දේශපාලන පදවි දැරූ හෝ දරණ රජයේ සේවකයින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සේවය කළ හා කරන්නවුන්ගේ දුෂණ ක්‍රියා , වංචා , සාපරාධී විශ්වාසය කඩකිරිම් දේපළ සාපරාධී ලෙස භාවිතා කිරිම හෝ අවභාවිතය සම්බන්ධ පැමිණිලි ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකි බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කරයි.
එම නිසා රජයට සිදු කරන පාඩු දේපළ හානි යන සියල්ලම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට පිළිවන් බවද ඔහු කියයි.
ඉහත සඳහන් පුද්ගලයාට එරෙහි බරපතල චෝදනා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරිමට ජනතාවට දි තිබුණ අවස්ථාව පසුගිය අප්‍රේල් 10 වැනිදා අවසන් විය දින නියමයකින් තොරව එම දිනය තවදුරටත් දීර්ඝ කීරිමට කොමිෂන් සභාව තිරණය කර ඇත. “2010 ජනවාරි 10 වැනිදා සිට 2015 ජනවාරි 10 දක්වා වු කාලයේ ලිඛිත පැමිණිලි සිංහල ,දෙමළ , ඉංග්‍රිසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය. ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරිමට වඩාත් සුදුසුය. පැමිණීලි ඉදිරිපත් කළ යුත්තේ, කොමිෂන් සභාවේ ලේකම් , බ්ලොක් අංක 5 ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 ලිපිනයටය”.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බටලන්ද ගැනත් ,එයාලංකා -ඉමිරෙට්ස්,ගනු දෙනු ගැනත්,රවීගේ ගනු දෙනු ගැනත් ,මහා බැංකු වංචාව ගැනත් 1970 ඉඳල මේදක්වා හිටපු මැති ඇමැතින් ගේත් ,නෑදෑයන දු දදරුන්ව්ට මෙරට හා පිටරට ගෙවල් ගන්න වතුපිටි ගන්න අතේ තුට්ටුව නැතිව හිටපු ලේකම් වරුන්ට මහා මාලිගා හදන්න හිටි හැටියේ සල්ලි මලු හම්බවූ හැටි, නැව්, මහා ව්‍යාපාර අපි මහ ජනතාවට පැමිණිලි කරන්න කියල වෙබ් අඩවියක් දමමු මහජනතාවට දැනගන්න.නැතිනම් ඒවා මොනවාද කියල පොදු ජනතාවට මහ මැතිවරණය කට පෙර කවුද හොරු කවුද අපේ දේශයට හිතවත් අය කියා කියා දිය යුතුයි. වෙස් ගත්තන් ගේ වෙස් ගලවා දමන්න.ඔන්න යහපාලනය. (අ) දිනේෂ් කළුආරච්චි
2010 ට පෙර සාන්තුවරුන්ගේ පාලනයක්ද.? (ර)
එක තමා යහපාලනය කියන්නේ. එහෙම කලොත් චන්ද්‍රිකාගේ රනිල්ලාගේ වැරදි අහු වෙනවනේ. මහින්දගේ වැරදි අල්ලන්න විතරයි ඕන. (ස)