මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද රැලියට එක්වූහ.
මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද රැලියට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටියට මේවා පේනවද දන්නේ නැහැ නේද? (නි)
සිහලුනේ මේං බලපල්ලා. හැම දෙයක්ම සතියෙන් අමතක කරන අපිට මේක හොද පාඩමක්. (නදී)
අහිංසක මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ හිතන්න හොඳම කාලය මේක. සිංහල දමිල අපි හැමෝම සමගියෙන් ඉන්න හිතුවොත් අපේ රට බෙදන්න ඕනි නැහැ. දේශපාලකයෝ කියන්නේ සැබෑ ජනතා නියෝජනයක් ද කියල හිතන්න ඕනි කාලය මේක. ජනාදිපති තුමා රට බේරා ගත්තා වගේම රට දියුණු කරාවී කියල හිතෙනවා. (නදී)
ඇත්තෙන්ම සුගතපාල එ්කත් ප්‍රශ්නයක් තමා (නදී)
දැන් ඒ පාර බන්දුල පෙරේරා ඇල්ලේ කුඩාබණ්ඩා වෙලා. අනේ බණ්ඩෝ, හිතුවද අපිව අන්දන්න. (නි)
යාපනේ ඉන්න සෙනග හැටියට මහින්ද යාපනයෙන් 80% ගන්න ඕනා. එහෙම බැරිනම් මෙදා පාර අබ සරණයි ! (නදී)
මේක බොරුවක් (නදී)
පොදු අපේක්ෂක මෙතුමා වගේ. ටී.එන්.ඒ ජාති වාදයට පිලිතුරු ලඟදීම. (නදී)
මට නම් දුක 9 වෙනිදායින් පස්සේ බන්දුල පෙරේරා මලයා එසැණින් යන්නම යන්න එක ගැනයි.ඒක මට වාවාගන්න බැහැ මල්ලියේ (නි)
ජනාධිපතිතුමනි, ඔබට ජය නිතතයි (නදී)
වීරයෝ සදාකාලික නම් අදටත් මේ රටේ රජ කරන්නේ දුටුගැමුණු රජ තුමායි. ඒ නිසා අතිශයෝක්තියෙන් කාගේ හෝ බලය අර්ථ කථනය දැක්වීම ට ගොස් මෝඩ කම පෙන්වන්න එපා. (නදී)
දැන් බලන් යනකොට ඔක්කොම අමරණිය කට්ටිය නේ. (නදී)
ඔබ තුමාගේ ජය සිකුරුයි. (ර)
අශෝක අධිරාජයා වත් දුටු ගැමුණු රජ තුමා වත් සදාකල් බලයේ හිට්යේ නැතිකොට අපේ රටේ ගිනස් වාර්තාවක් වත් පිහිටුවන්න යනවද මන්දා (නදී)
ලංකාවේ මිනිසුන්ගේ සාක්ෂරතාව හොඳයි කීවට එ්ක ටිකක් පිළිගන්න අමාරු දෙයක්. එක්කෝ එ්ක මනින විදිය වැරදියි. කියවීම ලිවීම කෙසේ වෙතත් හිතල නිවැරදි තීරණයක් ගන්න බැරි ජාතියක්. මේ උතුම් රට මෙච්චර පරිහානියට යන කාලෙක ඡන්දය දෙන්න පෙර ටිකක් හිතන්න. (නදී)
කිසිම දකුණේ මුහුණක් පෙන්න නැහැ සේරම ද්‍රවිඩ මිනිස්සු, මේ ටිකම ඇති ජනාධිපතිතුමාට සදා කල් බලයේ සිටීමට. ජයවේවා. (නදී)
මෙන්න ඇත්ත.රටට ආදරය කරන,ජනතාවත් එක්ක ඉන්න රටේ නායකයා වෙනුවෙන් ජනතාවගේ හදගැස්ම තමා මේ පෙනෙන්නේ.ජයවේවා! (නි)
මේ සෙනග දැක්කම සමහර කට්ටියට පපුව පිච්චෙනවා වගේ ඇති. සමහරුන්ට හිතා ගන්න බැරුව ඇති මොකද්ද මේ වෙන්ට යන්නේ කියලා. ජනාධිපතිතුමාගේ පාලනයට අභියෝග කරන පොදු අපේක්ෂකයාට මෙවන් සෙනගක් එකතු කරලා පෙන්නන්ට කියලා ජනතාව කියනවා. (නදී)
