මහින්ද රාජපක්ෂ ජනපති අද බේරුවල ගියේය. අලුත්ගම, ධර්ගා ටවුන්හි ඇතිවූ ගැටුම් ගැන සොයා බැලීමට ජනපති මුලින්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය.
කිසි පුද්ගලයකුට හෝ දේපොළකට හානි කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ජනපති එහිදී ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ද ජනපති පැවසීය.
ජනපතිවරයා බේරුවල දී බෞද්ධ හා මුස්ලිම් පිරිස් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
පරීක්ෂණ පැවැත්වු පසු ඒවායේ වාර්තාත් අපිට දකින්න ලබාදෙන්න (නි)
රැස්වීම් වල තීරණ ක්‍රියාත්මක වෙනහැටි පෙන්වන එක ජනමාධ්‍යයට ඇති වගකීමක්. (නදී)
අද සියලු චෝදනා එල්ල වෙන්නේ එක පැත්තකට පමණයි..එතන විශාල කුමන්තරණයක් තියෙනවා.හාමදුරුවන්ට පහර දීම,බොදුබල සේනාවේ පෙරහැරට පහර දීම වගේ මේ සිදුවීමට හේතු පාදක වුනු ප්‍රධාන සිදුවීම් සියල්ල යට ගිහිල්ල.ගිහිල්ල නෙමෙයි හිතා මතා යවල.ධර්ග ටවුන් වලින් පැට්රුල් බෝම්බ ආයුධ ගබඩා බෝක්කු යටින් හම්බ වෙන්නේ අපි ගෙනිහින් තියල නෙමෙයිනේ..ඔවුන් සුදානම් වුනේ ගැටුමකට.(අ)
ඉතා වැදගත් තීරණයක් (නි)
සමහර අදහස් දකිනවිට සිතේ පහළ වන්නේ සංවේගයකි. (නි)
ඇත්තටම ජනාදිපති තුමෝ එදා අර රැස්වීම නවත්තලා තිබ්බා නම් මේ අපරාදය වෙන්නේ නෑ. මගේ දිස්ත්‍රික්කයේ ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් කතාකරාද? නැවත මෙවැනි දෙයක් නොවෙන්න වැරදි කරපු අය අත්අඩංගුවට ගන්න.(නදී)
ජනාදිපතිතුමා වැඩේ ගානට ශේප් කරලා දමයි. (නදී)
මම නම් කියන්නේ සිංහල මිනිස්සු ඉතාමත්ම හොද මිනිසුන් මුළු ලෝකයෙන්ම මම හොදටම දන්නවා මේ වෙන්නේ මොනවද කියල මට නම් තේරුමක් නැහැ (අ)
මේ සිදුවීමත් සමග පළවුණු ප්‍රතිචාර සදහා විකල්ප අදහස් වලටත් ඉඩක් දෙමු. අපි කවුරුත් ගැටුම් වලට කැමති නැහැ. හැබැයි එ්කට අපි විතරක් කැමැති වෙලා වැඩක් නැහැ. අද සියලු චෝදනා එල්ල වෙන්නේ එක පැත්තකට පමණයි. එතන විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. හාමදුරුවන්ට පහර දීම සහ දෙපැත්ත කල කී දේ හොඳින් සොයා බලා දෙපැත්තේම වැරදි කලවුන්ට දඩුවම් දෙමු (නදී)
මමත් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා අපක්ෂපාති පරික්ෂණයක් තිබ්බොත් ඔක්කොම අමාරුවේ (නදී)
අලුත්ගමදී හිමි නම කල ඒ ආන්දෝලනාත්මක කතාවේදී ජනාධිපති තුමා පත්කළ අධිකරණ ඇමති ගැනත් විවේචනය කලානේ. එතකොට සමහර ඇමැතිතුමන්ලා ගැන විවේචන? ඒවා කිවේ විහිළුවටද? නැත්නම් ඒ විවේචන කලේ ඇත්තටමද? "කඩ ටිකට අබ සරණයි" කියල කිව්වා වගේ. (නදී)
