(අජන්ත කුමාර අගලකඩ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට)
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (24) පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රාශියකට සහභාගිවීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ විශේෂ නිල අාරාධනයකට අනුව, අද(23) පස්වරුවේ දිවයිනෙන් පිටත්වන ජනාධිපති සිරිසේන මහතා හෙට පෙරවරුෙව් ඔස්ට්‍රේලියාවට ළඟාවනු අැත.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ළඟාවන ජනාධිපතිවරයා මුලින්ම එරට ජාතික රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඒක්වන අතර සිය රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් එහිදී පැළයක්ද රෝපණය කරනු අැත.
අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ අායතනයේ හා ජාතික සූර්ය බලශක්ති බලාගාරයේ නිරීක්ෂණයකට ද ජනාධිපති සහභාගි වේ.
කැන්බරා නුවර පිහිටි එකම පන්සල වන කම්බාසිටි බෞද්ධ විහාරස්ථානය වැඳපුදා ගැනීමට ඒක්වන ජනාධිපති සිරිසේන මහතා ඉන් අනතුරුව කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලෙය්දී කැන්බරා නගරෙය් වෙසෙන ශ්‍රී ලාංකික හමුවකටද එක්වනු අැත.
තෙදිනක කාලයක් ඔස්ට්‍රේලියාවේ ගතකරන ජනාධිපතිවරයා එරට අගමැති අැතුළු නියෝජිතයින් හමුවීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් හොඳට අන්දලා එවයි.
අනේ ජනාධිපතිතුමනි, ඔබතුමා ඉක්මණින්ම අපේ රටටම ආවනම් හොඳයි...
ඔබතුමා මේ පැත්තෙ නම් ආවේ නෑනෙ තාමත්...
ආපු දවසේ ඉඳලම එක්කෙනෙක් එනකොට අනිත් එක්කෙනා යනවා. කොච්චර කල් ඔය වැඩේ කරන්නද? රටට මොකක් වුණත් කමක් නැහැ. මයි කාර් මයි පෙට්‍රල් වගේ..
මම ඒත් බැලුවා මෙතුමාගේ විදේශ ගමන නිවේදනය කලේ කොහොමද කියලා....
ලංකාවේ විල්පත්තුව වගේද ඕස්ට්‍රේලියාවේ ගස් හිටවන එක... ජනාධිපතිතුමනි?
අගමැති, ජනාධ්පති සහ ඇමති වරුන්ගේ මෙවැනි ගමන් වලින් පස්සේ ලංකාවට ලැබුන ප්රතිලාභ මොනවද කියල නිවේදන නිකුත් කල යුතුයි. මොකද මේවට වියදම් කරන්නේ රටේ සල්ලි නිසා. රටකට ගොස් පැළයක්ද රෝපණය කල පමණින් යමක් වෙන්නේ නැහැ.
හොඳට පාඩම් කරලා ඉංග්‍රීසි පොලිෂ් කරගෙන යන්න... නැත්නම් මාව එක්කරගෙන යන්න.
කැන්බරා වලට විතරක් එන එක හොඳයි... මොකද ශ්‍රී ලාංකිකයින් සුළු ප්‍රමාණයක් ඉන්න නිසා. හැබැයි මෙල්බර්න් වලට එනවා නම් ඔබට යමක් ඉගෙන ගත හැකියි.