IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති මාලනී වෙනුවෙන් සොව පළ කරයි

(අංජුල මහික වීරරත්න)

මාලනී තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය රංගනවේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් ශෝක සටහනක් තබමින් පවසයි.

"1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි.

දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු" යනුවෙන්ද ජනාධිපතිවරයාගේ ශෝක සටහනේ සඳහන් වේ.



අදහස් (4)

ජනපති මාලනී වෙනුවෙන් සොව පළ කරයි

සෑම් Sunday, 25 May 2025 06:06 AM

අප කුඩා කල සිට අගය කල අග්‍රගන්‍ය නිළි මාලනී ෆොන්සේකා මහත්මියට නිවන් සුව... ඇයගේ දිවියට යම් කිසි අගතියක් එක් කරා නම් ඒ තමයි ලංකාවේ සියළුම සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික අගයන් (values) විනාශ කරපු අමන පාදඩ මහින්ද රාජපක්ෂ තමුන්ගේ වාසියට ඇයව ඇයට නුහුරු නුසුදුසු දේශපාලනයට ගෙන ඒම...

:       12       2

Nishan Sunday, 25 May 2025 06:59 AM

ඇය රෝගීව සිටින කාලේ ජනාධිපති අරමුදලෙන් ගත්තු ආධාර මුදල් ගැන කිය කියා අපහාස කරපු අයම දැන් ලැජ්ජා නැතුව සොව පල කරනවා.

:       2       16

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 25 May 2025 05:35 PM

අපේ ගමේ කෙනෙක් ළඟදී ඔපරේෂන් එකකට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 5ක් ඉල්ලුවාම දෙන්න බැහැ කියලා අනුර ලියුමක් එවලා, හැබැයි ඕනෑ නම් මැරුණාට පස්සේ පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව අවමගුලක් නිදහස් චතුරශ්‍රයේ තියන්න සල්ලි දෙන්න පුළුවන් කියලා...!

:       0       8

Rawidu Monday, 26 May 2025 10:02 AM

කටින්ද කතා කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site