ඔබ නිවැරදි තීරණ ගන්න නායකයෙක් (නි)
දැන් ඔක්කොම ඉවරවෙයි.. පරීක්ෂණ නම් කියක් තිබ්බද. කෝ මොනවද උනේ. තාවකාලික පැලැස්තර. නීතිය ඉස්සෙල්ලා ක්‍රියාත්මත කෙරුවා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ (නදී)
අන්තවාදී සංවිධාන තහනම් කරන්න බැරිනම් පරීක්ෂණ තියල අැති වැඩක් නැහැ. (නදී)
ජනාධිපතිතුමනි, අපේ බලාපොරොත්තු නැතිකරන්න නම් එපා (නි)
තරාතිරම නොබලා රටේ නිතිය හරියට ක්‍රියාත්මක කරන බවට විටින් විට ප්‍රකාශ නිකුත් විය. නමුත්, එය තවමත් එලෙසින් ක්‍රියාත්මක වී නැත. රටේ නිතිය සැමට පොදුවේ ක්‍රියාත්මක වන්නේ නම් මෙම ප්‍රශ්න මතුවන්නේ නැත. (නදී)
අපක්ෂපාතී පරීක්ෂණ , කොමිෂන් වාර්තා , කමිටු වාර්තා වගේ දෙවල් ගැන පැහැදීමක් අපිට නැති එක තමයි තියන ගැටලුව. (නදී)
අන්තවාදී සංවිධාන තහනම් කරනවා නම් ඔය සුළු ජාතික දේශපාලන පක්ෂ ඔක්කොම තහනම් කරන්න වේවි.ඔවුන් පෙනී සිටින්නේ ඔවුන්ගේ වර්ගයා වෙනුවෙන් පමණයි. ඔවුන් ක්‍රියා කරන්නේ කතා කරන්නේ ඔවුන්ගේ වර්ගයා වෙනුවෙන් පමණයි. බොදු බල සේනාව විතරක් මොකද මේ කට්ටියට අන්තවාදීව පෙන්නේ. සිංහලය ගැන බෞද්දය ගැන කතා කරන්නේ ඔවුන් පමණක් නිසාද.?ජනාධිපති තුමනි රැවටෙන්න එපා.හැමෝම හදන්නේ ඔබතුමාගේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිද දමන්න. ඒක බිද ගත්ත දවසට විතරයි ඔබතුමාව ගෙදර යවන්න පුළුවන් කියල කට්ටිය දන්නවා. (අ)
ජනාධිපතිතුමා ඔබ නිවැරදියි (දී)
අපි හැමදාම ස්ථාලේ වහන්නේ අශ්වයා පැන ගියාට පස්සේ (නදී)
ඉතාම හොඳයි (නි)
රතුපස්වල කීයක් මැරුණද? තාම තුවාල ලබපු මිනිස්සු අසරණ වෙලා. තාම ජනාධිපති එහෙනම් ගියේ නැහැ නේද? ඒ මොකද? (නදී)
දැන් ඉතින් මොනවා කරන්නද? නැති උන වටිනා ජීවිත වලට පන දෙන්නද? විනාස උන දේපල නැවත දෙන්නද? අළු වෙලා තියෙන නිවාස අයෙත් හදා දෙන්නද? කරන්න තිබුන දේ තමා මෙවැනි දේ සිදු නොවෙන හැටියට වග බල ගැනීම. (අ)
හොද තීරණයක්. මේවගේ දේවල් අනාගතේදී ඇති නොවෙන්න නියම තීරණ ගන්න කියල ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. (අ)
ලංකා තිලක්, ඔබ ඉතාමත් හොඳ කාරණාවක් පෙන්වා දුන්නා. මේ අපි හැමෝගෙම රටට වින කරන කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා. මේ අය දන්නවා ජනාදිපති තුමාව වට්ටන්න තියන හොඳම විදිය. එතුමාට සිංහල බෞද්ධයන් තුල තියන හෘදයාංගම ලෙන්ගතුකම නැතිකරන එක කියලා. සිංහල මිනිස්සු වගේ මේ අනිකුත් ආගම්වල පුරවැසියනුත් එතුමාට ගොඩක් කැමතීයි. නමුත් මේ මොනදේ කලත් වර්තමාන ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් මේ හැම ආගමකම බහුතරයක් මිනිස්සු ඉතාමත් බුද්දිමත්. (නදී)
