
(අංජුල මහික වීරරත්න සහ ජේ.එ.එල්.ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අනතුරුව මල්වතු මහා නා හිමි ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද, මුතියංගණ රජ මහා විහාරාධිකාරී මුරුද්දෙණියේ ධම්මරතන ස්වාමින් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ
ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර නෑ කියපු අයගේ නූගත්, අමනකම පේනවා නේද? මොනවාහරි කියලා ජනතාව රවට්ටනවා. ඒ පළාතේ ඉන්න මිනිස්සු මේ අයට ගහලා එළවලා...