දිලාන් මහත්තයෝ, මම අදහස් දාන්නේ මගේ සැබෑ නමින් සහ එක් අනවරත නාමයකින්. ඒ නම් දෙක එසැන පුවත් වල එදා ඉදල ඉන්න අය දන්නවා. කනගාටුව ඒ නම් දෙකටම දැන් ඩුප්ලිකේට්ලා ඉන්නවා. මම එදත් මහින්දට අදත් මහින්දට හෙටත් මහින්දටම තමයි. හේතුව ම්ලේච්ච ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කරදීම. ඒක රනිල් කලානම් චන්ද්‍රිකා කලානම් ප්‍රේමදාස කලානම් විජේතුංග කලානම් මම අද මේ විදියටම එයාලට කඩේ යනවා දිවිය තියෙන තුරා. (නදී)
දිලාන් මහත්තයෝ, මම අදහස් දාන්නේ මගේ සැබෑ නමින් සහ එක් අනවරත නාමයකින්.ඒ නම් දෙක එසැණ පුවත් වල එදා ඉඳලා ඉන්න අය දන්නවා.කණගාටුව ඒ නම් දෙකටම දැන් ඩුප්ලිකේට්ලා ඉන්නවා. (නි)
රට ඉදිරියට ගෙනයන්න ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා (නදී)
ජනපති තුමනි ඔබගේ ගමන් මග සාර්ථක වේවා.ජයවේවා.(හේ)
මේකේ අදහස් දැක්කහම මට නම් කියන්න හිතෙන්නේ "ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මිනිසුන්නේ" කියලයි (නි)
මම එදත් මහින්දට.අදත් මහින්දට. හෙටත් මහින්දටම තමයි.හේතුව මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කරදීම.ඒක රනිල් කළා නම්, චන්ද්‍රිකා කළා නම්, ප්‍රේමදාස කළා නම්, විජේතුංග කළා නම් මම අද මේ විදියටම එයාලට කඩේ යනවා දිවිය තියෙනතුරා.මම මේ යුද්ධය දැක්කා.සිදුවුණ විනාශය දැක්කා.අපේ දරුවන්ගේ අනාගතයන් ගැන තිබුනේ නපුරු හීනයක් විතරයි.අද මොන දේ කරන්නත් අපිට නිදහස් නිවහල් රටක් තියෙනවා.මට කිසිවක් අවශ්‍ය නැහැ.ජනාධිපතිතුමා මගේ දරුවන් වෙනුවෙන් නිදහස් කර දුන් මේ රට හොඳටම ඇති.9 වෙනිදාට එතුමා අති බහුතරයකින් ජය ගන්නවා.ඒක මට විශ්වාසයි.ඒ මං වගේ හිතන කළගුණදත් ජනතාව තවමත් මේ රටේ බහුතරය බව මට විශ්වාස නිසා. (නි)
මේ මුහුණු වල හිනාව කොළඹ හතේ නෝනලාගේ කෝළම් හිනා වගේ නොවෙයි. නිදහස සාමය ආශා කරන, වෛරය ක්‍රෝධය නැති අහිංසක හිනාවන්. වාසනාවන්. (නි)
සැබෑ නිදහස ලබාදුන් ජනපතිතුමාට ජයවේවා!!! (නි)
ගිය වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ සන්ධානයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 18.38%කි. මෙම ප්‍රතිශතයෙන් පිළිඹිබු වන්නේ උතුරු ජනතාවගේ බහුතරයද?(හේ)
කව්රුත් දැන් කතා කරනවා යහ පාලනය. නමුත් මෙතුමා යුද්දේ ඉවර කලේ නැත්නම් අද මෙහෙම මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ (නදී)
