(අංජුල මහික වීරරත්න)
මාලනී තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය රංගනවේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් ශෝක සටහනක් තබමින් පවසයි.
"1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.
ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි.
දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු" යනුවෙන්ද ජනාධිපතිවරයාගේ ශෝක සටහනේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කුඩා කල සිට අගය කල අග්‍රගන්‍ය නිළි මාලනී ෆොන්සේකා මහත්මියට නිවන් සුව... ඇයගේ දිවියට යම් කිසි අගතියක් එක් කරා නම් ඒ තමයි ලංකාවේ සියළුම සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික අගයන් (values) විනාශ කරපු අමන පාදඩ මහින්ද රාජපක්ෂ තමුන්ගේ වාසියට ඇයව ඇයට නුහුරු නුසුදුසු දේශපාලනයට ගෙන ඒම...
ඇය රෝගීව සිටින කාලේ ජනාධිපති අරමුදලෙන් ගත්තු ආධාර මුදල් ගැන කිය කියා අපහාස කරපු අයම දැන් ලැජ්ජා නැතුව සොව පල කරනවා.
අපේ ගමේ කෙනෙක් ළඟදී ඔපරේෂන් එකකට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 5ක් ඉල්ලුවාම දෙන්න බැහැ කියලා අනුර ලියුමක් එවලා, හැබැයි ඕනෑ නම් මැරුණාට පස්සේ පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව අවමගුලක් නිදහස් චතුරශ්‍රයේ තියන්න සල්ලි දෙන්න පුළුවන් කියලා...!
කටින්ද කතා කරන්නේ