විධායක ජනපති ක්‍රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි. එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද යයි.
ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.
ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.
පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති බලතල කප්පාදුව එයි
සමන්ත Monday, 16 March 2015 07:44 AM
රටට ගැලපෙන, ජනතාවාදී දෙයක් කරනවානම් කවුරු උනත් හොඳයි (බ)
ඇසල Monday, 16 March 2015 10:19 AM
ඒක හොදයි.ඉක්මනට ඒ් දේ ක්‍රියත්මක කරන්න.(හේ)