජනවාරි   10 දක්වා   වු   කාලයේ ලිඛිත පැමිණිලි   සිංහල ,දෙමළ ,  ඉංග්‍රිසි   යන  ඕනෑම  භාෂාවකින් ඉදිරිපත්  කළ හැකිය. ලියාපදිංචි  තැපෑලෙන්  යොමු   කිරිමට   වඩාත්  සුදුසුය. පැමිණීලි   ඉදිරිපත්   කළ යුත්තේ, කොමිෂන්  සභාවේ  ලේකම් , බ්ලොක් අංක 5 ,බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාව,  බෞද්ධාලෝක මාවත, කොළඹ 7 ලිපිනයටය”.



අදහස් (0)

ජනපති වංචා කොමිසමේ කාලය දික් කරයි

දිනේෂ් කළුආරච්චි Friday, 24 April 2015 11:41 AM

අපි බටලන්ද ගැනත් ,එයාලංකා -ඉමිරෙට්ස්,ගනු දෙනු ගැනත්,රවීගේ ගනු දෙනු ගැනත් ,මහා බැංකු වංචාව ගැනත් 1970 ඉඳල මේදක්වා හිටපු මැති ඇමැතින් ගේත් ,නෑදෑයන දු දදරුන්ව්ට මෙරට හා පිටරට ගෙවල් ගන්න වතුපිටි ගන්න අතේ තුට්ටුව නැතිව හිටපු ලේකම් වරුන්ට මහා මාලිගා හදන්න හිටි හැටියේ සල්ලි මලු හම්බවූ හැටි, නැව්, මහා ව්‍යාපාර අපි මහ ජනතාවට පැමිණිලි කරන්න කියල වෙබ් අඩවියක් දමමු මහජනතාවට දැනගන්න.නැතිනම් ඒවා මොනවාද කියල පොදු ජනතාවට මහ මැතිවරණය කට පෙර කවුද හොරු කවුද අපේ දේශයට හිතවත් අය කියා කියා දිය යුතුයි. වෙස් ගත්තන් ගේ වෙස් ගලවා දමන්න.ඔන්න යහපාලනය. (අ) දිනේෂ් කළුආරච්චි

:       0       0

දුමින්ද Friday, 24 April 2015 05:54 AM

2010 ට පෙර සාන්තුවරුන්ගේ පාලනයක්ද.? (ර)

:       0       0

විජයබාහු Friday, 24 April 2015 07:46 AM

එක තමා යහපාලනය කියන්නේ. එහෙම කලොත් චන්ද්‍රිකාගේ රනිල්ලාගේ වැරදි අහු වෙනවනේ. මහින්දගේ වැරදි අල්ලන්න විතරයි ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site