කොළඹ රාජකීය විද්‍යාලයයේ නව තෙමහල් ගොඩනැගිල්ල විද්‍යාලීය ආදී ශිෂ්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විවෘත කළේය.
පාසලේ 2 වසරේ හා 4 වසරේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදි විය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ,ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා බස්නාහිර පලාත් සභා මන්ත්‍රි හර්ෂණ රාජකරුණා යන ආදී රාජකීයෝ ද රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතාද මෙම අවස්ථාවට එක් වුහ.
අධ්‍යාපන ඇමැති මෙසේ කීවේය.
‘නව රජයක් විදියට අපි බලන්න ඕනෑ හෞතික සංවර්ධනයට වඩා ගුණාත්මක සංවර්ධනයක් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන්න.මම බය නැතිව කියනවා පසුගිය කාලේ ‘කාල්ටන් පෙරපාසල්‘ වලින් කොළඹ ඇතුළු රට පුරා ජාතික පාසල්වලට දරුවන් දහස් ගණනක් දේශපාලන හයිය මත දාලා තියෙනවා.ජනාධිපති මන්දිරවල ලිපින යටතේත් ළමයින් දහස් ගණනක් දාලා තියෙනවා. ඒවා ඔක්කොම නීතී විරෝධි වැඩ.අපි මේ ක්‍රම ඔක්කෝම වෙනස් කරන්න ඕනෑ.අන්න ඒක තමයි අපි අමාත්‍යංශයක් විදියට තීරණයක් ගත්තේ කිසිදු දේශපාලන බලපෑමක් මත දරුවන්ට පාසල් වලට ඇතුළත් කිරීම මින් මතුවට තහනම් කරන්න









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
සමහරුන්ගේ අදහස් වලට හිනාත් යනවා (නි)
මේ අසා, ඔයා හිතන්නේ මේ රටේ හැදුනා සහ හැදෙන හැම ඉදිකිරීමක්ම මහින්ද මහතා හදපු ඒවා කියලාද ? මේ පාසලට ඉතා විශාල සම්භාවනීය ආදී ශිෂ්‍යන් සංඛ්‍යාවක් ඉන්නවා. රට වටේ කියවමින් මම තමයි අරක හැදුවේ කිය කියා යන වර්ගයේ නෙමෙයි. මෙහි ආදී සිසුන් කට්ටිය එකතුවෙලා පාසලට ආධාර උපකාර කරනවා. (නි)
පූර්ණිමා දන්නේ නැති වුණාට ජරාව කියන එක සල්ලිම නෙමෙයි. (නි)
අපිට නම් මේකේ පුදුමයක් නැහැ. මෙහෙම නොවුණා නම් තමයි පුදුම (නි)
දැන් සමහරු හිතන්නේ ලංකාවේ ඔක්කොම පාසල් ගොඩනැගිලි හැදුවේ මහින්ද මහතා කියලද? අනුන්ගේ වැඩ වලට තමන් කළා කියා කියන එක ඉතින් පුරුද්දනේ. යුද්ධය දිනුවේ තනිවම කියලනේ සමහරු කියන්නේ. (නි)
මේවට කෝපවෙලා වැඩක් නැහැ. ඒවා එහෙම තමයි (නි)
කෙලෙහි ගුණ සලකන්න කියා කියා පසුගිය කාලයේ මේ සිදුවූ බලය අපහරණය අනුමත කරන අයත් මේ සභාවේ ඉන්නවා. මගේ නංගි බම්බලපිටියේ සුප්‍රසිද්ධ බාලිකාවක ශිෂ්‍ය නායිකාවක් වෙලා සිටත් ඇගේ දියණිය පළමු ශ්‍රේණි ලැයිස්තුවෙන් කැපුනා. කාල්ටන් එකේ දැරියන් බුරුතු පිටින් එතන. (ස)