හේරත්- ඔය බස් කතාව ගොඩක් පරණයි. හොඳට ඇස් ඇරලා බලන්න. නියම ජනතාව මේ. එයලගේ කෘත ගුණය තමා මේ. අර තොප්පිගල කැලයක්, කිලිනොච්චි,මැදවච්චි,පාමංකඩ අලිමංකඩ පටලව ගත්තු අයට මේවා දැකපුවාම රිදෙනවා. (නදී)
රජයේ මාධ්‍ය ආයතනවල සහ ජනපති මාධ්‍ය අංශයේ මහජන මුදලින් වැටුප් ලබන ඇති දක්ෂ ශිල්පීන් යොදවා මෙම දේශපාලන රැස්වීම් රූප ගත කිරීම කෙතරම් සාධාරණද? මෙම අග්‍රගන්‍ය රූපරාමු සාමාන්‍ය ජනයා රැවටීමට සමත්වී ඇතිබව හොඳින්ම පෙනෙනවා. (නදී)
යුද්දේ ගැන කතා කියන්නේ එදා යුද්දේ පැරදුනාට කැමැත්තෙන් හිටපු අය. දැන් බලන්න මේ අහිංසක දෙමල මිනිස්සු තාමත් ඒ ගැන මතක් කරමින් ජනපතිට ප්‍රතිචාර දක්වන හැටි. මේ උතුම් මිනිසුන්ටත් බත් පැකට් ගන්න ආව කියල අපහාස කරන කුහකයින් ඉන්න බව පේනවා. (නදී)
මෛත්‍රීගේ අයට දකුණේ අය වගේ පෙනුනට අපිට නම් පේනවා මේ ඔක්කොම උතුරේ දමිල අහිංසක මිනිස්සු කියලා. ඒ අය අද සතුටෙන් ඉන්නේ. (නදී)
පාට කන්නාඩි කාරයන්න්ට කව්ද කියල අදුරගන්න අමාරු බව රටට ආදරය කරන අපිට නම් තේරෙනවා (නදී)
98% ඉන්නේ ගෑහැනුන් හා පොඩි ලමයින් (නදී)
සැමදා ඔබ අපේ ජනාදිපතිතුමා. ඔබේ ජය නියතයි (නදී)
ජීවත් වෙන්න රටක් බේර දුන් නායකයාණෙනි ගුණමකු සීමිත පිරිසක් හැරුනුකොට මුළු රටම ඔබට සදා ණයගැතී. (අ)
අවංක සිතින් බලමු. ජනතාවගේ මුහුණු දැක්කහම පේනවනේ ඇත්ත තත්වය. හැබැයි "සුභ අනාගතයක්" කියලා දමිළ භාෂාවෙනුත් තිබුනා නම් අපුරුයි. (නි)
ජයවේවා ජනාධිපතිතුමනි! (නි)
විපක්ෂය තවම සිහින මවනවා. (නි)
මෙය දැක්කම හිතාගන්න පුළුවන් උතුරේ ජනතාවත් මහින්ද මහත්තයා සමඟයි කියලා. ජය වේවා! (නි)
මතකද උතුරේ පලාත්සබා ඡන්දයේදී ආණ්ඩුව පැරදුන විදිහ. කරන්න දෙයක් නැති නිසා මේ අසරණයින් ඔහේ ඉන්නවා. (නදී)
ඇසල, අපේ මිනිස්සු බොහොමයක් ඇස්වල ආබාද තියන, හදවතේ කුහක බව තියන මිනිස්සු කියල හිතාගන්න. මේ ඉහත සදහන් දේවලුත් ගොඩක් උදාහරණ. මේකම තමා යුද්ධය එපමණ දුරට හෝ යන්නට ඉවහල් උනේ. දෙමල හැම මිනිහම කොටි හම පොරවාගෙන නෑ. එ්ත් මෙහෙම හරි මිනිස්සු එතුමාට ලංවෙන්නේ. එතුමා සංවේදී මිනිහෙක් බව දන්නා නිසා 71, 88,89 ,කාලවලත් අපේම මිනිස්සුන්ගේ බලපෑම් නිසා දකුණේත් අපට අකමැත්තෙන් උනත් යම් යම් දේවල් කරන්න උනා. ජීවිත බේරගන්න උතුරේත් එහෙම වෙන්න ඇති. මේ මිනිස්සුත් දන්නවා තමන්ගේ හිතේ මොනදේ තිබුනත් කරන්න තමන්ගේම මිනිස්සු ඉඩ දෙන්නේ නැති බව. එ්ත් මොන තරම් බාදක තිබුනත් මෙහෙම හරි ලංවෙන්න බලන්නේ තියන ලෙන්ගතුකමට නේද කියල හිතාගන්න බැරි කුහක මිනිස්සුන්ට විතරයි. ගරු ජනාධිපති තුමනි, උදාකළ සාමයේ පහස නිසිලෙස ඔවුනට ලබන්නට ඔවුන්ගේ පහස නිවන්නට බෙදී ගිය රට එක්සේසත් කරන්නට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා. (නදී)