මේ වෙලාවේ අපක්ෂපාති පරීක්ෂණයක් කරනවා කියන්නේ වෙනදට පක්ෂපාති පරීක්ෂණද කරන්නේ? (නදී)
ඒක නම් ඉතාම හොඳයි (නි)
ජනාධිපතිතුමා කවදත් ගත්තේ සාධාරණ නිවැරදි පැත්ත (නි)
ලංකා තිලක් මහත්තයාගේ බළලා ඔය පැන්නේ මල්ලෙන් එලියට. මේ රටේ බහුතරය සිංහල බෞද්ධ. නිදහසින් පසු අන්‍ය ආගමිකයෙක් අන්‍ය ජාතිකයෙක් මේ රටේ ප්‍රධාන පුරවැසිය වෙලා නැහැනේ. පොදුවේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ සාමය හා නිතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කරලා ජනතාව මේ ඉන්න ආර්ථික අපහසුතාවයෙන් මිදෙව්වා නම් එතුමාට කිසිම බේදයකින් තොරව චන්දෙ දෙයි. තිලක් මහත්තය කියන ඔය අන්තවාදී දේශපාලන පක්ෂත් දැන් ඉන්නේත් ආණ්ඩුවේම නේද? අර අන්තවාදී කණ්ඩායම ගැන අපට තිබෙන ප්‍රශ්නය තමයි බුද්ධාගමට මේ අය නිසා අපහාසයක් වෙන එක හා සමහර බෞද්ධයන්ව නොමග යැවීම.(නදී)
කොමිසන් ගැන අහල තිත්ත වෙලා තියෙන්නේ. අවසාන ප්‍රතිපලේ පුස්සක්!.(නදී)
කොතරම් නිවැරදි නායකත්වයක්ද? (නි)
මනෝජ් විලේගොඩ, කවුද ඒ මිනිස්සු. ජනාධිපති තුමාට තියන ලෙන්ගතු කම නැතිකරන්න ඒ අය මොනවද කලේ? මිනිස්සු මරල කඩ ගිනි තියපු එකද? නැත්නම් විපක්ෂයේ අය ජාත්‍යන්තරයට කේලම් කියන පරණ තැටියමද? (දී)
අලුත්ගමට යන්නේ නැතේ මොකද? (අ)
වරද කවුරු කළත් වරද්දක්ම තමයි (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවත් ඉක්මණින් අපිට දැනගන්න සළස්වන්න (නි)
අපේ රටට විනකරන බලවේග විනාශ කරන එක හිතන තරම් පහසු වෙන්නේ නැහැ. (නි)
කොහොමද ඡන්ද ගබඩාව බේරගත්ත හැටි. (අ) .
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීම තමයි හොඳ (නි)
මුලින්ම හරිහැටි නීතිය ක්‍රියාත්මක වුණා නම්, මෙපමණ විනාශයක් වෙන්නේ නැතිවෙයි (නි)
නැති වූ ජීවිත සහ දේපල වලටත් යම් සහනයක් දෙන්න (නි)
ජනාධිපතිතුමනි, අපි බලා සිටින්නේ ඔබ දෙසයි. (නි)
ලංකා තිලක්,ඔබ වැනි අය අපේ රටේ සිටීම අපේම අවාසනාවයි. (නි)
අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා නම් බොහොම හොඳයි (නි)
අපිත් බලා සිටින්නේ සාධාරණය ඉටුවෙනතුරුයි (නි)
ඔබතුමායි සැමදා අපේ ජනපති! (නි)
ජනපතිතුමාට ජයවේවා! (නි)
කුසුම් ගැන වෙනසක් හිතෙනවා. ලංකා තිලක් මහත්තයාගේ අදහස්වලට මමත් එකගවෙනවා (නදී)
ඉතාමත්ම අගෙයි (නි)
එතුමාගේ කැපවීම අපි අගය කරමු (නි)
අපි ඒ දිනය පැමිණෙනතුරු ඇඟිලි ගනිමින් බලාසිටිනවා (නි)