කොහොමත් ළමයි නේ පාසලට දාල තියනේ. නමුත් එයින් පිටවුනාට පසු තමයි හොරුඋනේ...? (ස)
තව පොඩ්ඩෙන් විශ්ව විද්‍යාල වලටත් කාල්ටන් වල ළමයි ලකුණු නැති වුනත් ගන්න නීතිය හැදෙන්න ඉඩ තිබුනා. පස්ස දොරෙන් ළමයින්ව සරසවියට එවපු අයට ඔය ටික කරන්න බැරිද ? (ස)
පස් වන පින්තුරයෙන් මෙතුමාගේ තරම පැහැදිලි වෙනවා. (ස)
ඒ වුනාට කතාව පටන් ගත්තේම අපේ හාමුදුරුවනේ කියලා. ජනප්‍රිය පාසල් වල බාලාංශ පන්තියේ සිට ආණ්ඩුවේ රැකියාව දක්වාම සුදුස්සාගේ තැන ගසා කෑවා. හැබැයි අන්තිමේ එයා සුදනා. (බ)
ස්ථිර පදිංචිය කඩුගන්නාවේ පවුලක ගෑනු දරුවන් විශාකාව ටත් පිරිමි දරුවන් රාජකීය විද්‍යාලයත් පසුගිය ආණ්ඩුව කාලයේ ඇතුලත් කර තිබෙනවා. ආදී සිසුන්ගේ දරුවන් එළියේ . මේවා කාට කියන්නද ? (බ)
තව ඉතින් මොන කතාද? (නි)
මේකේ ඉන්න රෝයල් එකේ විදුහල්පති මිනිසුන්ට කතාකරන්නේ යක්කුන්ට වගේ ඉන්ටවීව්ලට මෙයාව ගන්න එපා (බ)
නියම විදියට පාසලට ඇතුළත් කරගත්තනම් කොහොමද අකිල මැතිතුමා මේ පාසලට තේරෙන්නේ? එයාගේ ගෙවල් කුලියාපිටිය පැත්තේ නේද? එහෙනම් එයත් ඇවිත් තියෙන්නේ හොරාටද? (බ)
එකම පාසලක් බදාගෙන වැඩකරන්න එපා රටේ හැම පාසලක් වෙනුවෙන්ම සමානව ප්‍රතිපාදන වෙන්කරන්න ගම්වල දරුවන් වෙනුවෙන් හොද වැඩපිළිවෙළක් යොදන්න රටේ දරුවන් මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිපල හරිම දුර්වලයි ගණිතය ඉංග්‍රීසි විෂයන් බාගෙට බාගයක් පේල් වෙලා එ්ක අසුබ ලකුණක් සෑම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාලයක් ගොඩනගන්න පුළුවන්නම් විශාල දරු පිරිසකට උපාධි ලබාගන්න පුළුවන් ඒ වගේම වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ගොඩනගන්න පුළුවන් ඩිප්ලෝමාවක් හරි ලබාගන්න අද ඉන්දියාව මේ වැඩපිළිවල හොදින් කරගෙන යනවා පසුගිය රජය එතරම් මේ ගැන උනන්දු උනේ නැහැ දැනුම කේන්දර කරගෙන යම්කිසි වැඩපිළිවලක් වර්තමාන රජයෙන් වෙයි කියා බලාපොරොතු වෙනවා.(බ)
අපොයි ඔව්.පසුගිය කාලයේ නම කොටාගන්න බැරිවුණේ පොදු වැසිකිළි වල විතරයි. ලංකාවේ ඔක්කොම ගොඩනැගිලි එක්කෙනෙක් හදපු ඒවා තමයි. මොකට කියනවද ඒ හරිය! (නි)
අනේ අපිට අපේ ළමයින්ව ගමේ පාසලටවත් දාගන්න බැරිවුණා (නි)
ඕක තමයි වෙන්නේ අප්‍රමාණ බලතල ලැබෙනකොට (නි)
මේක හදලා තියෙන්නේ ආදි ශිෂ්‍යයින්. මේක හරි වැඩක්නේ. ගෙදරක වැසිකිළියක් හැදුවත් ඒකත් හැදුවේ අරයා කියන්න කට්ටිය මෙතන ඉන්නවා. (නි)
මුං කියන බොරුවල හැටියට,තව ටික දවසකින් කියයි බකිංහැම් පැලස්වල ළමයිනුත් හොරට දාලා කියලා,තාම කුණු කන්දල් හෙව්වට මේ කපුටු රෑන කරපු දෙයක් නෑ!(බ)