සමහර අයගේ ඇස් වල කටු ඇනෙනවා වගේ මේවා දැක්කම. කුහක කමින් කියන දේවල් ඕවා. අපේ සමහර සිංහලයන්ට මුල අමතක උනාට ඕක තමයි නියම කළගුණ පෙන්වීම. ජනාදිපති තුමාට ජය නියතයි. (නදී)
ඇසළ,කවුරු වුණත් සදාකල් බලයේ ඉන්නේ කොහොමද? ජීවිතය සදාකාලිකද? ඇයි ඔය තරමටම බලයේ ඉන්න ඕනෑකම? (නි)
සැම දෙයක්ම ඉක්මනින්ම අපේ අයට අමතක වෙනවා (නි)
මුලින්ම ලංකාදීපයට ස්තුති කරන්ට ඕනෑ. අපේ ජනාධිපතිතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු උතුරේ ජනතාවගේ හොර බොර නැති අවංක හැඟීම් අපුරුවට පින්තුරයේ සඳහන් වෙලා තියෙනවා. ජනතාවගේ පපුවේ පත්තුවෙච්ච ගින්න නිවලා සැනසීම ලඟා කොරපු මෙවන් නායකයෙකුට උතුරෙන් ලැබෙන ආචාර සමාචාරය කිසිම මැතිවරණයකදී මම නම් දැකලා නැහැ. මේ විදිහට තමන්ගේ පපු කැවුතුවල හැංගිච්ච සෙනේහේ පල කරන්නේ ජනතාවාදී නායකයෙකුටයි. දෙමල දේශපාලකයෝ මොනවා කිවත් උතුරේ ජනයා කලගුණ දන්නා බව මේකෙන් පෙන්නුම් කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට ජය සිකුරුයි. (නදී)
මුදිතා, ඔය හිතන්නේ වන්නියේ ඉන්න මිනිස්සු, මිනිස්සු වගේ නෙමෙයි කියලද? එයාලා සත්තු වගේ කියලද හිතන්නේ? ඔයාගේ මොළයේ ආබාධය ඉපදුන දවසේ ඉඳලම තියෙනවද? (නි)
බස් කියක් ආවද? (නදී)
ගමන සුභයි නියත ජය (නදී)
ඔතන දකුණේ අය කී දෙනෙක් ඉන්නවද ? (නදී)
දෙමළ අකුරු වලිනුත් යමක් ලිවුවා නම් හොඳයි (නි)
මුදිතා මේ සෙනග වන්නියේ මිනිස්සු නොවේ ඔයාලගේ ගමේ සහ ඔයාගේ නෑ පරපුර " මුදිතා මෝඩ වුන පලියට ඒක ඔය විදියට ප්‍රදර්ශනය කරන්න එපා" (බ)
නියමයි. සුබ අනාගතයක්. නියම මෛත්‍රී පාලනය මේක තමයි (නදී)
මේකට ඇවිත් ඉන්න සෙනග දිහා බැලුවම එක දෙයක් පැහැදිලි. මේ වන්නියේ සෙනග නෙමෙයි නේද? (නදී)
බොහොම වටිනා අවස්ථාවක්. මුලතිව් වල මෙහෙම තත්වයක් ඒවි කියල කව්ද හිතුවේ. (නදී)
සෙනඟනම් ගොඩක් ඉන්නවා තමයි. ඒ උනාට ටී.එන්.ඒ එකේ තීරණය දුන්නට පස්සේ මොකද වෙන්නේ ? (නදී)
අහිංසක ජනතාව ගාල් කරන්න මුල් උනේ ඩග්ලස්ද ? (නදී)
පළාත් සභා ඡන්දෙදි වගේම . ප්‍රතිපල අවම හබක් වෙයිද. (නදී)
මුලතිව් ජනතාවගේ කැමැත්ත හරියටම බලාගන්න පුළුවන් ජනවාරි 8 වනදා. සංවිධායකයින්ට "සුබ අනාගතයක්" කියලා ද්‍රවිඩ භාෂාවෙනුත් ලිවුවා නම් හොඳයි. (නි)
ඔබ තමයි හොඳම ජනාදිපති දුරයට. ඔබට ජය. (නදී)
බත් පාර්සලුත් බෙදුවද මේ සෙනග ගෙන්න ගන්න. (නදී)
නිල් කොඩි , කටවුට් නැත්තෙ මොකද? (නදී)