
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදු කෙරී ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට කරන වියදමේ හැටියට ප්‍රතිඵල නෑ.
ලංකාවේ දැනට ඇතිවෙලා තියන වතාවරනයට, හමුදාවෙන් මීට වඩා සක්‍රිය දායකත්වයක් අප බලාපොරොත්තු වෙනවා.