මේ රට ඇතුළේ අපි සියලු දෙනාටම එකට එක්ව වාසය කරන්න බැරිතරමට මොකක්ද මිනිසුනේ තිබෙන ප්‍රශ්නය? (නි)
ඔබතුමාට ජය වේවා! තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි! (නි)
ලංකාතිලකගේ අදහස් වලට ගරු කරමි (නදී)
ඔබතුමාට ජයවේවා! (නි)
ජනාධිපතිතුමා කවදාවත් වැරදි පැත්ත ගන්නේ නැහැ. අපි ඒක හොඳටම දන්නවා (නි)
කළුතරට පොලීසි එපා. අපිට හමුදාවම දෙන්න (නි)
ජනපතිතුමා ගන්නේ හරි තීරණ තමයි (නි)
ඔබයි සැබවින්ම අපගේ බලාපොරොත්තුව (නි)
මිනීමැරීම වගේම එයට පෙළඹවීමටත් දඬුවම සමානයි නේද? තරාතිරම නොබලා දඩුවම් දෙන්න. රටම දන්නවා මොනවද වුණේ කියලා. එනිසා, අපිත් බලා ඉන්නේ ඔබතුමා කියූ දේ ඉටුකර රටේ හැම ජන වර්ගයකටම එක හා සමානව සළකන මානව හිතවාදියෙක් යන්න ක්‍රියාවෙන්ම දැකීමටයි (නි)
මෙම ප්‍රශ්නය මෙතරම් දුර ගෙනයාමට ආවේගශීලීව ජනතාව කුපිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
හැමදෙයක් පසුපසම ඇත්තේ අපට නොතේරෙන අපට නොදැනෙන බලවේගයකි (නි)
අපරාදේ! ජීවිත කීයක් නම් මේ නිසා රටට නැතිවුණාද? (නි)
අපේ මිනිසුන්ට ඔක්කොම ටික කාලයයි මතක තියෙන්නේ. (නි)
ජනාධිපතිතුමනි, වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න පරීක්ෂණයක් පවත්වන්න. (නි)
ජනතාව බලා සිටින්නේත් එයයි (නි)
දැන්වත් ඉතින් වැරදි නිවැරදි කර සාමයේ හඩ දසත පතුරුවමු (නි)
මේ කලබගෑනිය ඇති කර ජන ජීවිත අවුල් කිරීමට මුල් වූ කෙනා තමා පළමුව සොයාගන්න ඕනෑ. (නි)
ජීවිත නැතිවෙලා,දේපල හානිවෙලා,රටේ නම කැත වෙලා.... සමාවෙන්න මේ වචන පාවිච්චි කරනවට.මේ ලැජ්ජාවෙන් අපි පළමුව ගැලවිලා ඕනෑ අනිත් දේවල් කරන්න. මෙතන අගතියට පත් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරමු පළමුවෙන්ම. මේ සිද්ධිය නිසා මානව හිමිකම් ප්‍රශ්න වලදී අපේ පැත්තට කතා කළ මිත්‍ර රටවල් පවා දැන් විමතියට පත්වෙලා. (නි)
මෙයයි අපිත් බලාපොරොත්තු වෙන්නේ (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
මනෝජ් ඔලුවෙන් හිටගෙන මොළය බිම තියාගෙනද කොහෙද? හරි. එහෙනම් මේ කලබලය ඇති කළේ කවුද කියලා කියන්නකෝ. (නි)
සියලු දෙනා සමගියෙන් ඉන්න (නි)
විපතට පත්වූවන්ට ඉක්මන් විසඳුමක් ලැබේවි. (නි)
ලංකා තිලක්, මනෝජ් අපි කාටවත් කඩේ ගිහින් වැඩක් නැහැ. ඔයාලා ලියන ඒවට රැවටෙන පිරිසකුත් ඇති.(නදී)
අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන එක ඉතාම හොඳයි (නි)
මනෝජ්, ඔය කතාව කාටවත් කියන්න එපා (නි)
අපිට ඔබ ගැන විශ්වාසයි (නි)