දින 100 යන්න කලින් තෙමහල් ගොඩනැගිල්ලකුත් හදල විවෘතත් කළා කොතරම් අගනේද. මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියල කතාවක් මට මතක් වුනා (බ)
මේ ආණ්ඩුවේ ඉන්නේ කාක කුලේ අය (බ)
තමන්ගේ බලතල අයුතුලෙස පාවිච්චි කිරීම බොහොම වැරදියි (නි)
මට නම් තේරෙන එක කාරණාවක් නම් රනිල් මහතාගේ දේශපාලන පැවැත්මට වැඩිය ඔහුගේ ප්‍රභූ පවුල් පසුබිම ගැන හීනමානය සමහර දේශපාලන බලවතුන්ගේ සිතේ ඇති බව පෙනෙනවා. රනිල් ගැන දේශපාලන විරුද්ධත්වය ඉක්මවා අර අනෙක් පාර්ශවයේ හීනමානය තමයි මේ දිගට හරහට එල්ල වෙන්නේ. (නි)
ජොහාන් අකිල මහතා අඩු ගානේ ශිෂ්‍යයන්ට ශීලාචාර ලෙස කතා කරනවනේ. සත්තුන්ගේ නම් වලින් ශිෂ්‍ය ප්‍රජාව අමතන්න කවුරුවත් නැති එකටත් කට්ටියට නිකම් මදි කමක් වගේ. (ර)
ජොහාන්... අකිල මහතා අඩු ගානේ ශිෂ්‍යයන්ට ශීලාචාර ලෙස කතා කරනවනේ. පසුගිය රාජ්‍ය සමයේ වගේ සත්තුන්ගේ නම් වලින් ශිෂ්‍ය ප්‍රජාව අමතන්න කවුරුවත් නැති එකටත් කට්ටියට නිකම් මදි කමක් වගේ. (දී)
ඇත්ත තමයි විදූෂ (නි)
බොහෝ කාලයකට පෙර වුවත්, ලංකාවේ මේ මොහොතට ගැළපෙන වැදගත් අදහසක් පවසා තිබේ. ‘බලය දූෂණයට හේතු වේ. අසීමිත බලය අසීමිත දූෂණයට හේතු වේ.’ යනු එය යි. අසීමිත දූෂණයට හේතු වන අසීමිත බලයක් ඇති තැනෙක නියම පුරවැසියාගේ වගකීම වන්නේ එය ‘සීමිත’ කිරීමට හැකි පමණින් දායක වීම යි.(දී)
රටේ නායකයා මෙහෙම කරද්දී අනෙක් අය ගැන මොන කතාද? (නි)
අනේ මන්දා මේ සමහරුන්ගේ අදහස්! (නි)
අසා, අන්තිමට ඔයා වගේ උදවිය රුවන්වැලිසෑය හැදුවෙත් අසවලා කියන තරමට ඇස් අන්ධවෙලා කියලා තේරෙනවා. (නි)
කලින් හිටිය කට්ටිය කළදේවල් ගැන කිය කියා ඉන්නද මේ ආණ්ඩුව පත්කළේ? (නි)
පාසල් වලට විතරක් නෙමේ හැම තැනටම නුසුදුසු අය ගෙනල්ල දමලා හැම ආයතනයක්ම විනාශ කරලයි තියෙන්නේ. හිතාගෙන ඉන්නේ නම් මහා ලොක්කෝ කියල. කට ඇරියොත් පළාතක් විනාශයි. (ර)
ඔය ඔතන ඉන්න පාසල් ටයි පටිය බැඳගෙන ඉන්න බොහෝ දෙනෙකුගේ උපන් ගම කොළඹ නොවේ. පාසල්වලට ඇතුලත් කර ගැනීමේ ඔය ක්‍රමයට මිනිසුන් කැමතියි. ඒකනේ ඡන්දේ දිදී නැවත නැවත පත් කර ගන්නේ. (ර)
රාජකීය විද්‍යාලයට සිසුන් නිත්‍යානුකූලව ඇතුළත් කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? හැමදෙනාම වගේ ව්‍යාජ ලිපි වලින් නේද දරුවාගේ ලිපිනය ඉදිරිපත් කරන්නේ? (නි)
උපන් ගම කොළඹ නොවන උදවිය ශිෂ්‍යත්ව විභාගයෙන් මේ පාසලට එන්න ඇති. (දී)
දේශපාලක ලැයිස්තු වලින් පලවෙනි ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම නිසා ශිෂ්‍යත්ව විභාගය සමත් ළමයින්ට ජනප්‍රිය පාසල් වල ඉඩ කඩ මදි වෙනවා. මේක හරිම අසාධාරනයි. මේ කාරණාව පසුගිය කාලයේ මාද්‍යයේ සඳහන් වුනා. එහෙම ඉඩ කඩ නැතිවූ පාසල් වල නම් පවා ලියවී තිබුනා. (ර)
ඔහොම කිව්වට ඔය යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි එකම වරද. (ර)
ගිහාන්, ඔබ හරි. (ර)
රණසිංහ මේ පාසලේ බොහොමයක් පහසුකම් ආදී සිසුන් එකතු වෙලා සපයන්නේ. (ර)
ලස්සන ළමයින් ටික. ලස්සන පන්ති කාමරය. දකින කෙනෙකුට ඇත්තෙන්ම සතුටක් ඇතිවෙනවා නිසැකය. ශ්‍රි ලංකාවේ පිටිසර පළාත්වල පාසල්වලත් මේවගේ පන්තිකාමරවල මන්දපෝෂණයට ලක් නොවුන මේවගේ ලස්සන දරුවන් දකින්න කවර පාලනයක් යටතේ කවදා දකින්න ලැබේවිද? (ර)
අපේ පුතාගේ පන්තියේ ඉන්නවා නිළියෙකුගේ පුතෙක් එයාගේ සැමියා ආදී සිසුවෙකුත් නෙවෙයි. ස්ථිර පදිංචිය බත්තරමුල්ලෙනුත් එහා. හැබැයි දේශපාලන සම්බන්ධයක් නිසා ළමයා රාජකීය විදුහලේ. මගේ සැමියා ආදී සිසුවෙකු වෙලත් ශිෂ්‍ය නායකයෙකු වෙලාත් දරුවා පාසලට ඇතුළත් කළේ අභියාචනයකින් අනතුරුව මහා යුද්ධයක් කරලා. අර නිළියගේ දරුවා ගැන අම්මා කෙනෙක් විදියට මට අහිතක් හිතන්න බැහැ. නමුත් ඒ දරුවා නිසා අසාධාරණ විදියට තව සුදුසු දරුවෙක් කැපිලා ගියා. (නි)
රාජකීය විද්‍යාලයේ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ගැන මා තුළ අමනාපයක් නැත. අපේ ළමයින්ගේ අධ්‍යාපනය දියුණුවනු දැක්ම මගේ පැතුමයි. නමුත්, මට තිබෙන ප්‍රශ්නය මීටකලින් පුවත්පතක මා දුටුවා ගොඩනැගිල්ලක් නැතුව ගස් යට ඉගෙන ගන්න ළමයි, පිටිසර පළාතක. ඒ ගැන මම කණගාටු වෙමි. (නි)
ඒවා කතා කරලා වැඩක් නැහැ (දී)
කවුරු කොහොම මෙනව කිව්වත් අධ්‍යාපන ඇමතිතුමා ඔය කතාව කියන වෙලාවෙ විවෘත කරපු ගොඩනැගිල්ලත් මහින්දගෙ කාලෙ හදපු එකක් තමයි. ( දී)
සමහරක් සුපිරි දිසා පාමොක්ලා ගොඩ ගැසුව කහවනු පොදි-චීන මහා ප්‍රාකරෙටත් වැඩියි (නදී)
මේ අය රට විනාශ කළ අය බව අපි දනිමු. (අ)
මෙහෙම බලනකොට රටේම සියළු ගොඩනැගිලි හදලා තියෙන්නේ එක් කෙනෙක්නේ! (නි)
ආසා, නොදන්නා දේවල් ගැන කරුණාකරලා කරුණු දැනගෙන චොමෙන්ට් දාන්න. ආදී ශිෂ්‍යන් සම්පුර්ණයෙන් වියදම් කරලා හදපු එකක්. (ර)
සිල්වා ඔබ හරි වියයුත්තේ එයයි ! (ස)
මෙතන තියෙන්නේ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් පසුගිය වසර ගණනාවක් තිස්සේ ස්වේච්ඡාවෙන් හොයපු මුදල්... (නි)